බංග්ලාදේශ පරාජය සහ ශ්‍රී ලංකාව

Share post:

බංග්ලාදේශය ඇමෙරිකාවට එරෙහිව T20 තරගාවලියක් පරාජය වුණා.
ලෝක කුසලානයට පෙර ආධුනික ඇමෙරිකානු කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත T20 තරගාවලියක් පැවැත්වෙනවා.
මේ තරගාවලිය, ඇමෙරිකාවේ තත්ත්වයන්ට සහ තනතීරු සඳහා හුරු වීමට සිදු කරනා පුහුණු තරගාවලියක් ලෙස සලකන බව බංග්ලාදේශ කළමනාකරුවා මින්පෙර ප්‍රකාශ කර තිබුණා.
ආධුනික යැයි කීවාට ඇමෙරිකානු කණ්ඩායම එතරම් ආධුනික ද නැහැ.
නවසීලන්ත ජාතික කොරේ ඇන්ඩර්සන් වැනි සුපිරි තරු සමග ඉන්දියාවේ පළමු පෙල ක්‍රීඩා කළ ක්‍රීඩකයන් රැසක් ඇමෙරිකානු කණ්ඩායම නියෝජනය කරනවා.
කෙසේවෙතත් තරගාවලියේ මුල් තරග දෙකම බංග්ලාදේශය පරාජය වුණා.
පළමු තරග පරාජය අහම්බයක් ලෙස පෙනුනත්, දෙවන පරාජයත් සමග බංග්ලාදේශය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා.
ලෝක කුසලානය අභියස, ඇමෙරිකාව ඉදිරියේ බංග්ලාදේශය මේ ලැබූ පරාජය විවිධ පැති වලින් ශ්‍රී ලංකාවට වාසිදායකයි.
එක්තරා අන්දමකින් බංග්ලාදේශය පරාජය වීම ශ්‍රී ලාංකික අපිට සතුටක්.
මෑතක දී සිට දෙරට අතර පවතින සතුරුකම ඊට ප්‍රධාන හේතුවක්.
තරග අවසානයේ බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ හැසිරීම්, ටයිම් අවුට් සිදූවීම සහ රසිකයන්ගේ සමාජජාලා භාවිතාව දක්වාම වන කරුණු නිසා බංග්ලාදේශයේ පරාජය අපිට සතුටක්.
එමෙන්ම ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන D ඛාණ්ඩයේ ශ්‍රී ලංකාවට අභියෝගයක් විය හැකි කණ්ඩායම් ඇත්තේ දෙකයි.
ඒ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය.
සුපිරි අට වටයට යෑමට නම් ශ්‍රී ලංකාව මේ කණ්ඩායම් දෙකෙන් එකක් පරාජය කළ යුතුයි.
ලෝක කුසලානයට පෙර බංග්ලාදේශය, ඇමෙරිකාව ඉදිරියේ පරාජය වී බිඳ වැටීම ලෝක කුසලානයේ ශ්‍රී ලංකා, බංග්ලාදේශ තරගයට විශාල වාසියක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් බිඳ වැටීම ආරම්භ වූ 2015 ලෝක කුසලානයේ, පුහුණු තරගයක දී ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ පරාජය වුණා.
ඒ පරාජය කිසිවෙකුත් නොසිතූ, බලාපොරොත්තු නොවූ එකක්.
2014 වසරේ සෑම අංශයෙන්ම ලොව හොඳම කණ්ඩායම වූ ශ්‍රී ලංකාව, 2015 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායමක් වුණා.
ලෝක කුසලානය ක්‍රීඩා කරනා ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත තනතීරු සහ තත්ත්ව තරමක අවාසියක් වූවත්, ඒවා අභිබවා යා හැකි සුපිරි තරු ශ්‍රී ලංකාවට හිටියා.
නමුත් ශ්‍රී ලංකාව 2015 ලෝක කුසලානයේ නොසිතු පරාජයක් ලැබුවා.
ඒ සඳහා පුහුණු තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ ලැබූ පරාජයේ ඇද වැටීමත් හේතුවක් වන්නට ඇති.
විශාල බලාපොරොත්තු පොඳි බැඳගෙන යොවුන් – ජ්‍යේෂ්ඨ සංකලනයක් සමග ලෝක කුසලානය ජය ගැනීමට තරම් ගැම්මකින් ඇමෙරිකාවට පැමිණි බංග්ලාදේශය මේ ලැබූ පරාජයන් සමග ඔවුන් බිංදුවට ඇද වැටී ඇති බවට සැකයක් නැහැ.
ජයග්‍රහණයන් ඉදිරියේ සැගවෙන, අභ්‍යන්තර දේශපාලනයන් සහ ගැටලු පරාජයන් ඉදිරියේ මතුවෙනවා.
බංග්ලාදේශය ලෝක කුසලානයට නම් කළ සංචිතයේ සිටම සැඟවුණු ගැටුම්, බෙදීම් බොහෝ තිබුණා.
ටමීම් ඉක්බාල් – ශකීබ් ගැටුම, මහාමුදුල්ලා සහ හතුරුසිංහ අතර ඇතැයි පැවසෙන ගැටුම ආදිය එරට උණුසුම් මාතෘකා වුණා.
දකුණු ආසියානු කලාපයේ දී තරග ජය ගන්නා තුරු කණ්ඩායමකට සහ පුහුණුකරුවෙකුට ගැටලුවක් ඇතිවන්නේ නැහැ.
එනමුත් පරාජයන් හමුවේ නොපැවැති ගැටලු, ප්‍රශ්න පවා මතුවෙනවා.
මාධ්‍ය සහ රසිකයන් අවි අමෝරා එනවා.
ඒ පරිසරය නිර්මාණය කරනා පීඩනය සුලුපටු නැහැ.
එම නිසා ලෝක කුසලානය අභියස බංග්ලාදේශය ලැබූ මේ පරාජය ශ්‍රී ලංකාවට නම් විශාල වාසියක්!

ඉරේෂාන් සිරිවර්ධන (fb)

  2024. 05. 24

Related articles

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...

වැදගත්ම ආර්ථිකය : නීතිය ඊට පස්සෙ : අපේක්ෂකයන්ගෙ ජනවර්ගය අදාළ නෑ : පවුලේ කැමැත්ත පස්සට දමයි – වෙනස් හැඩයේ සමීක්ෂණයක ප්‍රතිඵල මෙන්න !

ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණයක් කියූ සැණින් අපට මතක් වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය පිළිබඳ ඉලක්කම් කිහිපයකි. මෙවැනි සමීක්ෂණ...