“චන්ද්‍රකුමාර කදනාරච්චි අද මියගිය පුවත ඇසෙත්ම මට යම් කම්පනයක් ඇති වුණා”

Share post:

සමහර ගීත ආදී කලා නිර්මාණ වලට අපි බැඳෙන්නේ හෝ සමීප වෙන්නේ හරියට විග්‍රහ කර ගන්න පුළුවන් තාර්කික හේතුවක් නිසා නෙමෙයි. හෝ ඒ කලා කෘති අවශ්‍යයෙන්ම විශිෂ්ට නිර්මාණ විදිහට සාර්ථක වීම නිසාත් නෙමෙයි. ඊට වඩා ඒවා අපේ ජීවිත එක්ක යම්කිසි ආත්මීය අතිශය පුද්ගලික සම්බන්ධතා ඇතිවීම නිසයි. කරුණාසේන ජයලත්ගේ ගැහැණු ළමයි නවකතාව ගත්තොත් මම කියවලා තියෙන නවකතාවල ඇති සාර්ථකත්වය සමඟ බැලුවොත් කිසිසේත් ඒ අර්ථයෙන් විශිෂ්ට නවකතාවක් කියලා කියන්න අමාරුයි. නමුත් ඒක මම කියෙව්වේ මගේ නව යොවුන් කාලයේ යි. ඒක කියෙව්වට පස්සේ එම ගැහැණු ළමයින් නවකතාවෙන් තොර මගේ නව එවුන් කාලයක් ගැන මට මෙනෙහි කරන්නත් බැහැ. ඒක බද්ද වෙන්නේ මට එහෙමයි. ඒක විශිෂ්ට නම් විශිෂ්ට වෙන්නෙත් එහෙමයි.

ගීත වගේ ගත්තොත් අපි හැදුන වැඩුණු පරිසරය තුළ නිතර ඇසුණ පවුලේ අය විසින් නිතර කියපු නිසා තවත් විවිධ සිදුවීම් එක් කළා බද්ධ වී ඇති නිසයි අපි සමහර ගීත වලට ඒ තරම් කැමති. චන්ද්‍ර කුමාර කදනාරච්චි ගායකයා අද මියගිය පුවත ඇසෙත්ම මට. යම් කම්පනයක් ඇති වුණා. පස්සේ මම ඒ එක්කම කල්පනා කරන්න ගත්තා මොකක්ද ඒ කම්පනය කියලා. චන්ද්‍ර කුමාරටත් වඩා දක්ෂ ඊට වඩා ගීත කලාවට සේවයක් කරලා තියෙනවයි කියලා කියන්න පුළුවන් ගායකයින් මියගිය අවස්ථාවලවත් මට ඒක ඒ තරම් දැනිලා තිබුණේ නැහැ. චන්ද්‍රකුමාරගේ ගීත වික්ටර්ගේ, අමරදේවගේ හෝ රුකාන්තගේ ගීත විදිහට ගීතයට කරපු සේවය යටතේ තබන්නේ කොතනද කියලා මට ක්ෂණිකයෙන් හිතාගන්න අමාරුයි. ඒත් ශ්‍රී ලාංකික ගීත කලාවේ ඔහුටත් යම්කිසි තැනක් අනිවාර්යයෙන් තිබෙන බවට සැකයක් නැහැ. ඔවුන් වෘත්තීය ගායකයින් වෙන්නට හදපු ධාරාවට වඩා හුදු ආශ්වාදය පිණිසම ගීත කියපු ගීත ධාරාවක අය බව නම් පැහැදිලියි. නමුත් ඊට වඩා මම ඔහුගේ අභාවයට කම්පනයට පත්වුණේ අර මං කලින් කිව්වා වගේ මට තිබුණ අතිශය පුද්ගල ආත්මීය ගනුදෙනු වගයක් නිසයි. ඒ මම ඔහුගේ ගීත කුඩා කාලයේ තවත් බොහෝ සිදුවීම් එක්කල නිතර ඇසීමයි. ඒකට එක ප්‍රධාන හේතුවක් උනේ මගේ තාත්තාගේ ප්‍රියතම ගායකයෙක් ඔහු. ඒ වගේම අතිශය ගීත ලෝලියකු තාත්තාගේ හැඩරුවත් ඔහුගේ වගේමයි.

පහත සඳහන් ගීතය ඇහෙන විට අදත් ජීවිතය ගැන මොකක්දෝ නැවුම් චමත්කාරජනක උද්යෝගිමත් සුන්දර පින්තූරයක් මැවෙනවා. ඒත් එදා වගේම ඒ හැඟීම් හරියටම මොනවද කියලා කියන්ඩ අදත් මට තේරෙන්නේ නෑ.

නෙළුම් විලේ කැළුම් පෙරා
පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා
එළියයි ලොව සොඳුරේ

උදාවෙන්න යළි උදෑසනින්
හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින්
මා ළත වෙන යාමේ

සඳේ කැළුම් පරාද වෙයි
සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ
යලි ඔබ හමුවේවා

ධනංජය කරුණාරත්න

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...