කටුනායක වීසා ප්‍රශ්නය : මාර්තු මාසයේ අපි කිව්වේ මෙහෙමයි : ඇමැති ටිරාන්ගේ වැඩක් – ඉන්දියාව සම්බන්ධ නෑලු !

Share post:

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වයට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබිණි. මේ තත්ත්වය ඇතිවූයේ මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබූ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ සිට විදෙස් සමාගමක් වෙත පවරා තිබෙන පසුබිමක ය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගිනි. එමගින් සාක් රටවල සංචාරකයන් සඳහා දින 30ක වීසා ගාස්තු වශයෙන් ඇමෙරිකානු ඩොලර් 20ක මුදලකුත්, අනෙක් රටවල් සඳහා ඇමෙරිකානු ඩොලර් 50ක මුදලකුත් අයකරනු ලැබිණි.
මේ ආදායම සම්පූර්ණයෙන්ම මෙරටට හිමිවූ අතර, ඉතා කෙටි කාලයක් තුළ ධභ ්ඍඍෂඪ්ඛ ඪෂී් පහසුකම සංචාරකයන් වෙත ලබාදීමටද පහසුකම් සලසා තිබිණි. එවන් පසුබිමක මීට දෙදිනකට පෙර ආණ්ඩුව තීරණය කර තිබුණේ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තෙවන පාර්ශ්වයකට ලබාදීමටයි.
ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් මෙතෙක් අයනොකළ සේවා ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක් ද මෙම විදේශීය සමාගම හරහා වීසා ලබාදීමේදී අයකරනු ලබන බව වාර්.ා වේ. එහිදී සාක් රටවල සංචාරකයන්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් ඇමෙරිකානු ඩොලර් 22ක මුදලක් ද, වෙනත් රටවල සංචාරකයන්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් ඇමෙරිකානු ඩොලර් 25ක මුදලක් ද අය කෙරෙන බව දැක්වේ.

එසේම මීට පෙර මෙරටට පැමිණීමේදී වීසා ගාස්තුවෙන් නිදහස් කර තිබූ ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු රටවල් 7ක සංචාරකයන්ගෙන් ද මෙම සමාගම ඇමෙරිකානු ඩොලර් 22ක මුදලක් අයකරන බව වාර්තා වේ. මෙවැනි පසුබිමක අදාළ සමාගම මගින් වීසා නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඊයේ සංචාරකයන් විශාල පිරිසකට පෝළිම්වල පැය ගණනක් රැඳීසිටීමට සිදුවී තිබිණි.
ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති කේ.කේ.ජී.ජේ. බණ්ඩාර පැවසුවේ මෙම තත්ත්වය පාලනය කර ගත නොහැකිව අදාළ සමාගමේ නිලධාරීන් ඊයේ පස්වරුවේ එම ස්ථානයෙන් ඉවත්වී ගොස් ඇති බවයි.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ප්‍රශ්නගත සමාගම ඉන්දීය සමාගමක් යැයි පැවසීම සම්පූර්ණයෙන් සාවද්‍ය බවයි. කටුනායක ගුවන්තොටුපොළ තුළ ඇතිවූ තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක අදාළ සමාගම ඉන්දීය සමාගමක් බවට චෝදනා එල්ල වන අතර, ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව පවසයි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 2023 සැප්තැම්බර් 11 දින මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් ඉදිරිපත් කළ බවයි. පෞද්ගලික සමාගමකට මේ ක්‍රියාවලිය පැවරීම සිදුවූයේ කැබිනට් අනුමැතියකින් තොරව බවට පළවන වාර්තා අසත්‍ය බව ද එම නිවේදනයේ දැක්වේ. කෙසේ වෙතත් අදාළ සමාගමේ යම් ප්‍රමාදයක් හෝ අඩුපාඩුවක් සිදුවී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් ය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් මෙරටට ඇතුළු වන සංචාරකයන්ට වීසා ලබාදීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමකට ලබාදීමට තීරණය කර තිබේ.
ආගමන විගමන පාලක අයි. එස්. එච්. ජේ. ඉලු‍ක්පිටිය විසින් ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත. ඒ අනුව ලබන 01දා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ යාපනය ගුවන් තොටුපොළ පරිශ්‍රවලදී VFS Global පෞද්ගලික සමාගම මගින් මේ පහසුකම් ලබාගත හැකිය.
ETA – Electronic Travel Authority මෙතෙක් ලබාදෙන ලද්දේ www.eta.gov.lk වෙබ්අඩවිය මගිනි. සංක්‍රමණ වීසා දින 02කින්, සංචාරක වීසා දින 30කින්, ව්‍යාපාරික වීසා දින 30කින් නොමිලයේ ලබාගැනීමට මේ වන විට පහසුකම් තිබේ. අනෙකුත් වීසා පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් 52ක ගාස්තුවක් ද, සාර්ක් රටවල් සඳහා ඩොලර් 20ක ගාස්තුවක් ද දැනට අයකරනු ලබයි.
විදේශිකයන් බොහෝ විට වීසා ලබාගැනීම සඳහා භාවිත කරනු ලබන්නේ මේ ක්‍රමවේදයයි. මේ යටතේ අදාළ සියලු‍ තොරතුරු එක් ක්‍රමවේදයකට රැස්කරනු ලබයි.
මේ සියලු‍ කටයුතු ඒකාබද්ධ ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවක් සඳහන් වුවද, විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ සියලු‍ වගකීම් පෞද්ගලික සමාගම භාරයට පත්කිරීමට නියමිත බවයි.
2023 සැප්තැම්බර් 08 දිනැති අංක 38/2023 දරන කැබිනට් පත්‍රිකාව මගින් මීට අදාළ අනුමැතිය ලබාදී ඇත. ආනයන අපනයන පාලකවරයා විසින් යොමුකර ඇති ඉහත සඳහන් කළ ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සහ වරාය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ද පිටපත් කර තිබේ.

මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණේ පසුගිය අප්‍රේල් 01දා සිට වුවද, ඊට එල්ල වූ විරෝධය හේතුවෙන් එය නියමිත දිනට ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නැත.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...