ලංකාවට ඇතුළු වීම තීරණය කිරීමේ බලය පෞද්ගලික සමාගමකට : ආගමන විගමන පාලක මහජන ආරක්ෂක අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දෙයි !

Share post:

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් මෙරටට ඇතුළු වන සංචාරකයන්ට වීසා ලබාදීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමකට ලබාදීමට තීරණය කර තිබේ.

ආගමන විගමන පාලක අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය විසින් ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත. ඒ අනුව ලබන 01දා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ යාපනය ගුවන් තොටුපොළ පරිශ්‍රවලදී VFS Global පෞද්ගලික සමාගම මගින් මේ පහසුකම් ලබාගත හැකිය.

ETA : Electronic Travel Authority මෙතෙක් ලබාදෙන ලද්දේ www.eta.gov.lk වෙබ්අඩවිය මගිනි. සංක්‍රමණ වීසා දින 02කින්, සංචාරක වීසා දින 30කින්, ව්‍යාපාරික වීසා දින 30කින් නොමිලයේ ලබාගැනීමට මේ වන විට පහසුකම් තිබේ. අනෙකුත් වීසා පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් 52ක ගාස්තුවක් ද, සාර්ක් රටවල් සඳහා ඩොලර් 20ක ගාස්තුවක් ද දැනට අයකරනු ලබයි.

විදේශිකයන් බොහෝ විට වීසා ලබාගැනීම සඳහා භාවිත කරනු ලබන්නේ මේ ක්‍රමවේදයයි. මේ යටතේ අදාළ සියලු තොරතුරු එක් ක්‍රමවේදයකට රැස්කරනු ලබයි.

මේ සියලු කටයුතු ඒකාබද්ධ ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවක් සඳහන් වුවද, විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ සියලු වගකීම් පෞද්ගලික සමාගම භාරයට පත්කිරීමට නියමිත බවයි.

2023 සැප්තැම්බර් 08 දිනැති අංක 38/2023 දරන කැබිනට් පත්‍රිකාව මගින් මීට අදාළ අනුමැතිය ලබාදී ඇත. ආනයන අපනයන පාලකවරයා විසින් යොමුකර ඇති ඉහත සඳහන් කළ ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සහ වරාය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ද පිටපත් කර තිබේ.

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...