2029 බක් මාසෙ 13 වැනිදා අමුත්තෙක් පෘථිවියට ප්‍රාතීර්භූත වෙන්න නියමිතයි

Share post:

තව අවුරුදු 5කින් සිංහල අලුත් අවුරුද්දට කදිම නැකතක් එළඹෙනවා. හරියටම 2029 බක් මාසෙ 13 වැනිදා සිකුරාදා දවසක්. එදාට සූර්යයා මීන රාශියෙන් මේස රාශියට මාරු වෙද්දි තවත් අමුත්තෙක් පෘථිවියට ප්‍රාතීර්භූත වෙන්න නියමිතයි.

අමුත්තාගෙ නම Apophis. එයා ඇස්ටරොයිඩයක්. ප්‍රමාණයෙන් ෆුට්බෝල් පිට්ටනි 5ක වගේ ලොකු සයිස් එකක්. මීටර් 375ක් දිගයි. සූර්යයා වටා කැරකෙන අභ්‍යවකාශ පාෂාණ 90% ක් විතර ප්‍රමාණයෙන් මීට වඩා පොඩියි.

මෙයා අපේ ග්‍රහලෝකයට කොච්චර ළඟින් යනවාද කිව්වොත් සැතපුම් 20000ක් පමණ ඉහලින් තමයි මේ ඇස්ටරොයිඩ් එකේ ගමන් මාර්ගය හෙවත් කක්ෂය වැටිල තියෙන්නේ. පෘථිවියේ ඉඳන් චන්ද්‍රයාට ඇති දුරත් මේ වගේ 10 ගුණයක්. උඩුගුවනේ රඳවා ඇති චන්ද්‍රිකාවලටත් පහළින් අත්ලාන්තික් සාගරයට ඉහළින් මේ විශාල ඇස්ටරොයිඩය ගමන් කිරීමට නියමිතයි.

අපේ ජීව්ත කාලය තුළ විතරක් නෙවෙයි මානව ඉතිහාසයෙත් මේ තරම් විශාල ඇස්ටරොයිඩයක් මෙහෙම මූණට මූණ හම්බ වෙලා නැහැ. කරදරයක් නොකර පිටපාරෙන් ගියොත් අපට මෙයා අතවනාගෙන ඈතින් යන හැටි බලන්නත් පුළුවන්. යුරෝපයට, අප්‍රිකාවට හා බටහිර ආසියාවට තරුවක් පාවෙනවා වගේ මේක පේන්න නියමිතයි.

මෙයා අපේ කණ ගාවින්ම මාරු වෙයිද එහෙම නැත්නම් අපිව සිප වැළඳ ගන්න එයිද කියන එක ගැන NASA ආයතනය සෙවිල්ලෙන් ඉන්නේ. පොලව හා ගැටීමේ සම්භාවිතාවය 2.7%ක් කියනවා.ඒක එසේ මෙසේ අවදානමක් නෙවෙයි. ඒත් අලුත්ම තක්සේරුවට අනුව මෙයා පිටපාරෙන්ම යන බව කියවෙනවා.

2004 අවුරුද්දේදි මේක මුලින්ම සොයා ගත්ත වෙලාවෙ තමයි Apophis කියන නම දැම්මේ. Apophis කියන්නෙ පුරාණ ඊජිත්තු මිත්‍යා කථාවල එන සර්පයෙකුගේ හැඩය ගත් යක්ෂයෙක්. ඔහු හිරු දෙවියන්ගේ සතුරා. සෑම රාත්‍රියකම Apophis ලෝකයේ ආධිපත්‍යය දැරුවා. හැම උදෑසනකම හිරු දෙවියන්ට පැරදුනත් ඔහු ලෝකය මත සදාකාලික අන්ධකාරය ගෙන ඒමට උත්සාහ කළා. මේ නිසා Apophis විනාශයට අධිපති යක්ෂයා ලෙස හැඳින්වුණා.

මීට අවුරුදු මිලියන ගණනකට කලින් මිහිමත ජීවත් වූ ඩයිනෝසරයන් ඇතුළු ජිවී විශේෂවලින් 70% පමණ විනාශ වූ ඇස්ටරොයිඩය සැතපුම් 7ක් විතර පළලයි. ඒත් එක්ක බලද්දි Apophis පොඩියි. ඒත් මේක පෘථිවියේ ගැටුනොත් සෙල්ලම් නෑ. දිල්ලියට වැටුනොත් ලංකාවත් ඉවරයි. බොහෝ විට මහාද්වීපයකම මිනිස් ශිෂ්ඨාචාරය අතුරුදහන් වේවි. න්‍යෂ්ටික පිපිරුමකට වඩා සිය ගුණයකට වැඩි පිපිරුමක් සිද්ධ වේවි. මෙයා එන්නෙත් තත්පරයට කිලෝ මීටර් 30ක වේගයෙන්.

2029 දි පිට පාරෙන් ගියත් ආයෙත් 2036 දිත් Apophis පෘථිවිය ළඟින් යෑමට නියමිතයි. හැබැයි ඒ මෙච්චරම ළඟින් නෙවෙයි. සැතපුම් මිලියන 5.2ක් දුරින්.

ශානක ලියනගම (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...