ජනප්‍රිය ලේඛිකා හීතර් මොරිස්ගේ නවතම නවකතාව

Share post:

නවසීලන්ත ජාතික හීතර් මොරිස් ( Heather Morris / B 1953 ) වර්තමානයේ ලොව අතිශයින්ම ජනාදරයට හා ලොව වටා ඉහළම පාඨක ප්‍රජාවක් හිමිකර ගත් ලේඛිකාවක් වන්නේ ය. ඇය විසින් රචිත The Tattooist of Auschwitz – 2017 නවකතාව ලොව ඉහළම පාඨක ප්‍රසාදයකට පත්ව එහි පිටපත් මිලියන ගණනාවක් ලොවපුරා උණු-කැවුම් මෙන් වීකීණී ගියේ ය,. එසේම එම නවකතාව සිංහල භාෂාවට ( අවුක්ෂ්විට්හි පච්ච කොටන්නා – 2021 ) ඇතුළුව ලොව විවිධ භාෂාවන් තිහකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඉංග්‍රීසි භාෂාවෙන් පොතපත පරිශීලනය නොකරන විශ්ව පාඨක ප්‍රජාව අතට පත්වූයේ ය .

තවත් ආකාරයකින් මැය හදුන්වාදූන්නේ නම් යුදෙව් සංහාර සාහිත්‍යයේ ( Holocaust Literature ) වර්තමානයේ ලොව සිටින ඉහළම ජනප්‍රියත්වයකට හා පාඨක ප්‍රසාදයක් හිමිකරගත් ලේඛිකාව වන්නේ ය .

මැය විසින් රචිත නවතම නවකතාව වනුයේ Sisters Under the Rising Sun ය .
එය 2023 සැප්තැම්බර් මස 26 වැනිදින ලන්ඩන් නගරයි දී ප්‍රකාශයට පත්කරන ලදි.

විවරණය

දෙවැනි ලෝක යුද්ධය ( WWII / 1938 – 1945 ) සමයේ දී ජර්මානු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර්ගේ ( Adolf Hitler 1889 – 1945 ) හමුදාව ( Nazi Army ) විසින් 1939 මාර්තු මස 12 වැනිදින පෝලන්තය ?? ආක්‍රමණය කරන ලදි. ඉක්බිතිව කාලයාගේ ඇවෑමෙන් එහි අවුට්විට්ෂ් පලාතේ පිහිටුවන ලද අවුට්විට්ෂ් වදක කඳවුර ( Auschwitz / Concentration camp in Oświęcim : Poland ) වූ කලී ලොව මානව ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ දරුණුතම මිනිස් ඝාතන කඳවුවුරක් වන්නේ ය . මෙම කඳවුරට ඇතුළුවන ප්‍රධාන දොරටුවට ඉහළින් “වැඩ කිරීම යහපත් දිවියකට මගයි” යනුවෙන් යකඩ අකුරින් ගැසූ පුවරුවක් ඇත්තේ ය . මෙහි ඇතුළුවූවන්ගෙන් දිවි රැකගෙන පිටත ලෝකයට පැමිණියේ ඉතා අතලොස්සකට පමණි.”අනාථ කඳවුරු” නමින් ලොවට හැදින්වූවත් හතරවටින් අධි-විදුලි රැහැන් සහිත කටුකම්බි ගැසූ වැටවල්වල් සහිත මෙහි යුරෝපයේ දිවිගෙවූ අහිංසක යුදෙව්වන් අමු-අමුවේ ගැස් කාමරවලට දමා ඝාතනන කොට ඉක්බිතිව පුලුස්සා දමන ලද අති-භියංකර හා අති අමානුෂික ඝාතන කඳවුරක් වන්නේ ය.

වර්තමානයේ ලොව දසත සංචාරයන් අවුට්විට්ෂ් වදක කඳවුර නැරඹීමට ඇඳී එන්නේ මෙහිදී ඝාතනයට ලක්වූ තම අතීත ඥාතින්ට ගෞර කරනු පිණිසත්
එදා මියගිය ලකෂ-සංඛ්‍යාව අහිංසක යුදෙව් ජනතාවට නෙතින් කඳුලක් හෙළා ගෞරව කිරීමටත් පිණිස යැ .

මෙන්න .. මෙම අවුට්විට්ෂ් වදක කඳවුරේ එදා සිදුවූ ඉතා අනුවේදනීය කතාපුවත් නැවත ප්‍රති-නිර්මණය කරමින් නවකතා රචනා කිරීම මැයගේ ලේඛන කලාවේ සුවිශේෂීත්වය වන්නේ ය .

ඒ අනුව එදාමෙදාතුර මැය විසින් රචිත The Tattooist of Auschwitz – 2017 / Cilka’ s Journey – 2019 / Three Sisters – 2021
ඉතා අනුවේදනීය වූ නවකතා ඉහත සදහන් මාතෘකාව කදිම උදාහරණ වේ.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

අවුට්විට්ෂ් වදක කඳවුර ප්‍රධාන පිවිසුම

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...