පෞද්ගලික සමාගම සඟවන වීසා ගාස්තුවෙන් පමණක් රුපියල් කෝටි 1,080ක කප්පමක් !

Share post:

කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති පරිදි කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය දිගටම පෞද්ගලික සමාගමකට ලබාදෙන්නේ නම්, ආගමන-විගමන දෙපාර්තමේන්තුවට ලැබෙන නිල ආදායම්වලට අමතරව අයකරන ගාස්තුවෙන් පමණක් රජයට වාර්ෂිකව රුපියල් කෝටි 1,080කට අධික මුදලක් සෘජුව ම අහිමි වන බව ආගමන-විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු අවධාරණය කරති.

සාමාන්‍යයෙන් වර්ෂයකට ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 2 ඉක්මවයි. එම මිලියන 2ක සංචාරකයන්ගෙන් කැබිනට් අනුමැතියට අනුව, දැනට අදාළ සමාගම තීරණය කර ඇති පරිදි ඇමෙරිකානු ඩොලර් 18 බැගින් අමතර ගාස්තු අයකළහොත්, සමාගමට ලැබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 36කි. වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් එකකට රුපියලේ අගය පවතින්නේ රුපියල් 295-300 මට්ටමේ ය. ඒ අනුව එම ඩොලර් ආදායම රුපියල් බවට හැරවූ විට රුපියල් මිලියන 10,800ක් හෙවත් රුපියල් කෝටි 1,080ක් වේ.

ආගමන-විගමන දෙපාර්තමේන්තුව මේ ගාස්තු මේ ආකාරයට අයනොකළත්, කැබිනට් මණ්ඩලය අනුමත කිරීම නිසා අවශ්‍ය නම් ආගමන-විගමන දෙපාර්තමේන්තුවට ද එම ගාස්තු අයකළ හැකි බව එහි නිලධාරියෙකු පැවසීය. කෙසේ වෙතත් මතු වූ දැඩි විරෝධය හේතුවෙන් එම ක්‍රමවේදය මේ වන විට තාවකාලිකව නතර කර තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ පසුගිය 01දා මේ හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. එම වීඩා පහසුකම් සැලසීම පවරා ඇත්තේ ඉන්දීය සමාගමකට බව ප්‍රචාරය වීම නිසා පසුගිය 02දා පස්වරුවේ ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම සමාගම සහ ඉන්දියාව අතර සම්බන්ධයක් නැති බවයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි. එමගින් සාක් රටවල සංචාරකයන් සඳහා දින 30ක වීසා ගාස්තු වශයෙන් ඇමෙරිකානු ඩොලර් 20ක මුදලකුත්, අනෙක් රටවල් සඳහා ඇමෙරිකානු ඩොලර් 50ක මුදලකුත් අයකරනු ලැබිණි.
මෙම ආදායම සම්පූර්ණයෙන්ම මෙරටට හිමිවූ අතර, ඉතා කෙටි කාලයක් තුළ ධභ ්ඍඍෂඪ්ඛ ඪෂී් පහසුකම සංචාරකයන් වෙත ලබාදීමටද පහසුකම් සලසා තිබිණි. එවැනි පසුබිමක කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තෙවැනි පාර්ශ්වයකට ලබාදීමටයි. ඒ, 2023 සැප්තැම්බර් මාසයේදී මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස ටිරාන් අලස් විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීමෙනි.
ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් මෙතෙක් අය නොකළ සේවා ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක් ද මෙම විදේශීය සමාගම හරහා වීසා ලබාදීමේදී අයකිරීමට කටයුතු කෙරිණි. එය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 18ක මුදලකි.

මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන සංවිධාන 4ක් ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමුකර තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ කුඩි සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුවේ සභාපති රොහාන් අබේවික්‍රම, සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ සහ සම්බන්ධීකාරකවරුන්ගේ සංගමයේ සභාපති ඉම්රාන් හසීම්, ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයන්ගේ සභාපති දුමින්ද කුරුවිටආරච්චි, වෘත්තීය සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නිෂාඩ් විජේතුංග මේ ලිපියට අත්සන් කර ඇත.

Related articles

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...

රතුපස්වල : මේජර් ජෙනරාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් – වින්දිතයන් අභියාචනය කරන්න සූදානම් !

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50...