77 වැනි කාන් සිනමා උළෙල – ජීවිතයට එක් වරක් පමණක් පිදෙන සම්මානය ඇමෙරිකානු ජාතික නිළි මෙරිල් ස්ට්‍රිප් ට

Share post:

77 වැනි අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ දී ජීවිතයට එක් වරක් පමණක් පිදෙන සම්මානය ඇමෙරිකානු ජාතික සම්මානනීය නිළි මෙරිල් ස්ට්‍රිප් ට.

77 වැනි අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ දී ජීවිතයට එක් වරක් පමණක් පිදෙන සම්මානය එනම් Palmer Do’r / Lifetime Achievement Award – 2024 මෙවර හිමිවූයේ ඇමෙරිකානු ජාතික සම්මානනීය නිළියක වන මෙරිල් ස්ට්‍රිප් ට ( Meryl Streep / B : 1949 ) ය. එම විශේෂ සම්මාන ඊයේ දින ( මැයි 15 ) ඇය වෙත ප්‍රංශයේදී පුදනු ලැබීය.

තම ජීවිතයේ හැත්තෑහතර ( 74 ) වැනි සැතපුම් කණුව පසුකරන ඇය විසින් තම අද්විතීය රංගන ප්‍රතිභාව වෙනුවෙන් එදාමෙදාතුර දිනාගෙන ඇති සම්මාන අපමණය. මෙවන් ලොව ඉහළම පෙලේ සම්මාන උළෙලෙන් ගෞරව සම්මානයක් ලැබීමට තරම් තමා සුදුසු දැයි යන්න ප්‍රේක්ෂකාගාරයෙන් ප්‍රශ්න කරමින් ඇය සතුටු කඳුළු පිසදමමින් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන Palmer Do’r / Lifetime Achievement Award ලබා ගත්තා ය .
මෙම විශේෂ සම්මාන ඇය වෙත ප්‍රදානය කරන ලද්දේ සම්මානනීය ප්‍රංශ ජාතික සිනමා නිළියක් වන ජූලියට් බිනෝචි ( Juliette Binoche / B 1964 ) විසිනි .

Palmer Do’r / Lifetime Achievement Award සම්මාන වූ කලී ලොව සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධව අද්විතීය මෙහෙවරක් ඉෂ්ට-සිද්ධ කරන ලද අයකුට ජීවිතයට එක්වරක් පමණක් පිදෙන අති – ගෞරවනීය විශේෂ සම්මානයක් වන්නේ ය . මෙම විශේෂ සම්මානය සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ කිනම් හෝ අයකු වෙත හිමිවෙත් ද ඔහුට හෝ ඇයට තවත් ලබා ගැනීමට ලොව ඉහළම සිනමා සම්මානයක් නොමැත. ඒ තරමටම මෙම විශේෂ සම්මානය විශිෂ්ට වන්නේ ය .

මෙරිල් ස්ට්‍රිට් වසරේ හොදම නිළියට හිමි ( Best Actress of the Year ) ඇකඩමි සම්මානය තෙවරක්ම දිනාගෙන හත් වතාවක් එම සම්මාන සදහා නිර්දේශ
වී ඇත්තේ ය. ලෝක ප්‍රේක්ෂකාගාරයට ඇයගේ අමතක නොව රංගනය වනුයේ හිටපු බ්‍රිතාන්‍ය ජාතික විශිෂ්ට අගමැතිනියක් වූ මාර්ගට් චැතර්ගේ ( Margaret Thatcher 1925 – 2013 ) චරිතය නිරූපණය කරමින් THE IRON LADY – 2011 චිත්‍රපටයේ ඇය විසින් කරන ලද අද්විතීය රංගනය යි. මෙම රංගනය උදෙසා ඇයට වසරේ හොදම නිළියට හිමි ඇකඩමි සම්මාන ද හිමිවිය .

ඕනෑම චරිතයකට ක්ෂණිකව ප්‍රවිශ්ට වී එහි වූ ගැඹුරු මනෝභාවයන් ස්පර්ශ කොට එම මනෝභාවයන් තම රංගනයට උකහා ගනිමින් එම චරිතයට ඉහළම සාධාරණය ඉෂ්ට කිරීමට ඇයගේ රංගනයේ ඇති සුවිශේෂත්වය වන බව විචාරකයන්ගේ මතය යි . ඇය පිළිබඳව මගේ කියවීම ද එයම වන්නේ ය.
මා ද අතිශයින්ම ප්‍රියකරන හොලිවුඩ් නිළියකි, මෙරිල් ස්ට්‍රිප් . ඒ ඇය සතු අද්විතීය රංගන හැකියාව නිසා පමණක් නොව තම ක්ෂේත්‍රයේ ගෞරවය හා ජනප්‍රියතාවය එදාමෙදාතුර එකසේ ආරක්ෂා කරගැනීමට ඇය වෙසෙසින්ම සමත් වී ඇති බැවිනි.

ඇය ලද සම්මානවලින් බිඳක් !!

Merry Streep made her stage debut in 1975 in Trelawny of the Wells, and received a Tony Award nomination the following year for a double-bill production of 27 Wagons Full of Cotton and A Memory of Two Mondays. In 1977, she made her feature film debut in Julia. She won her first Primetime Emmy Award in 1978 for the miniseries Holocaust, and received her first Oscar nomination for The Deer Hunter that same year. She won the Academy Award for Best Supporting Actress for playing a troubled wife in Kramer vs. Kramer (1979), followed by the Academy Award for Best Actress for starring as a Holocaust survivor in Sophie’s Choice (1982). She continued to gain awards and critical acclaim for her film work throughout the 1980s and 1990s. Commercial success varied, with Out of Africa (1985), Death Becomes Her (1992), and The Bridges of Madison County (1995) earning the most money during that period.

Streep reclaimed her stardom in the ensuing decades with leading roles in Adaptation, The Hours (both 2002), The Devil Wears Prada (2006), Doubt, Mamma Mia! (both 2008), Julie & Julia, It’s Complicated (both 2009), Into the Woods (2014), The Post (2017) and Little Women (2019), and won her third Oscar for her portrayal of Margaret Thatcher in The Iron Lady (2011). Her television roles include the miniseries Angels in America (2003), for which she received her second Primetime Emmy, HBO’s Big Little Lies (2019), and Hulu’s Only Murders in the Building (2023).

Streep has been the recipient of many honorary awards, including the AFI Life Achievement Award in 2004, a Gala Tribute from the Film Society of Lincoln Center in 2008, and the Kennedy Center Honor in 2011 for her contribution to American culture through performing arts. President Barack Obama awarded her the National Medal of Arts in 2010 and the Presidential Medal of Freedom in 2014. In 2003, the French government made her a Commander of the Order of Arts and Letters. She was awarded the Golden Globe Cecil B. DeMille Award in 2017. She received a star on the Hollywood Walk of Fame in 1998.

ලෝක සිනමාව හෝ ඇමෙරිකානු සිනමාව පිළිබඳව දන්නා කියන ශ්‍රීලාංකේය ප්‍රේක්ෂකාගාරයට මෙරිල් ස්ට්‍රිප් යන මෙම අද්විතීය සිනමා නිළිය කවුරුන්ද යන්න මම ආයේ අමුතුවෙන් හදුන්වාදීමට අවශ්‍ය නැතැයි කියා සිතමි . එසේ වී නම් , ඒ සියලුම දනන් ඇයට මෙම Palmer Do’r / Lifetime Achievement Award සම්මාන හිමිවීම පිළිබඳව අතිශයින්ම සතුටට පත්වනු නොඅනුමාන ය.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...