අමුතු තනතීරු

Share post:

ලෝක කුසලානයට ලබා දී තිබෙන තනතීරු කියවා ගැනීමට අපහසු බවට චරිත් අසලංක කියූ කතාව ඇත්ත.
ඇමෙරිකාවේ අලුතෙන් සාදා තිබෙන මේ තනතීරු, ලොව සෙසු ක්‍රිකට් තනතීරු වලින් වෙනස්.
ලොව වෙනත් ඕනෑම රටක තනතීරු ඒකාකාරියි.
එක්කො ඒවා පැතලියි. පන්දුව පිත්තටම එනවා. ලකුණු ගැනීම පහසුයි.
ඇතැම් තනතීරු වල තෘණ ස්වභාවය වැඩියි. එවිට ඒවායේ වැඩි දෝලනයක් සහ ඉපිලීමක් තිබෙනවා.
තවත් තනතීරු වල ඉරි තැලීම් තිබෙනවා. ඒවා දඟ පන්දු යවන්නන්ට උචිතයි.
ඇතැම් විටෙක ඒ කඩතොලු පින්න සමග යළිත් එක් වී පිතිකරුවන්ට උචිත තත්ත්ව නිර්මාණය කළ හැකියි.
ඒ කුමන ආකාරයේ තනතීරු වූවත්, ඒවායේ හැසිරීම පිළිබඳව නිශ්චිත අදහසක් තරගයකට පෙර සිටම ක්‍රීඩකයන්ට තිබෙනවා.
නමුත් ලෝක කුසලානය ක්‍රීඩා කරන මේ තනතීරු වෙනස්.
මේ තනතීරු වල එක්වරම පන්දුව දඟ කැවීමට ගන්නවා.
එක්වරම පන්දුව දෝලනය වෙනවා. එක්වරම පන්දුව ඉපිලෙනවා.
මේ තනතීරු වල තත්ත්වයන් ක්ෂණයෙන් වෙනස් වෙනවා
මෑතක පැවැති තරග බැලුවොත් ලකුණු 80 – 110 සීමාවේ කඩුලු පහ, හයක් බිඳ වැටීම සුලභ දසුනක් වුණා.
මේ සමාන්‍ය ක්‍රිකට් තනතීරු වලට වඩා වෙනස් තත්ත්වයක්.
මෙවැනි තනතීරු ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමට උචිත නොවන බවට කිසිඳු සැකයක් නැහැ.
ඒ අර්ථයෙන් බලනවිට මේ අසාර්ථක ලෝක කුසලානයක්.
ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ ප්‍රචාරය කළ යුතු වූවත්, ප්‍රධාන ICC තරගාවලියක මූලික ක්‍රීඩා තත්ත්වයන් හෝ නඩත්තු කළ නොහැකි නම් එය අසාර්ථකයි.
නමුත් එය කිසිසේත්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ලැජ්ජා සහගත පරාජයන්ට නිදහසට කරුණක් ද නොවෙයි.
බංග්ලාදේශ තරගය වුනත් ශ්‍රී ලංකාව අතහැරියේ දසුන් ශානක යැවූ ෆුල්ටොස් පන්දුවකින්.
එය තනතීරුවේ පතිත කර යැව්වා නම් කුමක් හෝ වෙනසක් සිදුවීමට පවා ඉඩ තිබුණා.
තරගයක අවසන් භාගයේ මෙවැනි තනතීරුවක ලකුණු හතරක්, පහක් වුනත් පහසු ලකුණක් නොවෙයි.
ඊයේ පැවැති ඉන්දු – පාකිස්තාන තරගයේ දී එය පැහැදිලි වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාශයට කිසිඳු නිදහසට කරුණක් කිව නොහැකියි.
එය හුදෙක්ම ඔවුන්ගේ වැරදි තීරණ, වගකීම් විරහිතභාවය සහ කුසලතා හිඟකමේ පරාජයක්.
නමුත් අවම වශයෙන් නිවැරදි තනතීරු හෝ ලෝක කුසලානයට සපයා තිබුණා නම්, ලෝක කුසලානය මීට වඩා බොහෝ උද්වේගකර එකක් වීමට තිබුණා.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

        2024. 06. 10

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...