යුවාල් නොවා හරාරි රචනා කරන ලද “සේපියන්ලා” කෘතියේ උපාලි රත්නායක විසින් පරිවර්තිත කෘතිය පුරාවටම අවධානයට ලක් කරන්නේ වසර හැත්තෑ දහසකට පමණ පෙර අප්‍රිකාවේ කොනකට වී තමන්ගේ පාඩුවේ උන් නොවැදගත් ‘හෝමෝ සේපියන්ස්’ නම් සත්ත්වයාගේ සිට මෙි මොහොතේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයට ඇබිබැහි වී සිටින හෝමෝ සේපියන්ලාගේ කතාන්දරයයි. “සේපියන්ලා”හරහා පෘථිවිය වෙළාගත් හෝමෝ සේපියන්ස්ගේ මුළු දේශපාලනික, ආර්ථික, ආගමික, පාරිසරික, ඓතිහාසිකමය වපසරිය එක මිටකට ගත් උත්සාහය නමි අතිශයින්ම ප්‍රශස්ත කටයුත්තකි. ප්‍රවාද ගොන්නක් සමඟින් පාඨකයාගේ දෘෂ්ටිවාදය පිළිබඳ විනිශ්චයක් “සේපියන්ලා” තුළින් ලබා දෙයි. “සේපියන්ලා” යනු පෘථිවි තලයේ ඇති ජීවන වපසරියන් පිළිබඳ අලුත් ජනසමාජයක් සහ නව පරම්පරාවක් වෙත හඳුන්වා දෙන්නට අනාගතයට ඉතිරි කරන මහානර්ඝ නිර්මාණයකි. සර්වකාලීන මානවවංශ ලේඛනයකි.
කෘතිය ආරම්භවනුයේ නියැන්ඩර්තාල් මානවයාගේ සහ හෝමෝ සේපියන්ස් ප්‍රාරමිභයෙනි. සත්ත්ව සංහතියේ මානව පරිණාමය ආරම්භයේ දී, මානවයා තම දිවිය රැකගන්නට සහ ජීවිතය ඉදිරියට ගෙන යාමට ගත් උත්සාහය පිළිබඳ කෘතිය තුළින් අනාවරණය කරයි. අනතුරුව දේශදේශාන්තරවල පිහිටි විවිධ ආගම්වල දෛනික ක්‍රියාකාරී ස්වරෑපයන් සහ සංස්කෘතීන් හරාරිගේ පෑන් තුඩට හසු වෙයි. ආගමික, සංස්කෘතික, සම්ප්‍රදායන් බිහි වීම ගෝත්‍රිකයන්ගේ චාරිත්‍රයන් හා සම්ප්‍රදායන් තුළින් ජන විවිධත්වය පිළිබඳ ප්‍රවාද ස්වරූපයෙන් සරලව ගොනු කරන්නට හරාරි සමත් වී ඇත. දඩයම් සමාජය ක්‍රමයෙන් විතැන්ව ග්‍රාමීයකරණය වීම සහ අනතුරුව විසල් නාගරීක ජනාවාස බවට පත්වීම නිරෑපණය වෙයි. කෘෂිකාර්මික විප්ලවයත් සමඟ පැමිණි සංජානන විප්ලවය, කාර්මික විප්ලවය, බුද්ධිමය විප්ලවය මේ සිවි ආකාරයේ ස්වරූපය හරාරි කෘතිය තුළ කේන්ද්‍ර කර ගනී. මිනිස්සු ඒකාකාරී වීම, බඩගින්න වෙනුවෙන් කරන තරඟකාරිත්වය කෘතියේ ඉදිරි දර්ශනයන් තුළට ගෙන යනවා.
කෘතිය තුළ වටිනා අපුරු කියමනක් හරාරි විසින් අපට කියයි.ඒ ‘අපට එරෙහිව ඔවුන්’ පිළිබඳ සංකල්පය පිළිබඳවයි.
