ආගමි මුළාවෙන් වෙළුණු සේපියන්ලා සහ ‘The Kerala Story’

Share post:

ආගමි කියන්නේ මිථ්‍යා කතන්දර එක්ක තදින් බැඳුණු, මිනිස්සු විසින් තමන් පාලනය කරගන්න නිර්මාණය කරගත්ත භාෂාමය ලෝකය තුළ පමණක් පවතින හුදු ප්‍රපංචයක් පමණයි. ආගම දෘෂ්ටිවාදි උපකරණයක් විදියට ගන්නත් පුළුවන්. දෙවන ලෝක යුද්ධයෙදි මිලියන 38ක මළ සිරුරු කඳු විදියට ගොඩ ගැහෙද්දි කෝ ඔය තමන් ආරක්ෂා කරන දෙවියන් කොහෙද හිටියේ කියලා නිටිෂේ විසින් ඇහුවා. දෙවියන් කියන අකුරු හතර තියෙන්නේ භාෂාව නමැති ලෝකයේ පමණයි. භෞතික පැවැත්මක් නැත.

හෝමෝ සේපියන්ලා වසර දහ දහස් ගණනකට පෙර දඩයමි යුගයේ සිටින විට ඔය කිසිදු ආගමක් මිහිපිට තිබුනේ නැත. ඔවුන්ට තිබුණ එකම දෙය නමි තම වර්ගයාගේ බඩගින්න නිවාගන්නට දඩයමක් සොයා ගැනීම පමණයි. පසුව හෝමෝ සේපියන්ලා විසින් කෘෂිකාර්මික විප්ලවයේ පරිණාමිය ගමනත් සමඟ පරිකල්පනමය පටිපාටියෙන් ගොඩ නඟන කතන්දර මඟින් ආගමි සියල්ල නිර්මාණය කරගත්තා කියලා යුවල් නෝවා හරාරි කියනවා. ඇත්තටම ආගමි, සංස්කෘතිය, සිරිත් විරිත් කියන්නේ අපිම හදාගත් පරිකල්පනමය සාධක මත ඒවා මිස අදෘෂ්‍යමාන බලවෙිගයකින් හෝ මිහිපිටට පැමිණි පිටසක්වළ ජීවිකයකු විසින් දායාද කළ ඒවා නොවෙයි. කවුරු කෙසේ කීවත්, ආගම හෝ ජාතිය සහ මානවයන් අතර ජීව විද්‍යාත්මකව සමානකමක් හෝ වෙනස්කමක් ඇති බවට මෙතෙක් සොයාගෙන නැත. මනුෂ්‍යයන් විසින් නිර්මාණය කරගත් නීති හා ආචාර ධර්ම තුළින් මිනිසුන් ආගම සහ ජාතිය අනුව බෙදා වෙන් කරගෙන ඇත.
‘ද කේරළ ස්ටෝරි(2023)’ හින්දි චිත්‍රපටය විසින් සැමවිටම ප්‍රශ්න කරන්නේ මිනිසාගේ දැඩි රෝග ලක්ෂණයක් වී ඇති ⁣නොපෙනෙන දෙවියන්ද, ස්වර්ගය සහ අපාය මත පරිකල්පනය කරගත් හුදු ආගමික මිථ්‍යාවෙි හරය පිළිබඳවයි. ආගමිවලට මිනිස් මනසට කළ හැකි බලපෑම කෙතරමිද කියතොත් අල්තාරය ඉදිරිපිට හෝ පිළිම ඉදිරිපිට දණ ගැසීම සිට අනෙකාගේ බෙල්ල කැපීම දක්වා වූ ඔිනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කළ හැකිය. ස්ත්‍රී විමුක්තිය උදේ රෑ දිවා ප්‍රාර්ථනා කරන නූතනවාදි ලෝකයක කාන්තාවකට ඇති අර්බුදය පිළිබඳ ‘ද කේරල ස්ටොරි’ චිත්‍රපටය සාකච්ඡා කරනවා. ආගමික ආධිපත්‍යය පිළිබඳ සාකච්ඡා කරනවා. ආගම දැඩිව ප්‍රශ්න කරනවා. ආගමට එරෙහිව පහර පිට පහර එල්ල කරනවා.

ඉතිහාසඥයෙකු සහ කතුවරයෙකු වන යුවල් නෝවා හරාරි ඔහුගේ “Sapiens: A Brief History of Humankind” නම් කෘතියේ ආගම පිළිබඳ තර්ක කරන්නේ ප්‍රජාවන් එකට බැඳ තබන පොදු මිථ්‍යාවන් සහ විශ්වාසයන් ලබා දීමෙන් මානව සමාජ හැඩගැස්වීමේදී ආගම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. කෙසේ වෙතත්, බොහෝ ආගමික කථාන්දර මිථ්‍යාවන් මිස වචනාර්ථ සත්‍ය නොවන බවත්, බල ව්‍යුහයන් සාධාරණීකරණය කිරීමට සහ ජනගහනය පාලනය කිරීමට ඉතිහාසය පුරා ආගම භාවිතා කර ඇති බවත් ඔහු යෝජනා කරනවා. හරාරි ආගම දකින්නේ මානව වර්ගයාගේ සංවර්ධනය සඳහා සැලකිය යුතු සමාජ හා මානසික ඇඟවුම් සහිත සංස්කෘතික නිර්මිතයක් ලෙසය. එය සත්‍යයක් ලෙස පිළිගත හැකි තර්කයකි.

‘ද කේරළ ස්ටෝරි’ චිත්‍රපටය හරහා සාකච්ඡාවට ලක් කරන ආගමෙි නාමයෙන් විකෘති කර ඇති මොළ ශෝධනය හරහා ප්‍රචණ්ඩත්වය පිරි සංකීර්ණ සමාජ සංවිධානයක් ස්ථාපිත වී ඇති බවයි. ඇදහිල්ල ප්‍රශ්නයක් නොවෙි. ප්‍රශ්නය වී ඇත්තේ ආගමෙි නාමයෙන් අනෙකා දෙස වපැරසින් බැලීමට දරණ මුග්ධ සිතුවිල්ලයි.අවසානයේ ශාලිනි, නිමා සහ ගීතාංජලීගේ ජීවිත හමාර වන්නේ මොළ ශෝධනයේ ප්‍රතිවිපාකවලට හසු වීමෙනි. ‘ද කේරළ ස්⁣ටෝරි’ යනු සැමෙකෙක්ම නැරඹිය යුතු චිත්‍රපටයකි. ඔබෙි තර්කනයේ පරිමාව, විචාර බුද්ධියේ පරිමාව මැන ගැනීමට කදිම චිත්‍රපටයකි.

මලින්ත විතානගේ

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...