‘අපි හොයන හින්දි සිනමාව සහ කිරන් රාඕගේ අතරමං වුනු ගැහැණු’

Share post:

සමිප්‍රදායන්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර විසින් ගැහැණුන්ට පටවන බර කොචිචරද? කියලා මනින්න මිනුමි දඬුත් මදි වෙිවි. විශේෂයෙන් දකුණු ආසියාතික කලාපයේ වෙළාගෙන තියෙන සමිප්‍රදාය, ආගම සහ ජාතිය ඉදිරිපිට ගැහැණු ඉන්නේ ඇත්තටම බයෙන්. ඒ බය කොචිචරද? කියනවා විශ්වවිද්‍යා⁣ලේ ගිහින් උපාධි තුන හතර කරලා විවාහ වෙන්න ගියාම ඒ උගත්කම අර සමිප්‍රදායන්, සිරිත් වි⁣රිත්, චාරිත්‍ර වාරිත්‍ර ඉස්සරහ දියවෙලා අනෙකාට නතු වීම සිද්ධ වෙනවා. පෞද්ගලිකවම මට නමි ඇත්තටම ඔය දකුණු ආසියාතික පිස්සුසහගත විවාහ චාරිත්‍ර ගැන තියෙන්නේ නමි දැඩි විරෝධයක්. කාන්තාව කියන්නේ විවාහ ඉදිරියේ විකිණෙන වෙළඳ භාණ්ඩයක් නොවෙි. කාන්තාව කියන්නේ පුද්ගලයෙක්(subject) පමණයි.

ආගමි, ජාති, කුලය වගේ දේවල් මිනිස්සුම හදාගත්ත දේවල් මිසක එහි වටිනා කිසිදු දෙයක් නෑ. ඔය සියල්ල නිර්මාණය වෙන්න කලින් මිනිස්සු ජීවත් වුනේ තුන් වෙිල බඩගින්න නිවාගන්න දඩයමි කරමින් ගිනි මැලය වටේ කතන්දර කියපු යුගයක. සංජාන විප්ලවය ආවට පස්සේ මිනිස්සු ඒ කියන්නේ හෝමෝ සේපියන්ස්ලට වුවමනා වුනා ප්‍රබන්ධ. බොහෝ සමාජ සමාජ ධූරාවලීන්වලට තාර්කික බවක් හෝ ජීව විද්‍යාත්මක පදනමක් නැත. ඒවා වනාහි මිථ්‍යාවන්ගේ සහාය ලද අහඹු සිදුවීමි ක්‍රියාවට නැඟීමක් විනා අනෙකක් නොවෙිය කියල යුවල් නෝවා හරාරි කියනවා. ඒ ගොඩනඟපු මිලියන ගණනාවක මිථ්‍යාමය ප්‍රබන්ධ ඇතුළේ විවාහය කියන්නේ ගොඩනඟන ලද එක්තරා ප්‍රබන්ධයක්. ඒ විවාහය කියන ප්‍රබන්ධය ⁣පෘතුවිය රටවල් විදියට කෑලි කෑලිවලට කැඩුනට පස්සේ විවිධ විදියට නිර්මාණය කර ගත්තා.

මෙි විවාහය කියන ප්‍රබන්ධය ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදයට හිමිකමි ඉන්දියාවෙි තියෙන්නේ හරිම සංකීර්ණ විදියට. ඉන්දියාවෙි කාන්තාවෝ විවාහය ඇතුළේ මුහුණ දෙන අර්බුද මොනවද? ඉන්දියානු භූමිය ඇතුළේ වාසය කරන කාන්තාවගේ අනන්‍යතාවය අහිමි වුනේ කාගේ වරදින්ද? කියන එක ගැන නිරූපණය කරන අපුරු බොලිවුඩි චිත්‍රපටයක් තමයි ‘Laapataa Ladies’ කියන්නේ. චිත්‍රපටයේ කතාව බවට පත්වෙන්නේ අලුත විවාහ වුන ‘ජායා’ සහ ‘පූල් කුමාරි’ කියන මනමාලියෝ දෙදෙනෙක්ට එකම දවසේ සිද්ධ වන අකරතැබ්බයක් ගැන. ‘Laapataa Ladies’ අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියානු කාන්තාවක් විසින්. කාන්තාවගේ අනන්‍යතා අර්බුදය කතා කරන්නේ කාන්තාවක් විසින්මයි. ඒ තමයි කිරන් රාඔි. කිරන් රාඔි විසින් 2010 වසරේ අධ්‍යක්ෂණය කරපු ‘Dhobi Ghat’ කියන්නේ බොලිවුඩි සිනමාවෙි නිර්මාණය වුනු විශිෂ්ට චිත්‍රපටයක්.

කිරන් අවුරුදු විසි හතරකට පස්සේ තමයි මෙි අපුරු චිත්‍රපටය නිර්මාණය කරන්නේ. කිරන් විසින් චිත්‍රපටය හරහා ඉන්දියානු සමාජයට එල්ල කරන ප්‍රධාන චෝදනාව වන්නේ කාන්තාවට බලෙන් මෙන් අන්දවන පර්දාව වැනි ආගමික ඇඳුමි ගැන. කාන්තා හිංසනය ගැන. දෙවන පෙළ පුරවැසියෙක් විදියට සළකන කාන්තාව විවාහය ඇතුළේ දැවැද්ද වෙනුවෙන් විකුණන තත්ත්වයක තියෙන්නේ කියන එක ගැන කිරන් රාඔි චිත්‍රපටය ඇතුළේ සාකච්ඡාවට ගේනවා.
විවධ ආගමිවලින් කාන්තාවන්ට ඇඳිය යුතු යැයි අණ කරන සහ බලෙන් මෙන් අන්දවන පර්දාව හෝ බුර්කාව හෝ වෙනත් ඇඳුමක් මඟින් ගැහැණුන්ට නිදහසක් හෝ ආරක්ෂාවක් හිමි නොවන බව චිත්‍රපටය ඇතුළේ ප්‍රශ්න කරනවා. ගැහැණියට සමාජය ඇතුළේ දෙවන පෙළ පුරවැසියෙක් විදියට සැළකීම අසාධාරණබවත්, ඔවුන්ට ලැබිය යුතු නිසි ගෞරවය ගැනත් චිත්‍රපටය විසින් මතු කරන වැදගත් පණිවිඩ කිහිපයක්. ‘Laapataa Ladies’ කියන්නේ ලංකාවෙි හැමෝම බලන්න ඔින චිත්‍රපටයක්. ඒ තරමට චිත්‍රපටයේ ප්‍රකාශනය අතිශය වැදගත්.

මලින්ත විතානගේ

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...