මනමාලිගේ ඩාන්ස් එක හිට් එකක් වන්නේ ඇයි

Share post:

අර මනමාල ජෝඩුවක් ඒගොල්ලන්ගේ වෙඩින් එකේදි ඩාන්ස් කිරීම හිට් එකක් වීම ගැන විවිධ කතාබහ තියෙනවා, ඒ අතර ඒක හිට් එකක් වීම සම්බන්ධයෙන් විවේචනයක් ද තියෙනවා. මූලික වශයෙන් ඒ විවේචනය තමයි මේ වගේ සාමාන්‍ය මගුල් ගෙදරක නටන එක පවා ප්‍රවෘත්ති වලට යෑමට තරම් හිට් එකක් වීම කිසියම් කසිකබල් සමාජයක ප්‍රතිඵලයක් කියන එක. ඒත් මගේ අදහස නම් සම්පූර්ණයෙන් වෙනස්. මේ නැටුමට කැමති සමහරුන් පවා මේ හිට් එකක් වීමේ ගැඹු හරියටම හසුකරගෙන නැහැ වගෙයි පෙනෙන්නේ.

මුලින්ම අපි තේරුම් ගත යුතු දේ අද අපි ජීවත් වෙන්නේ මුළු ජීවිතයටම කැමරාව අල්ලපු සෑම දෙයක්ම මෙන් අපට දැක බලාගැනීමට මුණගැහෙන, පාලනය අහිමි වෙමින් යන සමාජ මාධ්‍ය සමාජයක බව. ඒ සන්දර්භය තුළ හිට් එකක් වීම සඳහා කිසිදු නිර්ණායකයක් ප්‍රමිතියක් අවසරයක් යෝජනා කරන්න බැහැ. මොන විදියකින් හරි හිට් එකක් උනාට පස්සේ ඒකත් විශේෂ ප්‍රවෘත්තියක්. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති හැදෙන විදිහක් ඒක.
කොහොමහරි මේ මනාල යුවළගේ නැටුම මේ තරම් හිට් එකක් වන්නේ මනමාලියගේ ඉදිරිපත් කිරීම නිසා යි. ඇයට ඇති සුභවාදී සැහැල්ලු සමාජශීලී පෞරුෂය මනමාලියක් විදිහට වුවද සියළුම දෙනා ඉදිරියේ දෙනු ලැබූ ගීතයකට ක්ෂණිකයෙන් ආකර්ශනීය විදිහට නටන්නට පුළුවන් වීමයි. අද මනාලියන් නැටීම අමුතු දෙයක් නොවුනත් මේ කාන්තාවගේ ඇති යම් කියුට් සහ ආකර්ෂණීය බවක් නිසා ඒක මතුවෙනවා. ඒ එම ගැහැණියගේ පෞරුෂයයි( Personality).

මේ සමස්ත සිදුවීම අපිට ගන්න සිදුවෙන්නේ මනුෂ්‍යයා තම ජීවිතයේ කරන සැමරීමකටයි. මනුෂ්‍ය ජීවිතයේ ඈත අතීතයේ ඉඳන් ඉතාම වැදගත් කොටසක් තමයි ජීවිතයේ විවිධ අවස්ථාවන් සැමරීම හෙවත් සෙලිබ්‍රේට් (celebrate) කිරීම.අපි ඒ නැටුම ගැන කතා කිරීම නැරඹීම අවසානයේ හිට් එකක් වීම මේ සියල්ලම වැටෙන්නේ සැමරීමටයි. සාමාන්‍යයෙන් කාන්තාවගේ සාම්ප්‍රදායික භූමිකාවක් විදියට සලකන මනාලිය ඇය ඉන්නට ඕන ආකාරයත් දැන් ඇයව අප සමරන ආකාරයත් සම්පූර්ණයෙන් මෙන් වෙනස්. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි වඩාම සාම්ප්‍රදායිකව මනාමාලිය දෙස බලන්නට පුරුදු සමාජයක මනමාලියක් නැටීම මෙතරම් ඉහළින් සැමරීමත් අවසානයේ බොහෝ පිරිමින්ම කියන්න පටන් අරන් තියෙන ‘කවදා හරි ‘මාත් බඳින්නේ ඔය වගේ නටන්න පුළුවන්( සමාජශීලී) ගැහැනියක් කියන එකත් වැදගත් පණිවිඩයක්. මේ සිද්ධිය හිට් එකක් වීමෙන් ඒ සඳහා විශාල ඉන්ස්පරේෂන් එකක් සාමාන්‍ය සමාජය තුළ ඇතිකල අතර සමහර විට එය කාන්තාව පිළිබඳව ලියූ න්‍යායික පොත් ගණනාවකින් කරන්න බැරි තරම් බලපෑමක් වෙන්න පුළුවන්. කසාදයට ඇති ‘න්‍යෂ්ටික බලය’ අහෝසි වී යාමට එහි ඇති සාම්ප්‍රදායික සීමාවන් ඒ තුළම දියවී යා යුතුයි.

