ව්‍යවස්ථා සිදුරක් පෙන්වා ජනාධිපතිවරණය වළක්වා ගැනීමේ තවත් උත්සාහයක් !

Share post:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ

පෙත්සම්කරු සිය පෙත්සමෙන් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කොට, තේරී පත්වන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවීයාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවයි.

එම සංශෝධනය සම්මත කිරීමට නම්, ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණද, එය ජනමත විචාරණයකින් මේ දක්වා සම්මත වී නොමැති බව පෙත්සමේ සඳහන් වේ.

එම සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

එසේ තිබියදී 19 වැනි සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි බව ද ඔහු පවසයි.

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...