තාම ඒ කුරුලු හඬ එතැන – ළහිරු කිතලගම

Share post:

එහෙත් ශිෂ්ටත්වයේ නියම ස්වරූපය වන්නේ මිනිසා හුදු ආත්මාර්ථකාමිත්වයෙන් තොරව පොදු හිතසුව පිණිස ක්‍රියාකිරීමය. එක්ව සමගියෙන් ක්‍රියාකිරීම තනිව ක්‍රියාකරනවාට වඩා යහපත් වන අතර පොදු සහජීවනය සඳහා සමගියෙන් ක්‍රියාකිරීම අනෙක් සැම දෙයටම වඩා උතුම් වන්නේය .
ශිෂ්ටාචාරය යනු කවරේද? ජවහල් ලාල් නේරු _පියකුගෙන් ඔහුගේ දුවට යැවුණු ලිපි. ඩබ්ලිව්. ඕ. ටී. ප්‍රනාන්දු

සිංහල කවියට එළඹෙන කවි කිවිඳියන් අතර ඇතිවන අන්‍යෝන්‍ය අවබෝධය, විචාරශීලිත්වය වැනි කරුණු ඉතාවැදගත් යැයි සිතමි . කවියකුට හෝ කිවිඳියකට තවත් කවියකු හෝ කිවිඳියක් තමා සමග තරග කරන කෙනෙකු සේ පෙනෙන්නේ නම් එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ. මෙබඳු දෑ සලකා බලන විට අලුතින් පලවන කවිපොතක් ගැන ඇගයීම් සටහනක් පළකිරීම යම් හෝ වැදගත්කමක් ඇති දෙයක් යැයි සිතමි .

ළහිරු කිතලගමගේ නවතම කාව්‍ය සංග්‍රහය ඔහු කවිය ගැන කරන අධ්‍යනයන්ගේ සහ ඔහුගේ සමාජ ක්‍රියාකාරකම් වෙතින් ලබා ගත් ශික්ෂණයත් පෙන්නුම් කරන්නේ යැයි සිතෙයි. කවිය යනු හුදෙක් අසන දකින දෑ සංවේදීව වාර්තා කිරීමෙන් ඔබ්බට යන බුද්ධිමය ක්‍රියාකාරිත්වයක් බව ළහිරු තුළ ඇති අවබෝධය මේ කෘතිය ඔස්සේ පැහැදිලි වෙයි . කවියට වස්තු විෂය වන තේමාවන්ගේ ද විචිත්‍රත්වයක් මේ කෘතිය තුළින් දැක ගත හැකිය.

ළහිරු සිය අත්දැකීම් සියුම් ලෙස ප්‍රකාශ කිරීම අරබයා රූපක තියුණු ලෙස පරිහරණය කිරීමට දක්වන සමත්කම පහත දැක්වෙන කවියෙන් මැනවින් පැහැදිලි වෙයි.

පොඩි වරල්

දනට වඩින හිමිවරු
යළි වඩින’තර
සන්සුන්ව

ලොකු නම
කලබලව
බලයි වට පිට

‘කෝ කොහිද පොඩි නම?’

එකතක පටලා
බරැති සිවුරු පොට
පොඩි නම බලා හිඳී
විසල් ටැංකියක
එහේ මෙහේ
කුඩමසුන් පීනන අරුමය!

මන්දස්මිතයකි මුවග

ලොකු හිමිගෙ හඬ ඇසී
පියමනින’තර
වාහනයට

නින්නාද දි ඇසෙයි
ලොකු හිමිට’

තදින් ගැහෙනා
මාලුන්ගෙ වරල් ස්වර
පොඩි හිමිගෙ හිත තුළ

කුඩා දරුවන් සසුන් ගත කර ඔවුන්ගේ නිදහස අහුරා තිබෙන ආකාරය කවියා මෙහි දී දකියි. කුඩා හිමි නම මාළු ටැංකිය දෙස බලා සිටීමෙන් සෞන්දරය වින්දනය සංකේත්වත් වෙයි. එමෙන්ම වරල් සැලීම මගින් කුඩා දරුවන්ගේ ලෝකයේ විනෝද ජනක ක්‍රියා පිළිබිඹු වෙයි.

ළහිරුගේ මේ කාව්‍ය සංග්‍රහය තුළ අපේ අවධානයට ලක්විය යුතු කවි කීපයක්ම ඇති බව පෙනේ. එබඳු කවි අවශ්‍ය තැන්වල දී භාවිත කරමින් කවිය ගැන පොදු සංවාදයක් පවත්වා ගැනීම අප කාගේත් යුතුකමකි .

නඳුන් යසිත දසනායක මේ කාව්‍ය සංග්‍රහයට ලියා ඇති පෙරවදන ද ළහිරුගේ ඇතැම් කවියක් වෙතින් පළවන සියුම් බව ස්පර්ශ කරයි .

ප්‍රියංකර නිවුන්හැල්ල

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...