හදිසියේ ගෙතූ කතාව පිළිබඳ සැකයක් – අයිඑස්අයිඑස් සැකකරුවන්ගේ කතාව බොරුවක් ?

Share post:

ඉන්දියාවේ අහමදාබාද්හි වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුජරාටි ත්‍රස්ත විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් නොවන බවට බුද්ධි අංශ මගින් සඳහන් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙරට බුද්ධි අංශ මගින් මේ පිළිබඳ වාර්තාවක් සකස් කර ලබන සතියේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ. පසුගිය 19දා මේ පිරිස කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ සංචාරක වීසාවලිනි.

අත්අඩංගුවට ගත් පිරිස අතර මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට අධිකරණයෙන් වරදකරු කරන ලද පොට්ට නවුෆර්ගේ පුත්‍රයා වන මොහොමඩ් නවුෆර් නියාස් නෆ්රාස් ද සිටී. එසේ ම මේ පිරිසගේ නිවාස පරීක්ෂා කළ ආරක්ෂක අංශවලට සැකකටයුතු කිසිවක් හමුවී නැත. ඉන්දියාවට පළාගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස හැඳින්වෙන කිඹුලාඇළේ ගුණා නමැත්තාගේ ගෝලයන් තිදෙනකු ද මේ අතර වෙයි. මේ පිරිස මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබූවන් වන අතර, දෙදෙනෙකුට විරුද්ධව අධිකරණය ඉදිරියේ පවරන ලද මත්ද්‍රව්‍ය නඩු ද වේ.

මේ අතරින් දෙදෙනෙකු කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. තවත් අයෙකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, අනෙක් පුද්ගලයා මීගමුවේ පදිංචිකරුවෙකි.
ඉන්දියාවේ ගුජරාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලද අතර, එරට අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇති තහනම් ක්‍රියා වැළැක්වීමේ නීති යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බව එම කොට්ඨාසයේ ප්‍රධානියා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

කෙසේ වෙතත් ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ මෙවැනි මාතෘකාවක් හදිසියේ ඇතිකිරීම ගැටලුවක් බවයි. ඉන්දියාවේ මැතිවරණය තවමත් අවසන් නැති සහ ලංකාවේ ප්‍රධාන මැතිවරණයක් ආසන්නයේ පවතින අවස්ථාවක මෙසේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් පිළිබඳ හදිසි මාතෘකාවක් මාධ්‍ය මගින් ඉහළට එසවීම සැකයට තුඩුදෙන්නක් බව ද ඔවුහු අවධාරණය කරති.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...