තරුෂි ඉදිරියට යා යුතුමය

Share post:

තරුෂි කරුණාරත්න කියූ පමනින් මුලු ලංකාවම හඳුනනවා. මැණික් හින්න, වලල ඒ රත්නායක මධ්‍යමහා විද්‍යාලයෙන් ධාවන පතයට පිවිසි තරුෂිට මුළු ආසියාව ජයගන්න ගතවුනේ ඉතාම කෙටිකාලයයි.

2020 ඔලිම්පික් තරඟාවලියේදී මීටර් 800 ඉසව්වේ පස්වන ස්ථානයට පත් චීනයේ වැන්ග් චුන්‍යූ ආසියාතික ක්‍රීඩා උලෙලේදී තරුෂි අතින් පරාජයට පත්වෙනව.

2020 ඔලිම්පික් තරඟාවලියේ මීටර් 800 රන් පදක්කම දිනාගන්නා අතින්ග් මූ ඇමරිකා ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක්.
ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල කියන්නෙ ලෝකයට දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිෂ්පාදනය කරන තෝතැන්නක් කිව්වොත් වැරදි නැහැ.
ඇමරිකා එක්සත් ජනපදයට පමණක් සීමානොවී ලොව වටාම ඉන්න දක්ශතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශිෂ්‍යත්ව පිරිනමන මේ විශ්ව විද්‍යාල ක්‍රමය .. ක්‍රීඩා හා අධ්‍යාපනය යන අංශ දෙකම ඉහල මට්ටමකින් පවත්වාගන්නා බවට කීර්තියක් උසුලනව.
මේ විශ්ව විද්‍යාල අතර පවත්වන එන්.සී.ඒ.ඒ ( NCAA ) ක්‍රීඩා තරඟාවලිය ලෝක ශූරතා තරඟාවලිය තරමටම තියුණුයි.
මෙවැනි විශ්ව විද්‍යාලයකට ඇතුල්වීම පවා ඉතාම අසීරු වෙන්නෙ ලොව වටා විවිධ රටවල දක්ශයින් ඇමරිකානු විශ්ව විද්‍යාලවලට ඇතුල් වීමට දරන උත්සාහය නිසයි.
ලංකාවේ උස පැනීමේ ශූර උශාන් තිවංක අධ්‍යාපනය ලබන්නෙ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ ( Texas A & M university). එන් සී ඒ ඒ තරඟ තුල ඉහල දස්කම් දක්වන තිවංක ඉතාම ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්.
පහත සඳහන් වෙන්නෙ මෙවැනි විශ්ව විද්‍යාල වලින් බිහිකල ලෝක ශූර ශූරියන් සිය ගනනකින් කීප දෙනෙක් පමණයි.
ශෝන් මිලර් ඌබෝස් ( බහමාස්) – මීටර් 400 ලෝක ශූරිය – ජෝර්ජියා විශ්ව විද්‍යාලය. ( බහමාස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩිදෙනා පුහුණු වෙන්නෙ ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ.)
අන්ද්‍රෙ ද ග්‍රාස් ( කැනඩාව) – මීටර් 100, 200 ලෝක ශූර – දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලය.
ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් Armand Duplantis ( ස්වීඩනය)- ලෝක වාර්ථාව රිටි පැනීම.

