සින්ගල්ටන් ශෙල්ටන්

Share post:

සින්ගල් මෝල්ට් කලවං නැති විස්කිය. සින්ගල්ටන් සින්ගල් මෝල්ට්වල බ්‍රෑන්ඩ් එකකි. සිංගල්ටන් යනු තනි දෙයකි. අපේ භාෂාවෙන් කියනවා නම් තනි අලියෙකි. ශේල්ටන් යනු එහෙව් මිනිසෙකි.

ශෙල්ටන් එතෙක් මෙතෙක් හමු වූ සින්ගල්ටන් මිනිසෙකි. ශෙල්ටන් පයාගල මෙනිසා අපි ඔහුව සින්ගල්ටන් ශෙල්ටන්ව බවට පත් කරන්නෙමු. ශෙල්ටන් පයාගල මිනිසෙක් යැයි කිව හැකි මනුෂ්‍යයාත්, සහෝදරයාත්, දර්ශනවාදියාත්, විචාරකයාත්, නිර්මාණකරුවාත් යන ගුණයන්ගේ ඇති බහු විධ අඩංගුවකි.
ඒ වගේම ශෙල්ටන් යනු සින්ගල්ටන් විරුද්ධාභාෂයකි; ඔහු දෙස බලා සිටින ලෝකයටත් ලෝකය දෙස බලා සිටිනා ඔහුටත්. ඔහු මිය ගොස් කාලයෙන් දශකයක් ඉක්මවා ඇතැත්, ඔහු තවමත් අප තුළ ජීවත් වන්නේ, මිය නො ගිය පුද්ගලයෙකු ලෙස ය. ඒ ඹහුගේ සමාජ වටිනාකම අදටත් හෙටටත් දැනෙන බැවිනි. ගුරුවරයෙකු ලෙස සම්මත ඉසව් අතික්‍රමණය කරමින් මහ පොළොවේ මාස්ටර් ය. කැපවීමේ, ආදරයේ, හදවතේ ප්‍රභූ නො වූ නිර්ප්‍රභූවරයා ය. මිනිස්කමේ ජීව ගුණය සිය ජීවන භාවිතය තුළ දරා ගෙන වෙඬරු මෙන් මොළොක් වූ, ගලක් මෙන් ඝණ වූ ජලය වැනි මිනිසා ය.

ඔහු හුදෙක් කෞතුකයක් නො වන භාවිතයකි. ක්‍රමයකට හසු කරගත නො හැකි, දේශපාලනික – සමාජ චරිතයකි. එය සින්ගල්ටන් සංකේතයකි. හදවතේ නො මැකෙන සිතුවමකි. දුර්ලභ ගුණයකින්, අලුත් ලෝකයක් ගොඩ නැගීමට මානව සමාජයට යහපත යෝජනා කළ මිනිසා ය. එසේ විය නො හැකි මෙසේ යැයි කිව හැකි නමුදු උපමාවකට ගත හැකි දැයි සැකැති රූපකයක්ම ය.

ඔහුගෙන් දැන උගත් පරපුර සුවිසාලයි. ඇසුරු කළ, එකට සිටි, ගැටුණු පරපුරත් එයම යි. සමකාලීනයන්ගේ සිට තරුණ පරපුරත් සීමා නොමැතිව ඔහු ද ඔවුන් ද එකිනෙකා වැළඳ ගත්තෝ ය.

ජීවත්ව සිටිය දී ඔහුගේ ඇවැසි බව නො අඩු වුවත්, ඔහු නො මැති අඩුව සමාජයට අවශ්‍යව ඇත්තේ “පරමාදර්ෂී” ජීව ගුණයක් සහිත විරුද්ධාභාෂයක් වශයෙනි. ඒ ඔහුගේ චරිතයේ ඇති සරලතාව මෙන්ම සංකීර්ණතාව මුසු වූ බහු මානීය ඒකත්වයක් ලෙස ය.
ඔහු තවමත් සමාජයට අවැසිය. එබැවින් ඔහු ගැන කිව යුතු ය, කතා කළ යුතු ය. එය අප අප විසින්ම කළ යුතු දෙයක් වී ඇත.
අදහසක් සහ යෝජනාවක් ලෙස ශෙල්ටන් පයාගල පිළිබඳ මතකයන් එක තැනකට ගොනු කරමු. අදහස්, සබඳතා හා කළ හැකි කළ යුතු යැයි හිතෙන දෑ

මෙම සාමූහිකය සංවාදයත්, සන්නිවේදනයක් පිණිස යොදා ගැනීමට බලාපොරොත්තු වෙමු. මෙය ශෙල්ටන් පයාගලයන්ගේ ජීවන චරිතාපදනයක් බවට පත්කර ගැනීමට මුල පුරන පියවරකි.
ඔබගේ මැදිහත්වීමත් අදහසුත් යෝජනාත් සමඟ අපි මේ වැඩේ කරමු.
සින්ගල්ටන් ශෙල්ටන් වෙනුවෙනි.

ශෙල්ටන් පයාගල පිළිබඳ මතකයන් එක තැනකට ගොනු කරමු. ඔබ සතුව ඇති ශෙල්ටන් පයාගලයන්ගේ ඡායාරුප, ලිපි, මෙම විද්‍යුත් ලිපිනයට යොමුකරන්න [email protected]

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...