Astrozeneca : මූලික අයිතිවාසිකම් උල්ලංඝනය ගැන පරීක්ෂණයක් ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !

Share post:

Astrozeneca එන්නත ලබාගත් පුද්ගලයන් දරුණු අතුරු ආබාධවලට මුහුණ දී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ලිඛිත ව ඉල්ලීමක් කර තිබේ.

එම සංගමය විසින් කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු (විශ්‍රාමික) එල්.ටී.බී. දෙහිදෙණිය වෙත පසුගිය 01දා යවන ලද ලිපියක දැක්වෙන්නේ මේ එන්නත් ලංකාවට ගෙනඒම සහ එහිදී පර්යේෂණ සිදුවූයේ ද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී දැඩි අවධානයක් යොමුකරන ලෙසයි. මේ හේතුවෙන් අතුරු ආබාධ ඇතිවූ බවට සැකකෙරෙන පුද්ගලයන් පිළිබඳ එන්නත භාවිත කළ මුල් කාලයේදී දැඩි කතාබහට ලක්විය.

මේ එන්නතෙන් ඇති විය හැකියැයි පර්යේෂණ මගින් අනාවරණය වී ඇති බරපතළ අතුරු ආබාධ ගැන සඟවමින් ජනතාවට එන්නත් ලබාගන්නා ලෙසට බලපෑම් කිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...