Astrozeneca : මූලික අයිතිවාසිකම් උල්ලංඝනය ගැන පරීක්ෂණයක් ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !

Share post:

Astrozeneca එන්නත ලබාගත් පුද්ගලයන් දරුණු අතුරු ආබාධවලට මුහුණ දී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ලිඛිත ව ඉල්ලීමක් කර තිබේ.

එම සංගමය විසින් කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු (විශ්‍රාමික) එල්.ටී.බී. දෙහිදෙණිය වෙත පසුගිය 01දා යවන ලද ලිපියක දැක්වෙන්නේ මේ එන්නත් ලංකාවට ගෙනඒම සහ එහිදී පර්යේෂණ සිදුවූයේ ද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී දැඩි අවධානයක් යොමුකරන ලෙසයි. මේ හේතුවෙන් අතුරු ආබාධ ඇතිවූ බවට සැකකෙරෙන පුද්ගලයන් පිළිබඳ එන්නත භාවිත කළ මුල් කාලයේදී දැඩි කතාබහට ලක්විය.

මේ එන්නතෙන් ඇති විය හැකියැයි පර්යේෂණ මගින් අනාවරණය වී ඇති බරපතළ අතුරු ආබාධ ගැන සඟවමින් ජනතාවට එන්නත් ලබාගන්නා ලෙසට බලපෑම් කිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...