“සේපියන්ස්ලා ඉවෙන් මෙන් මනුෂ්‍ය වර්ගය කොටස් දෙකකට බෙදූහ. එනමි, ‘අප’ සහ ‘ඔවුන්’ යනුවෙනි. ‘අප’ යනු ඔබ හා මා මෙන් අපගේ භාෂාව, ජාතිය, ආගම සහ සිරිත් විරිත් බෙදා ගන්නා මිනිසුන් ය. අප එකනෙකා වෙනුවෙන් වග කිව යුතු නමුත්, ‘ඔවුන්’ වෙනුවෙන් වග කිව යුතු නැත. ඔවුන් කිසිවෙකු අපගේ භූමිය තුළ සිටිනු දැකීම අපගේ කැමැත්ත නොවෙි. එසේම ඔවුන්ගේ භුමියට කුමක් සිදු වුවද අපි එය තඹයකටවත් අගය නොකරමු. අපේ නොවන අනෙකා සියල්ල සතුරෝ වූහ……..බොහෝ සමාජ දේශපාලනික ධූරාවලීන් තුළ තාර්කික බවක් හෝ ජීව විද්‍යාත්මක පදනමක් නැත. ඒවා වනාහි මිථ්‍යාවන්ගේ සහාය ලද අහඹු සිදුවීමි ක්‍රියාවට නැඟීමක් විනා අනෙකක් නොවෙි…..”(පිටුව 231)
මෙි අපුරු විශ්වකෝෂ සාහිත්‍යාලංකාර සංචාරය තුළ ජන විවිධත්වය සමඟ බැඳුණ හෝමෝ සේපියන්ස්ගේ අතීත හා වර්තමාන වතගොත චමත්කාර ය. හෝමෝ සේපියන්ස් මානවයාගේ අතීතයේ කියුමි කෙරුමි ද, ඓතිහාසික කතන්දර සියුම් උපහාසය දනවයි. මංජුල කල්දේරාගේ ‘සේපියන්ස්’ කෘතිය මීට පෙර කියවා තිබුණි. පසුව ‘සේපියන්ස්’ කෘතියේ නවමු පරිවර්තනය වන ‘සේපියන්ලා’ කෘතිය නැවත වරක් කියවන්නට සිතුණි. පරිවර්තනය ප්‍රශස්ත යැයි හැඟේ. අති සරල භාෂා රටාවකින් සුපැහැදි වූ පරිවර්තනයකි. විශිෂ්ට පරිවර්තන කාර්යය නිසාම සහ යොදාගෙන ඇති අපුරු වු බස්වහර නිසාම කෘතියේ වටිනාකම වැඩි කරයි.
අපි හබල් ඔරුවේ සිට සාගරය පරදන විසල් නැව්, සබිමෑරින හරහා ඈත ග්‍රහලෝක සොයා යන අභ්‍යවකාශ යාත්‍රා තෙක් දියුණු වී ඇත්තෙමු. එහෙත් අපි කොයිබකට යන්නේ දැයි කිසිවකුත් දන්නේ නැත. අපි අන් කවරදාටත් වඩා බලසම්පන්න වී ඇත්තෙමු. එහෙත් මේ බලයෙන් කුමක් කළ යුතු දැයි යන්න ගැන අප හට ඇත්තේ ඉතා සුළු අදහසකි. එහෙත් වඩාත් දරුණුම දේ නම් අප අන් කවරදාකටත් වඩා වගකීම් විරහිත වී තිබීමයි. දෙවියන් බවට අප විසින්ම පත් කරන ලද අප හා සබැඳිව ඇත්තේ භෞතික විද්‍යාවේ නියමයන් පමණකි. අප කිසිවකුටවත් වග නොකියන්නෙමු. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් අපි අපගේ සහෝදර ජීවීන් මත මෙන්ම අවට ඇති පරිසර පද්ධතිය මතද අතිමහත් විනාශයක් පතිත කරවමින් අප අත්විඳිනා සැප පහසුවට හා ප්‍රමෝදයට වඩා බිඳක් හෝ වැඩිපුර සොයන්නෙමු. එහෙත් කිසිදු දිනෙක සෑහීමකට පත් නොවන්නෙමු. තමනට අවශ්‍ය කුමක්දැයි නොදන්නා අතෘප්තියට පත් වගකීම් විරහිත දෙවිවරුනට වඩා භයානක අන් කවර නම් සත්වයෙක් වේද?
අපි කවුරැද? අපි ආවෙි කොයිබින්ද? අපි යන්නේ කොයිබින්ද? මෙි තෙයාකාරි ප්‍රශ්නයන්ට “සේපියන්ලා” කෘතිය හරහා පිළිතුරු ලැබෙනු ඇත. “සේපියන්ලා” ආලෝකය විහිදුවන කෘතියකි. උත්තේජනීය ය. එලෙසින්ම රසවත් ය. ලංකාවෙි බහුතරයකගේ ඔළු තිබෙන්නේ බෙල්ලේ පාලුවට ය. රාවණා වැනි අති ප්‍රබන්ධ වූ මිථ්‍යාවන් පසුපස හඹායයි. සිංහලයේ ශුද්ධ ජාන සොයා යති. මිථ්‍යාවන් පසුපස නිරර්ථක ගමනකි. මෙි සියළු මිථ්‍යාවන්ට ‘සේපියන්ලා’ කෘතිය පිළිතුරු සපයයි “සේපියන්ලා” යනු ලෝකය දෙස අලුත් ඇහැකින් බලන්නට සහ ඔළුව හදාගන්න හොඳ කෘතියකි. සැවොම කියවිය යුතුම කෘතියකි.