‘රාවය පුවත්පත’ පළකිරීමට අදාළ නියෝග රැසක් ගල්කිස්ස දිසා අධිකරණයෙන් !

Share post:

රාවය (ගරන්ටී) පෞද්ගලික සමාගමට අයත් දේපළ විකිණීම, පවරාදීම, කුලියට හෝ බද්දට දීම, කඩා බිඳ දැමීම, එහි යන්ත්‍ර සහ වෑද්දුම් ඉවත් කිරීමට සහ පුවත්පත පළනොකර සිටීමට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණය මගින් විධානාත්මක වාරණ ආඥා නොතීසියක් සමග තහනම් කිහිපයක් සහ වාරණ ආඥා කිහිපයක් ද නිකුත් කර තිබේ.

පැමිණිලිකරුවන් 13 දෙනෙකු විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බැලූ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

රාවයට මුදල් අයෝජනය කළ පුද්ගලයන් 479ක පිරිස දැනුවත් නොකර, සභාපති සහ රාවය ආරම්භක කර්තෘ වික්ටර් අයිවන් විසින් තම බෑනා සහ මස්සිනා අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කරගනිමින්, පොදු මුදල් මත ගොඩනැගුණු රාවය දේපළ විකුණා දැමීමේ සහ මුදල් ලබාගැනීමේ ක්‍රියාවලියක්  රහසේම සැලසුම් කර ඇති බවද නඩුවේ කරුණු අතර ඉදිරිපත් විය.

ඒ බව සනාථ කිරීමට රාවය මුද්‍රණාලය හා කාර්යාලය ඉබි යතුරු දමා පුවත්පත් කාර්‍යාලය “විකිණීමට තිබේ” යනුවෙන් ප්‍රදර්ශනය කළ බැනර් හා පෝස්ටර් ද  පැමිණිල්ල සමග ඉදිරිපත් කරන ලදී.

මුදල් ආයෝජනය කළ පිරිස වෙනුවෙන් පුවත්පත දිගටම පවත්වාගෙන යාමේ අනුමත භාරය වික්ටර් අයිවන් විසින් හිතාමතාම නොසලකා හැර එම දේපළ විකිණීමට හේතුවක් නැති බවත් රාවය පුවත්පත සෑම කල්හිදීම පාඩු නොලැබූ හා ලාභ පිට පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් බවත් මෙහිදී පෙන්වා දෙන ලදී.

උක්ත සියලු කරුණු හා ඉදිරිපත් කළ ලේඛන සහ දේශන සලකා බලා අධිකරණය, රාවය සභාපති වික්ටර් අයිවන් හා අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙම අත්තනෝමතික ක්‍රියා කිරීම් ගණනාවක් සම්බන්ධයෙන් වාරණ ආඥා, ඉන්ජන්ක්ෂන් නොතීසි හා විධානාත්මක ඉන්ක්ජන්ක්ෂන් නොතීසි නිකුත් කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයට අතිරේකව රාවය  කර්තෘ විමලනාත්  වීරරත්නට ද මෙම නඩුවේ 7 වන විත්තිකරු ලෙස තහනම් ආඥා නිකුත් කර ඇත.
මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් සුධර්මා කේ. ගමගේගේ උපදෙස් මත  නීතිඥ මනෝජ් සංජීව පෙනීසිටියේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...