‘ඇමරිකානු සිකාරියෝවරුන් සහ ලංකාවේ සමාජය හුරේ දමන පාතාලය’

Share post:

මේ මොහොතේ ලංකාවේ සමාජය දැවැන්ත කැළඹීමකට පත්වෙලා තියෙනවා. සිදුවීම මොකක්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. පාතාලය කියන එක ලංකාවේ කාලාන්තරයක් තිස්සේ දැවැන්ත විදියට කලින් කලට කරළියට එන මාතෘකාවක්. ලංකාවත් නිකං දැන් චි⁣කාගෝවක් වේගෙන යන බව නම් පේනවා. පොලිසිය ⁣චිකාගෝවක් වෙන්න ඉඩ දීලා අල්ලස් ගනිමින් කුඩු බොන අයව අල්ලන මෙහෙයුම් දියත් කරනවා. යුක්තිය වගේ නාට්‍ය පෙන්නමින් යනවා. ඒ අතරේ මහ දවාලේ T56 ස්වංක්‍රීය ගිනි අවිවලින් මිනිස්සු මරනවා. අතිශයින් කෘර මිණීමැරුම්, මිනිස් වධ බන්ධන සහ සමුහ නොමිනිස් ක්‍රියාකාරකම් සිදුවුන රටක් මේක. මම හිතන්නේ ලංකාව දැන් චිකාගෝවටත් වඩා මෙක්සිකෝව වගේ කියලා හිතන්න පොළඹවන්නේ ‘Sicario'(2015) චිත්‍රපටය.

චිත්‍රපටයේ තියෙන තේමාව ලංකාවටත් අතිශය සමීපයි. කුඩු අල්ලන මෙහෙයුම් අතරේ සිද්ධ තුචිජ ගණයේ පාදඩ දේශපාලන ක්‍රමය ගැනත් මේ චිත්‍රපටයේ කියැවෙනවා. මෙක්සිකන් සොනෝරා කියන කුඩු කාටෙල් එකේ පාදඩ රැල වටේ ම ගෝලයෝ දම්මලා හොඳට කුඩු විකුණනවා. ගුවන් පාලම් උඩ මිනී එල්ලනවා. මහජන ආරක්ෂාව කියන නැත්තට නැති කරනවා. හැබැයි මේ විදියට පවුල් අනාථ කරන කුඩු රජ්ජුරුවෝ එහෙමත් නැත්නම් ගොඩ් ෆාදර් තමන්ගේ ගෙදර හරි ලස්සනට – පිළිවෙලට තියන් ඉන්නවා. වයිෆ්ට කෑම කවනවා. ළමයිට හොඳට උගන්නවා. බෙන්ස්, කැඩිලැක්, ⁣ඩිස්කවරි, අවුටිලැන්ඩර් පදිනවා. නයිටි ක්ලබ් තියෙනවා. පවුල් අනාත කරන ව්‍යාපාර කරනවා. අතට ⁣බෙල්ල රත්තරං මුදු, මාල පුරෝගෙන ආතල් ගන්නවා.

මොන දේ කළත් තමන්ගේ හිත දන්නවා තමන් කරන්නේ අනුන්ගේ ජීවිත විනාශ කරලා උපයන පාදඩ මුදල්වලින් මේ ළමයින්ට බත් කටක් හරි කවන්නේ කියලා. අනුන්ගේ ජීවිත විනාශ කරලා පව් හෝදගන්න කියලා බුදුන්ට සාංඝික දානත් දෙනවා. පන්සලුත් යනවා, චෛත්‍යත් හදනවා. ෆේස්බුක් එකේත් රඟනවා. කිසි දෙයක් නොදැන මොනවා වුනත් මනුස්⁣සයෙක්නේ කියලා මැරුනම අනේ අපොයිත් කියනවා.

