“චන්ද්‍රකුමාර කදනාරච්චි අද මියගිය පුවත ඇසෙත්ම මට යම් කම්පනයක් ඇති වුණා”

Share post:

සමහර ගීත ආදී කලා නිර්මාණ වලට අපි බැඳෙන්නේ හෝ සමීප වෙන්නේ හරියට විග්‍රහ කර ගන්න පුළුවන් තාර්කික හේතුවක් නිසා නෙමෙයි. හෝ ඒ කලා කෘති අවශ්‍යයෙන්ම විශිෂ්ට නිර්මාණ විදිහට සාර්ථක වීම නිසාත් නෙමෙයි. ඊට වඩා ඒවා අපේ ජීවිත එක්ක යම්කිසි ආත්මීය අතිශය පුද්ගලික සම්බන්ධතා ඇතිවීම නිසයි. කරුණාසේන ජයලත්ගේ ගැහැණු ළමයි නවකතාව ගත්තොත් මම කියවලා තියෙන නවකතාවල ඇති සාර්ථකත්වය සමඟ බැලුවොත් කිසිසේත් ඒ අර්ථයෙන් විශිෂ්ට නවකතාවක් කියලා කියන්න අමාරුයි. නමුත් ඒක මම කියෙව්වේ මගේ නව යොවුන් කාලයේ යි. ඒක කියෙව්වට පස්සේ එම ගැහැණු ළමයින් නවකතාවෙන් තොර මගේ නව එවුන් කාලයක් ගැන මට මෙනෙහි කරන්නත් බැහැ. ඒක බද්ද වෙන්නේ මට එහෙමයි. ඒක විශිෂ්ට නම් විශිෂ්ට වෙන්නෙත් එහෙමයි.

ගීත වගේ ගත්තොත් අපි හැදුන වැඩුණු පරිසරය තුළ නිතර ඇසුණ පවුලේ අය විසින් නිතර කියපු නිසා තවත් විවිධ සිදුවීම් එක් කළා බද්ධ වී ඇති නිසයි අපි සමහර ගීත වලට ඒ තරම් කැමති. චන්ද්‍ර කුමාර කදනාරච්චි ගායකයා අද මියගිය පුවත ඇසෙත්ම මට. යම් කම්පනයක් ඇති වුණා. පස්සේ මම ඒ එක්කම කල්පනා කරන්න ගත්තා මොකක්ද ඒ කම්පනය කියලා. චන්ද්‍ර කුමාරටත් වඩා දක්ෂ ඊට වඩා ගීත කලාවට සේවයක් කරලා තියෙනවයි කියලා කියන්න පුළුවන් ගායකයින් මියගිය අවස්ථාවලවත් මට ඒක ඒ තරම් දැනිලා තිබුණේ නැහැ. චන්ද්‍රකුමාරගේ ගීත වික්ටර්ගේ, අමරදේවගේ හෝ රුකාන්තගේ ගීත විදිහට ගීතයට කරපු සේවය යටතේ තබන්නේ කොතනද කියලා මට ක්ෂණිකයෙන් හිතාගන්න අමාරුයි. ඒත් ශ්‍රී ලාංකික ගීත කලාවේ ඔහුටත් යම්කිසි තැනක් අනිවාර්යයෙන් තිබෙන බවට සැකයක් නැහැ. ඔවුන් වෘත්තීය ගායකයින් වෙන්නට හදපු ධාරාවට වඩා හුදු ආශ්වාදය පිණිසම ගීත කියපු ගීත ධාරාවක අය බව නම් පැහැදිලියි. නමුත් ඊට වඩා මම ඔහුගේ අභාවයට කම්පනයට පත්වුණේ අර මං කලින් කිව්වා වගේ මට තිබුණ අතිශය පුද්ගල ආත්මීය ගනුදෙනු වගයක් නිසයි. ඒ මම ඔහුගේ ගීත කුඩා කාලයේ තවත් බොහෝ සිදුවීම් එක්කල නිතර ඇසීමයි. ඒකට එක ප්‍රධාන හේතුවක් උනේ මගේ තාත්තාගේ ප්‍රියතම ගායකයෙක් ඔහු. ඒ වගේම අතිශය ගීත ලෝලියකු තාත්තාගේ හැඩරුවත් ඔහුගේ වගේමයි.

පහත සඳහන් ගීතය ඇහෙන විට අදත් ජීවිතය ගැන මොකක්දෝ නැවුම් චමත්කාරජනක උද්යෝගිමත් සුන්දර පින්තූරයක් මැවෙනවා. ඒත් එදා වගේම ඒ හැඟීම් හරියටම මොනවද කියලා කියන්ඩ අදත් මට තේරෙන්නේ නෑ.

නෙළුම් විලේ කැළුම් පෙරා
පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා
එළියයි ලොව සොඳුරේ

උදාවෙන්න යළි උදෑසනින්
හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින්
මා ළත වෙන යාමේ

සඳේ කැළුම් පරාද වෙයි
සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ
යලි ඔබ හමුවේවා

ධනංජය කරුණාරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...