ලුසියානා ප්‍රාන්ථ විශ්ව විද්‍යාලය. ( එල් එස් යූ ).
කිරානි ජේම්ස්- ග්‍රෙනේඩා – මීටර් 400 ඔලිපික් හා ලෝක ශූර – ඇලබාමා විශ්ව විද්‍යාලය.
වෙරෝනිකා කැම්බල් බ්‍රවුන්- ( ජැමෙයිකාව) මී 100,200- ආකැන්සාස් විශ්ව විද්‍යාලය.
ටෝබී ඇමියුසාන් – නයිජීරියාව. මීටර් 100 කඩුළු. ( ලෝක වාර්ථාව).- UTEP Miners – ටෙක්සාස් විශ්ව විද්‍යාලය අනුබද්ධ.
තරුශි කරුණාරත්න සම්භන්ද ප්‍රීතිමත්ම පුවත නම් ලුසියානා ප්‍රාන්ථයේ තුලාන් විශ්ව විද්‍යාලය මගින් පිරිනමන ශිෂ්‍යත්වයක් තරුශි කරුණාරත්න විසින් පිලිගෙන තිබීමයි.
ලුසියානා ප්‍රාන්ථයේ නිව් ඕර්ලියන්ස් නගරයේ පිහිටා ඇති තුලාන් විශ්ව විද්‍යාලය 1834 වසරේ පිහිටුවන ලද කීර්තිමත් විශ්වවිද්‍යාලයක්.
( Tulane University – New Orleans)
මේ විශ්ව විද්‍යාල තුලින් පිරිනැමෙන නේවාසික පුහුණුව වගේම ලෝක මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ලැබෙන අත්දැකීම් ලොව වෙනත් කිසිම ස්ථානයකදී ලැබිය හැකිදැයි සැක සහිතයි.
ටෙක්සාස්…. ආර්කැන්සාස්… කෙන්‍ටකි.. ෆ්ලොරිඩා වැනි විශ්ව විද්‍යාල තවදුරටත් තරුෂි ගැන උනන්දුවන බවට සැකයක් නැහැ.
මේ තරුෂි හා ඇගේ පුහුණුකරුත් පවුලේ සැමත් එකතුව ගත් ඉතාම බුද්ධිමත් තීරණයක් බව කිව යුතුයි. ඒ සඳහා කැපවුනු සියළුදෙනාට අපගේ ස්තුතිය හිමිවෙන්න ඕනෙ.
ඒ පුහුණුව හා අත්දැකීම් මෙන්ම තරුෂිගේ දක්ෂකමත් කැපවීමත් ඇයව ධාවනපතයේ ඉදිරියටම ගෙනයාවි.
තරුශි කියන්නෙ තමන්ගෙ මුළු ශක්තියම ධාවනයට යොදවන අපූරු දහිරියක්… හැකියාවක් තියන ක්‍රීඩිකාවක්.
ලෝක ධාවනපතය ජයගැනීමට තරුෂිට අවශ්‍ය සියළුම ශක්තිය ධෛර්‍ය ලැබේවා යන්න අපි සියළුදෙනාගේ ප්‍රාර්ථනාව විය යුතුයි.

Bon Voyage Tharushi…. We all Love you.

Malcolm Sang

Related articles

IPL වෙනස් වෙයි – “මා හැපූ බබල් ගම් එක විසි කළ විට පවා එය හතරේ සීමාව පසුකර ගියා” – රවිචන්ද්‍රන්

IPL තරගාවලිය අතරමැද සංවිධායකයන් පිටියේ තත්ත්ව (Playing conditions) වෙනස් කර තිබෙනවා.තරගාවලිය ආරම්භයේ දී එය පිතිකරුවන් උදෙසා පමණක් සංවිධානය...

මිනිරන් වේඳනා මිනි

"තාත්තේ මට කෙල්ලෙක් ඇඳල දෙන්නකෝ .."-පොඩි පුතුගෙ ඇවිටිල්ලක්. තාත්තෙක් නොසිටියමං කොල්ලෙක් ව සිටි කාලෙදිපන්සල් වගෙයි මටඅම්ම දුන් පැන්සල් මිටි යළි...

මතීෂ, චෙන්නායි සහ ශ්‍රී ලංකාව

IPL තරගාවලිය ක්‍රීඩා කරමින් සිටිනා මතීෂ පතිරණගේ හැසිරීම සහ ප්‍රකාශ සමීපයෙන් නිරීක්ෂණය කිරීම අශ්වාදජනකයි.මතීෂ ඊයේත් ඉන්දීය මාධ්‍යයට අපූරු...

පෞද්ගලික සමාගම සඟවන වීසා ගාස්තුවෙන් පමණක් රුපියල් කෝටි 1,080ක කප්පමක් !

කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති පරිදි කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය දිගටම පෞද්ගලික සමාගමකට ලබාදෙන්නේ නම්, ආගමන-විගමන...