‘වසීම් අක්‍රම්’ පන්නයේ දෝලනයකින් පන්දු යැවූ නුවන් තුෂාර

Share post:

සාමාන්‍යයෙන් “ස්ලිංගි” ඉරියව්වකින්, හරස් අතට පන්දු යවනා ක්‍රීඩකයන්ට දෝලනය ලබා ගැනීම අපහසුයි.

මන්ද ස්ලිංගි ඉරියව්වකින් පන්දු යවද්දී සීමය, තනතීරුවේ පතිත කිරීම පහසු නැහැ.
නමුත් නුවන් තුෂාර අද ‘වසීම් අක්‍රම්’ පන්නයේ දෝලනයකින් පන්දු යැව්වා.

ඔහු අලුත් පන්දුව, නිවැරදිව සීමය පතිත කරමින් ලබා ගත් දෝලනය පිතිකරුවන්ට කියවීමට බොහෝ අපහසු එකක්.
එහි ප්‍රමාද වූ දෝලනයක් තිබුණා.

අද ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ ලෝක කුසලානයට පෙර ක්‍රීඩා කරනා අවසන් T20 තරගය.
එම තරගයත්, සමස්ත තරගාවලියත් ජයග්‍රාහීව අවසන් කිරීමට ලැබීම ශ්‍රී ලංකාව පැත්තෙන් බොහෝ සුභවාදී සාධකයක්.
පිතිකරණයෙන් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණියා.

ලෝක කුසලානයේ දී ඔහු ආරම්භක පිතිකරණ ස්ථානයට සුදුසු බව ඔප්පු කළා.
එනමුත් ශ්‍රී ලංකාව පැත්තෙන් වැදගත්ම සොයා ගැනීම වුණේ නොම්මර තුන පිතිකරු කමිඳු මෙන්ඩිස්.
තරගාවලිය පුරාවටම ඔහු පළමු පන්දුවේ සිටම කණ්ඩායමට අවශ්‍ය ඉනිම ක්‍රීඩා කළා.

මේ තරග තුනම විශ්ලේෂනය කළහොත් කුසල් මෙන්ඩිස්ට හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නිදහස නිර්මාණය කළේ කමිඳු මෙන්ඩිස් විසින්.
කුසල් මෙන්ඩිස්ගේ ආරම්භය තරමක මන්දගාමීයි. ඔහුට අවශ්‍ය නිදහස පළමු පන්දුවේ සිටම වේගයෙන් ක්‍රීඩා කරනා කමිඳුගෙන් හිමි වුණා.
එමෙන්ම නොම්මර තුන ක්‍රීඩා කිරීමට සුදුසු තවත් පිතිකරුවන් මෙරට සිටින බව ඔප්පු වීමත් වැදගත්.
තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා ආරම්භය අසාර්ථකයි.
පැතුම් නිස්සංක පැමිණි පසු කණ්ඩායම මීටවඩා සමබර එකක් වේවි.

එනමුත් නොම්මර හය, හත ක්‍රීඩා කරනා ඇන්ජලො මැතිවුස් සහ දසුන් ශානක සිය වගකීම නිවැරදිව කියවා ගැනීම වැදගත්.
අද ශ්‍රී ලංකාවට ලකුණු 200ක් ලබා ගැනීමට තිබූ ඉනිමක් ලකුණු 174කින් නැවතීමට බලපෑවේ එම මැදපෙළ ගැටලුවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරගයක් ජයග්‍රහණය කරවිය හැකි බව අද යළිත් ඔප්පු වුණා.

නුවන් තුෂාර, මතීෂ පතිරණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක යන සිව්දෙනාගෙන් දෙදෙනෙකු අවසන් 11 දෙනා අතරට තෝරා ගැනීම නම් බොහෝ අපහසු වේවි.

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...