ලංකාවට ඇතුළු වීම තීරණය කිරීමේ බලය පෞද්ගලික සමාගමකට : ආගමන විගමන පාලක මහජන ආරක්ෂක අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දෙයි !

Share post:

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් මෙරටට ඇතුළු වන සංචාරකයන්ට වීසා ලබාදීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමකට ලබාදීමට තීරණය කර තිබේ.

ආගමන විගමන පාලක අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය විසින් ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත. ඒ අනුව ලබන 01දා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ යාපනය ගුවන් තොටුපොළ පරිශ්‍රවලදී VFS Global පෞද්ගලික සමාගම මගින් මේ පහසුකම් ලබාගත හැකිය.

ETA : Electronic Travel Authority මෙතෙක් ලබාදෙන ලද්දේ www.eta.gov.lk වෙබ්අඩවිය මගිනි. සංක්‍රමණ වීසා දින 02කින්, සංචාරක වීසා දින 30කින්, ව්‍යාපාරික වීසා දින 30කින් නොමිලයේ ලබාගැනීමට මේ වන විට පහසුකම් තිබේ. අනෙකුත් වීසා පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් 52ක ගාස්තුවක් ද, සාර්ක් රටවල් සඳහා ඩොලර් 20ක ගාස්තුවක් ද දැනට අයකරනු ලබයි.

විදේශිකයන් බොහෝ විට වීසා ලබාගැනීම සඳහා භාවිත කරනු ලබන්නේ මේ ක්‍රමවේදයයි. මේ යටතේ අදාළ සියලු තොරතුරු එක් ක්‍රමවේදයකට රැස්කරනු ලබයි.

මේ සියලු කටයුතු ඒකාබද්ධ ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවක් සඳහන් වුවද, විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ සියලු වගකීම් පෞද්ගලික සමාගම භාරයට පත්කිරීමට නියමිත බවයි.

2023 සැප්තැම්බර් 08 දිනැති අංක 38/2023 දරන කැබිනට් පත්‍රිකාව මගින් මීට අදාළ අනුමැතිය ලබාදී ඇත. ආනයන අපනයන පාලකවරයා විසින් යොමුකර ඇති ඉහත සඳහන් කළ ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සහ වරාය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ද පිටපත් කර තිබේ.

Related articles

ශෂීන්ද්‍රට හොර පාරෙන් වන්දි ගන්න සහාය දුන් බවට සැක අධ්‍යක්ෂ ජනරාල් අත්අඩංගුවට !

මහවැලි අධිකාරිය සතු ඉඩමක් සම්බන්ධයෙන් සිදු වූ බවට සැකකෙරෙන වන්දි වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් වන්දි ගෙවීමේ කාර්යාලයේ...

” ‘කන්ද උඩ ගින්දර’ නවකතාව කියවාගෙන යද්දී ඉංග්‍රීසි සාහිත්‍යයේ ගොතික් සම්ප්‍රදාය මතක් වුණා”

නවකතාවන් අතර නිර්මාණයකට මෙහෙයවීම අසීරුම ලියවිල්ල ඓතිහාසික නවකතාව කියලා කීවෝත් ඔබ එකඟ වෙයි. ඓතිහාසික මූලාශ්‍ර මත පාඨක මනසෙහි...

“සෘතු සංහාරය” -(පරිවර්තනය) කරුණාරත්න අමරසිංහ

නූතන තාක්ෂණයේ වේගවත් දියුණවත් නවීන තාක්ෂණ මෙවලම් හඳුන්වාදෙනු ලැබීමේ වේගයත් හමුවේ අදවන විට මතුන ඇති අදහසක් වනුයේ සාහිත්‍ය...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ !

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක...