කෙනෙක්ට තමන්ගේම අතීතය දිහා බලාගෙන ඉන්න පුළුවන්නම්?

Share post:

මාඝාත නාට්‍යයයේ පළමු නිෂ්පාදනයේ මංගල දර්ශනය පැවැත්වුණේ 1989 යේ ඔක්තෝබර් මාසයේ. එතකොට මම වයස අවුරුදු විසි හය (26)ක කොල්ලෙක්. එදා ලුම්බිණි රඟහලේ දොරවල් වහන්න හම්බ උනේ නැහැ. ඒ තරම් සෙනඟ. එක දොරටුවක් අසල ආසනයක බොහොම තැන්පත්ව ඉඳගෙන රිචඩ් ඩි සොයිසා නාට්‍යය නරඹන දර්ශනය මට තාම මතකයි. නාට්‍යයයේ පලවෙනි review එක ඊට පහුවෙන සති අන්තයේ The Island පුවත්පතට Crisis belongs to all of us මාතෘකාව යටතේ ලියූ වෙත් ඔහුමයි.

ඒ කාලේ රටේ තිබුනේ භීම සමයක්. මරා දැමුණු තරුණ තරුණියන්ගේ මළ සිරුරු ගංගා ඇළ දොළ වල පාවුනා. පාරේ හන්දිගානේ ටයර් උඩ දැවුණා. මේ නාට්‍යය ගැන ලියූ රිචඩ් නිවසින් පැහැරගෙන ගොස් මරා දැමුණා.

ඒ කාලේ විරෝධාකල්ප කලාවක් බිහි වුණා. මේ භීම සමය ගැන තරුණ කවියෝ කිවිඳියෝ කවි ලිව්වා. ගායක ගායිකාවෝ සින්දු කිව්වා. චිත්‍ර ශිල්පියෝ චිත්‍ර ඇන්දා. අපි වගේම උණ තියෙන නාට්‍යකරුවෝ නාට්‍ය කළා. එහෙම කරපු නාට්‍යයක් තමයි මාඝාත.

ඒ මාඝාත නාට්‍යයයේ පළමු නිෂ්පාදනයේ රඟපාපු රංගන ශිල්පියෙක් තමයි ප්‍රසාද් සූරියආරච්චි. අද එය නැවත නිෂ්පාදනයක් ලෙස කරළියට ගේනවා ඔහු. මුල් නිෂ්පාදනයේ රඟපෑ දෙතුන් දෙනෙක් නව නිෂ්පාදනයේ ද රඟපානවා. අද වේදිකාවේ ශිල්ප දක්වන දක්ෂ තරුණ තරුණියන් රැසක් එක්කරගෙන ප්‍රසාද් මේ හදන්නේ එදා නාට්‍යය අද ප්‍රේක්ෂකාගාරයට ඒ විදිහටම රඟ දක්වලා පෙන්නන්න.

මම අද ප්‍රේක්ෂකයෙක් හැටියට ප්‍රේක්ෂකාගාරයට වෙලා නාට්‍යයය දිහා බලා ඉන්න බලාපොරොත්තුව ඉන්නවා. මට දැනෙන්නේ හරියට මං මගේම අතීතය දිහා බලාගෙන ඉන්න පෙරුම් පුරනවා වගේ. කෙනෙක්ට තමන්ගේම අතීතය දිහා බලාගෙන ඉන්න පුළුවන්නම්. ?

අශෝක හඳගම

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...