ඒ කියන්නේ මේ පාදඩයන්ගේ පාපී ජීවිතයේ පැවැත්ම ෆැන්ටසිකරණය කරන්නේ අර බුර්ෂුවා ජීවිතය. සාද දැමීම, ලක්ෂ ගණනක බ්‍රැන්ඩින් අරක්කු බොන එක, ටේබල් මැනස් එක්ක ස්ටේටස් මේන්ටේන් කරන එක. බ්‍රැන්ඩඩ් ඇඳුම්. අමරදේව, මර්වින් පෙරේරාගේ සිංදු අහන එක. සිංදු කියන එක. හොර මැර ප්‍රභුවරයන් එක්ක සාද දානවා, මොඩ් කියන මොනවා හරි ටිකක් එල්ලා ගත්ත ගැහැණු එක්ක පින්තුර ගැනීම වගේ ප්‍රදර්ශනකාමී දේවල් කරනවා. පාතාලය විසින්ම දන්නවා මම සමාජීය අශිෂ්ටයෙක් කියලා. හැබැයි ඒ පව් කරන්නේ අර ෆැන්ටසිකරණය වුනු ශිෂ්ට කියල හඳුන්ව ගත්ත ජීවිතය අත්පත් කර ගන්න.
මේ පාදඩයන් මැරෙන බවත් දන්නවා. හැබැයි ඒ මොහොතේ කාලා බීලා ජොලි කරලා සතුටු වෙනවා. තමන්ගේ චක් ගෝලයින් අතින්, යහළුවන්ගේ අතින් ඝාතනය උනත් කමක් නැහැ. තමන්ට ලස්සන බිරිඳක් සහ ළමයි දෙන්නෙක් ඉන්නවා නම්. වාහන දහයක් පහළොවක් තියෙනවා නම්. ලස්සන ගෙදරක් තියනවා නම්. ලස්සනට ඇඳලා ඉන්නවා නම්. හැබැයි මේ පාදඩයෝ සල්ලි හමිබ කරන්නේ කොහොමද කියලා හැමෝටම පිටට පේන්නේ නෑ. කරන්නේ බිස්නස්. මොන බිස්නස්ද කියලා මේ පාදඩයන්ගේ වටේ කන බොන, එකට ඉන්න අය දන්නේ නැ. වැඩකුත් නෑ. ගිනිඅවි තියාගෙන බිස්නස් කරන නුතන බිස්නස්මන්ලා බිස්නස් කරන විදිය ගැන අපේ අය නිවන් සුව! අනේ අපොයි කියනවා. තව කවිත් ලියන්න.

තමන් ඝාතනය කරපු පවුලක, අනාථ කරපු පවුලක ඉතුරු වෙලා හිටපු සැමියෙක් හරි දරුවෙක් හරි රාක්ෂයෙක් වගේ මතුවෙන්න පුළුවන්. ‘Sicario’ චිත්‍රපටය පෙන්නන්නේ ඒක. ඇලහැන්ඩ්‍රෝ විසින් ෆෙවුස්ටා කියන පාතාලයේ ගොඩි ෆාදර්ට කියනවා මෙන්න මෙහෙම.
‘හැම රාත්‍රියකම උඹේ අතින් කොහේ හරි පවුලක් මිය ඇදෙනවා. නමුත් උඹ ලස්සනට උඹේ පවුල එක්ක රෑ කෑම කනවා’.
මාරයා විදියට වෙස් ගත්ත ඇලහැන්ඩ්‍රො කියන මාරයා එහෙම කියනවා. දැන් ලංකාවේ නිදහස්, ලිබරල්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුර නතර වෙලා තියෙන්නේ මේ වගේ ජීවිත විකුණන ක්ලබ් කරලා මහන්සියෙන් උපයන පාදඩ බිස්නස්කාරයන්ට. ක්‍රීම් විකුණන සෙලිබ්‍රිටිස්ලට. කුඩුකාරයන් එක්ක ගනුදෙනු කරන නළුවන්ට. ඒ අයට විපතක් වුනාම, මළාම කවි ලියන ‘සංස්කෘතික’ තැනක තමයි ලංකාවේ සමාජය තියෙන්නේ. මම නමි එතන නැහැ. ඒ වගේ පාදඩයන්ට අනේ අපොයිත් කියන්නේ නැ. එහෙම කියන්න අවශ්‍යත් නෑ. සිකාරියෝ පුලුවන් නම් බලන්න. සෑහෙන වටින ෆිල්ම් එකක්. වෙලේ ගෙදර සුදාලා, මාකඳුරේ මදුෂ්ලා, කන්ජිපානි ඉම්රාන්ලා, ක්ලබි වසන්තලා, දේශබන්දු තෙන්නකෝන්ලා වගේ අය ගැනත් මේ ෆිල්ම් එකේ ලස්සනට කියනවා.

මලින්ත විතානගේ

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...