ඒ අනුව මිලියන ගානක් සැමරුවේ ගැහැණියකුගේ ‘අසම්පදායික’ පෞරුෂයයි. මේ සමස්ත සිදුවීම මෙතරම් හිට් එකක් වෙලා සැමරීමෙන් සමාජයට ඉතුරු කරපු වැදගත් පණිවිඩය ඒකයි. යමක් හිට් එකක් උනේ මොන කාරණාවටද කියන එක අදාළම නැහැ. එය අවසානයේ සමාජයට ඉතුරු කළේ කවර අර්ථයක්ද පණිවිඩයක්ද කියන එකයි වඩා වැදගත්.

මෙවැනි පෞරුෂයන් ඇති ගැහැණුන් සහ මෙහෙම නටන්න පුළුවන් ගැහැනුන් ද තව එමට ඇතිමුත් මෙය මතුවන්නේ එහි ඇති දුර්ලභකමකට වඩා අහම්බයකින්. ඒ වගේම මේ පීස් එක මෙතරම් රසවත් වෙන්නේ එම යුවළගේ සම්බන්ධයේ ඇති සාර්ථකත්වයකට වඩා එහි ඇති කලාත්මක හේතු මතයි. එය නිෂ්පාදනය කරන්නේ කලා කෘතියකට සමානව සංකේතාත්මක අර්ථයක් පමණයි. එබැවින් මේ වීඩියෝව දැක මේ යුවළගේ ගෙවල්වල යෑමෙන් ප්‍රේමය හෝ කසාදය සම්බන්ධයෙන් අදියතාර්ථවාදී කතාවක් ඔබට හමුවන්නේ නැහැ.

ධනංජය කරුණාරත්න

Related articles

“අපි පොහොසත් ක්‍රීඩකයන්. අප දුප්පත් රටවලට යන්නේ නැහැ”- ශෙවාග්

ශෙවාග් සහ ඇරියස් ක්‍රිකට් ගහන කාලේ විරේන්දර් ශෙවාග් භයානක පිතිකරුවෙක්.සනත් ජයසූරිය හඳුන්වා දුන් ප්‍රවේගකාරී ආරම්භය අනුගමනය කළ පිතිකරුවෙක්.එකල ඔහු...

තරුෂි ඉදිරියට යා යුතුමය

තරුෂි කරුණාරත්න කියූ පමනින් මුලු ලංකාවම හඳුනනවා. මැණික් හින්න, වලල ඒ රත්නායක මධ්‍යමහා විද්‍යාලයෙන් ධාවන පතයට පිවිසි තරුෂිට...

කලාත්මක ඡායාරූපකරණය මියගියාද ?

“කලාත්මක ඡායාරූපකරණයේ අවසානය”, යන මැයෙන් වූ අන්තර්ජාල සාකච්ඡාවකට මම ඊයේ සහභාගි වුනෙම්. එය Sequel Collective නම් වූ තරුණ...

සිසුන් 200ට අඩු පාසල් 5,161ක් : අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් ගැන වගකීම බරපතළ ලෙස ප්‍රශ්න කරන සිස්ටම් ඔඩිට් එකක් !

අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සංගණන වාර්තාවලට අනුව ලංකාවේ රජයේ පාසල් 10,194කි. රජයේ නොවන පාසල් 859ක්, ජාත්‍යන්තර පාසල් 265ක්, පෞද්ගලික...