අමුතු තනතීරු

Share post:

ලෝක කුසලානයට ලබා දී තිබෙන තනතීරු කියවා ගැනීමට අපහසු බවට චරිත් අසලංක කියූ කතාව ඇත්ත.
ඇමෙරිකාවේ අලුතෙන් සාදා තිබෙන මේ තනතීරු, ලොව සෙසු ක්‍රිකට් තනතීරු වලින් වෙනස්.
ලොව වෙනත් ඕනෑම රටක තනතීරු ඒකාකාරියි.
එක්කො ඒවා පැතලියි. පන්දුව පිත්තටම එනවා. ලකුණු ගැනීම පහසුයි.
ඇතැම් තනතීරු වල තෘණ ස්වභාවය වැඩියි. එවිට ඒවායේ වැඩි දෝලනයක් සහ ඉපිලීමක් තිබෙනවා.
තවත් තනතීරු වල ඉරි තැලීම් තිබෙනවා. ඒවා දඟ පන්දු යවන්නන්ට උචිතයි.
ඇතැම් විටෙක ඒ කඩතොලු පින්න සමග යළිත් එක් වී පිතිකරුවන්ට උචිත තත්ත්ව නිර්මාණය කළ හැකියි.
ඒ කුමන ආකාරයේ තනතීරු වූවත්, ඒවායේ හැසිරීම පිළිබඳව නිශ්චිත අදහසක් තරගයකට පෙර සිටම ක්‍රීඩකයන්ට තිබෙනවා.
නමුත් ලෝක කුසලානය ක්‍රීඩා කරන මේ තනතීරු වෙනස්.
මේ තනතීරු වල එක්වරම පන්දුව දඟ කැවීමට ගන්නවා.
එක්වරම පන්දුව දෝලනය වෙනවා. එක්වරම පන්දුව ඉපිලෙනවා.
මේ තනතීරු වල තත්ත්වයන් ක්ෂණයෙන් වෙනස් වෙනවා
මෑතක පැවැති තරග බැලුවොත් ලකුණු 80 – 110 සීමාවේ කඩුලු පහ, හයක් බිඳ වැටීම සුලභ දසුනක් වුණා.
මේ සමාන්‍ය ක්‍රිකට් තනතීරු වලට වඩා වෙනස් තත්ත්වයක්.
මෙවැනි තනතීරු ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමට උචිත නොවන බවට කිසිඳු සැකයක් නැහැ.
ඒ අර්ථයෙන් බලනවිට මේ අසාර්ථක ලෝක කුසලානයක්.
ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ ප්‍රචාරය කළ යුතු වූවත්, ප්‍රධාන ICC තරගාවලියක මූලික ක්‍රීඩා තත්ත්වයන් හෝ නඩත්තු කළ නොහැකි නම් එය අසාර්ථකයි.
නමුත් එය කිසිසේත්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ලැජ්ජා සහගත පරාජයන්ට නිදහසට කරුණක් ද නොවෙයි.
බංග්ලාදේශ තරගය වුනත් ශ්‍රී ලංකාව අතහැරියේ දසුන් ශානක යැවූ ෆුල්ටොස් පන්දුවකින්.
එය තනතීරුවේ පතිත කර යැව්වා නම් කුමක් හෝ වෙනසක් සිදුවීමට පවා ඉඩ තිබුණා.
තරගයක අවසන් භාගයේ මෙවැනි තනතීරුවක ලකුණු හතරක්, පහක් වුනත් පහසු ලකුණක් නොවෙයි.
ඊයේ පැවැති ඉන්දු – පාකිස්තාන තරගයේ දී එය පැහැදිලි වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාශයට කිසිඳු නිදහසට කරුණක් කිව නොහැකියි.
එය හුදෙක්ම ඔවුන්ගේ වැරදි තීරණ, වගකීම් විරහිතභාවය සහ කුසලතා හිඟකමේ පරාජයක්.
නමුත් අවම වශයෙන් නිවැරදි තනතීරු හෝ ලෝක කුසලානයට සපයා තිබුණා නම්, ලෝක කුසලානය මීට වඩා බොහෝ උද්වේගකර එකක් වීමට තිබුණා.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

        2024. 06. 10

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...