පෞද්ගලික සමාගම සඟවන වීසා ගාස්තුවෙන් පමණක් රුපියල් කෝටි 1,080ක කප්පමක් !

Share post:

කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති පරිදි කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය දිගටම පෞද්ගලික සමාගමකට ලබාදෙන්නේ නම්, ආගමන-විගමන දෙපාර්තමේන්තුවට ලැබෙන නිල ආදායම්වලට අමතරව අයකරන ගාස්තුවෙන් පමණක් රජයට වාර්ෂිකව රුපියල් කෝටි 1,080කට අධික මුදලක් සෘජුව ම අහිමි වන බව ආගමන-විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු අවධාරණය කරති.

සාමාන්‍යයෙන් වර්ෂයකට ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 2 ඉක්මවයි. එම මිලියන 2ක සංචාරකයන්ගෙන් කැබිනට් අනුමැතියට අනුව, දැනට අදාළ සමාගම තීරණය කර ඇති පරිදි ඇමෙරිකානු ඩොලර් 18 බැගින් අමතර ගාස්තු අයකළහොත්, සමාගමට ලැබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 36කි. වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් එකකට රුපියලේ අගය පවතින්නේ රුපියල් 295-300 මට්ටමේ ය. ඒ අනුව එම ඩොලර් ආදායම රුපියල් බවට හැරවූ විට රුපියල් මිලියන 10,800ක් හෙවත් රුපියල් කෝටි 1,080ක් වේ.

ආගමන-විගමන දෙපාර්තමේන්තුව මේ ගාස්තු මේ ආකාරයට අයනොකළත්, කැබිනට් මණ්ඩලය අනුමත කිරීම නිසා අවශ්‍ය නම් ආගමන-විගමන දෙපාර්තමේන්තුවට ද එම ගාස්තු අයකළ හැකි බව එහි නිලධාරියෙකු පැවසීය. කෙසේ වෙතත් මතු වූ දැඩි විරෝධය හේතුවෙන් එම ක්‍රමවේදය මේ වන විට තාවකාලිකව නතර කර තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ පසුගිය 01දා මේ හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. එම වීඩා පහසුකම් සැලසීම පවරා ඇත්තේ ඉන්දීය සමාගමකට බව ප්‍රචාරය වීම නිසා පසුගිය 02දා පස්වරුවේ ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම සමාගම සහ ඉන්දියාව අතර සම්බන්ධයක් නැති බවයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි. එමගින් සාක් රටවල සංචාරකයන් සඳහා දින 30ක වීසා ගාස්තු වශයෙන් ඇමෙරිකානු ඩොලර් 20ක මුදලකුත්, අනෙක් රටවල් සඳහා ඇමෙරිකානු ඩොලර් 50ක මුදලකුත් අයකරනු ලැබිණි.
මෙම ආදායම සම්පූර්ණයෙන්ම මෙරටට හිමිවූ අතර, ඉතා කෙටි කාලයක් තුළ ධභ ්ඍඍෂඪ්ඛ ඪෂී් පහසුකම සංචාරකයන් වෙත ලබාදීමටද පහසුකම් සලසා තිබිණි. එවැනි පසුබිමක කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තෙවැනි පාර්ශ්වයකට ලබාදීමටයි. ඒ, 2023 සැප්තැම්බර් මාසයේදී මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස ටිරාන් අලස් විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීමෙනි.
ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් මෙතෙක් අය නොකළ සේවා ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක් ද මෙම විදේශීය සමාගම හරහා වීසා ලබාදීමේදී අයකිරීමට කටයුතු කෙරිණි. එය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 18ක මුදලකි.

මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන සංවිධාන 4ක් ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමුකර තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ කුඩි සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකමුතුවේ සභාපති රොහාන් අබේවික්‍රම, සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ සහ සම්බන්ධීකාරකවරුන්ගේ සංගමයේ සභාපති ඉම්රාන් හසීම්, ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයන්ගේ සභාපති දුමින්ද කුරුවිටආරච්චි, වෘත්තීය සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නිෂාඩ් විජේතුංග මේ ලිපියට අත්සන් කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...