‘වසීම් අක්‍රම්’ පන්නයේ දෝලනයකින් පන්දු යැවූ නුවන් තුෂාර

Share post:

සාමාන්‍යයෙන් “ස්ලිංගි” ඉරියව්වකින්, හරස් අතට පන්දු යවනා ක්‍රීඩකයන්ට දෝලනය ලබා ගැනීම අපහසුයි.

මන්ද ස්ලිංගි ඉරියව්වකින් පන්දු යවද්දී සීමය, තනතීරුවේ පතිත කිරීම පහසු නැහැ.
නමුත් නුවන් තුෂාර අද ‘වසීම් අක්‍රම්’ පන්නයේ දෝලනයකින් පන්දු යැව්වා.

ඔහු අලුත් පන්දුව, නිවැරදිව සීමය පතිත කරමින් ලබා ගත් දෝලනය පිතිකරුවන්ට කියවීමට බොහෝ අපහසු එකක්.
එහි ප්‍රමාද වූ දෝලනයක් තිබුණා.

අද ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ ලෝක කුසලානයට පෙර ක්‍රීඩා කරනා අවසන් T20 තරගය.
එම තරගයත්, සමස්ත තරගාවලියත් ජයග්‍රාහීව අවසන් කිරීමට ලැබීම ශ්‍රී ලංකාව පැත්තෙන් බොහෝ සුභවාදී සාධකයක්.
පිතිකරණයෙන් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණියා.

ලෝක කුසලානයේ දී ඔහු ආරම්භක පිතිකරණ ස්ථානයට සුදුසු බව ඔප්පු කළා.
එනමුත් ශ්‍රී ලංකාව පැත්තෙන් වැදගත්ම සොයා ගැනීම වුණේ නොම්මර තුන පිතිකරු කමිඳු මෙන්ඩිස්.
තරගාවලිය පුරාවටම ඔහු පළමු පන්දුවේ සිටම කණ්ඩායමට අවශ්‍ය ඉනිම ක්‍රීඩා කළා.

මේ තරග තුනම විශ්ලේෂනය කළහොත් කුසල් මෙන්ඩිස්ට හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නිදහස නිර්මාණය කළේ කමිඳු මෙන්ඩිස් විසින්.
කුසල් මෙන්ඩිස්ගේ ආරම්භය තරමක මන්දගාමීයි. ඔහුට අවශ්‍ය නිදහස පළමු පන්දුවේ සිටම වේගයෙන් ක්‍රීඩා කරනා කමිඳුගෙන් හිමි වුණා.
එමෙන්ම නොම්මර තුන ක්‍රීඩා කිරීමට සුදුසු තවත් පිතිකරුවන් මෙරට සිටින බව ඔප්පු වීමත් වැදගත්.
තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා ආරම්භය අසාර්ථකයි.
පැතුම් නිස්සංක පැමිණි පසු කණ්ඩායම මීටවඩා සමබර එකක් වේවි.

එනමුත් නොම්මර හය, හත ක්‍රීඩා කරනා ඇන්ජලො මැතිවුස් සහ දසුන් ශානක සිය වගකීම නිවැරදිව කියවා ගැනීම වැදගත්.
අද ශ්‍රී ලංකාවට ලකුණු 200ක් ලබා ගැනීමට තිබූ ඉනිමක් ලකුණු 174කින් නැවතීමට බලපෑවේ එම මැදපෙළ ගැටලුවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරගයක් ජයග්‍රහණය කරවිය හැකි බව අද යළිත් ඔප්පු වුණා.

නුවන් තුෂාර, මතීෂ පතිරණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක යන සිව්දෙනාගෙන් දෙදෙනෙකු අවසන් 11 දෙනා අතරට තෝරා ගැනීම නම් බොහෝ අපහසු වේවි.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...