රඹුක්වැල්ල පවුලේ රු. කෝටි 9ක ගිණුම් 16ක් කොළඹ මහාධිකරණයෙන් අත්හිටුවයි !

Share post:

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් අත්හිටුවීමට අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුව කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

එලෙස අත්හිටුවීමට ලක්කළ ස්ථාවර තැන්පතු ගිණුම් සහ රක්ෂණ ඔප්පුවල වටිනාකම රු. මිලියන 93.125 කි.

ඒ අනුව කෙහෙළියගේ සහකරු හෝ සහකාරිය, දියණියන් තිදෙනකු සහ බෑණාගේ ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් දින හතක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රඹුක්වැල්ල මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව, 42 වැනි වගන්තිය යටතේ සිදුකෙරෙන විමර්ශනයේ කොටසක් ලෙස, සහකරු හෝ සහකාරිය, පවුලේ සාමාජිකයන් හෝ වෙනත් ඕනෑම පුද්ගලයකු සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම අත්හිටුවීමේ නියෝගය ලබාගෙන ඇත.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...