‘රාවය පුවත්පත’ පළකිරීමට අදාළ නියෝග රැසක් ගල්කිස්ස දිසා අධිකරණයෙන් !

Share post:

රාවය (ගරන්ටී) පෞද්ගලික සමාගමට අයත් දේපළ විකිණීම, පවරාදීම, කුලියට හෝ බද්දට දීම, කඩා බිඳ දැමීම, එහි යන්ත්‍ර සහ වෑද්දුම් ඉවත් කිරීමට සහ පුවත්පත පළනොකර සිටීමට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණය මගින් විධානාත්මක වාරණ ආඥා නොතීසියක් සමග තහනම් කිහිපයක් සහ වාරණ ආඥා කිහිපයක් ද නිකුත් කර තිබේ.

පැමිණිලිකරුවන් 13 දෙනෙකු විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බැලූ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

රාවයට මුදල් අයෝජනය කළ පුද්ගලයන් 479ක පිරිස දැනුවත් නොකර, සභාපති සහ රාවය ආරම්භක කර්තෘ වික්ටර් අයිවන් විසින් තම බෑනා සහ මස්සිනා අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කරගනිමින්, පොදු මුදල් මත ගොඩනැගුණු රාවය දේපළ විකුණා දැමීමේ සහ මුදල් ලබාගැනීමේ ක්‍රියාවලියක්  රහසේම සැලසුම් කර ඇති බවද නඩුවේ කරුණු අතර ඉදිරිපත් විය.

ඒ බව සනාථ කිරීමට රාවය මුද්‍රණාලය හා කාර්යාලය ඉබි යතුරු දමා පුවත්පත් කාර්‍යාලය “විකිණීමට තිබේ” යනුවෙන් ප්‍රදර්ශනය කළ බැනර් හා පෝස්ටර් ද  පැමිණිල්ල සමග ඉදිරිපත් කරන ලදී.

මුදල් ආයෝජනය කළ පිරිස වෙනුවෙන් පුවත්පත දිගටම පවත්වාගෙන යාමේ අනුමත භාරය වික්ටර් අයිවන් විසින් හිතාමතාම නොසලකා හැර එම දේපළ විකිණීමට හේතුවක් නැති බවත් රාවය පුවත්පත සෑම කල්හිදීම පාඩු නොලැබූ හා ලාභ පිට පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් බවත් මෙහිදී පෙන්වා දෙන ලදී.

උක්ත සියලු කරුණු හා ඉදිරිපත් කළ ලේඛන සහ දේශන සලකා බලා අධිකරණය, රාවය සභාපති වික්ටර් අයිවන් හා අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙම අත්තනෝමතික ක්‍රියා කිරීම් ගණනාවක් සම්බන්ධයෙන් වාරණ ආඥා, ඉන්ජන්ක්ෂන් නොතීසි හා විධානාත්මක ඉන්ක්ජන්ක්ෂන් නොතීසි නිකුත් කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයට අතිරේකව රාවය  කර්තෘ විමලනාත්  වීරරත්නට ද මෙම නඩුවේ 7 වන විත්තිකරු ලෙස තහනම් ආඥා නිකුත් කර ඇත.
මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් සුධර්මා කේ. ගමගේගේ උපදෙස් මත  නීතිඥ මනෝජ් සංජීව පෙනීසිටියේය.

Related articles

ඩිල්ශානි චතුරිකා දාබරේගේ – ‘මව්වත් හදවත්’

මිග්‍රේන් කඳු පුපුරලා ඔළුව පුරා වේදනාවෙ කියත් ඒ මේ අතට හැරෙද්දි පැනඩෝල් පෙත්තකට එහා ගිය සහනයක් ගෙනල්ලා දෙන්න...

බානුගේ කතා ආවෙ කොතැනින්ද? – Heart Lamp ගැන නිරීක්ෂණ කිහිපයක්

බානු මුෂ්ටාක් කර්නාටක වැසි, කන්නඩ සුහුරු ලේඛිකාවක්. බානුගේ දෙපා තිබුණේ, භූගෝලීය වශයෙනුත් සාහිත්‍යයික වශයෙනුත් විචිත්‍ර බිමක වුණත් ඇය...

රසිකා, මායාකාර කිවිඳියක්

කවියෙ හි ජීවය ලෙස සලකන්නේ එහි උපයුක්ත බස. කවිය ඍජු ලෙස නැගී සිටින්නාවූ සැකිල්ල වන්නේ එහි ආකෘතිය. නමුත්...

‘ඊස්ට්‍රජන්’ – සුරේඛා සමරසේන

ස්ත්‍රී ආශාව විවිධ අවස්ථාවල, විවිධ පරිසරයන් හා විවිධ සමාජ පංති තුළ වර නැගෙනුයේ එකම ආකාරයට නොවේ. එහෙත් එය...