තිඹිරියාගම බණ්ඩාර: ග්‍රාමීය විකල්ප නවීනත්වයක ආදර්ශයක්

Share post:

ඉහත සදහන් වන්නේ මා ඉදිරි වසර හෝ දෙක තුළ රචනා කිරීමට බලාපොරොත්තුවන කෘතියක නමයි. මේ කෘතිය ලිවීමේ පෙළඹවීම මා තුළ ඇති කළේ මේ ඡායාරූපයයි. වයස අවුරුදු විසිඑකක තරුණයෙක් ලෙස Thimbiriyagama Bandara මෙහිදී සිය කොළඹින් දුර බැහැර දිළිදු ග්‍රාමීය නිවසේ මේ ඡායාරූපයට පෙනී සිටින්නේ මාර්ටින් වික්‍රමසිංහගේ මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය කෘතිය අතේ තබාගෙනයි. ඔහු මේ පොත මිලදී ගත්තේ වයස අවුරුදු 16 දී බව ඔහු කියයි. මේ යුගය සිංහල ගැමි තරුණයා ජවිපෙ කැරළිකාරිත්වය වටා පෙළ ගැසෙමින් සිටි යුගයයි. එකී තරුණ කැරළිකාරිත්වය ග්‍රාමීය නවීනත්වයේ ඓන්ද්‍රීය අංගයක් විය. එසේ තිබියදී ඊට තවත් තරුණ පිරිසක් අතර පැතිර තිබූ වෙනස් ආකාර නවීනත්වයක් මේ ඡායාරූපයෙන් නියෝජනය වේ.

තිඹිරියාගම බණ්ඩාර කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණියේ 1985 අගදීය. එවිට මා කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේය. ඔහු පැමිණි විගස දිවයින පුවත්පතට නවකවදයට විරුද්ධව මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් අතර පවත්නා බුද්ධිමය අපරිනතභාවය විවේචනය කරමින් ලිපියක් ලිවීය. මේ ලිපියට මා අයත් වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ පිරිස්වලට යකා නැග්ගේය. ඔවුහු තිඹිරියාගම බණ්ඩාර හැදින්වූයේ “තිඹිරියාගම පැත්තේ ජුන්ටෙක්“ නමිනි. නමුත් මගේ අදහස මේ “තිඹිරියාගම පැත්තේ ජුන්ටා“ගෙන් ග්‍රාමීය තරුණ දේශපාලන නවීකරණයේ වැදගත් පැත්තක් නියෝජනය වන බවයි. ඇත්ත වශයෙන් ම එය ග්‍රාමීය තරුණ කැරළිකාරිත්වය හමුවේ පරාජයට පත් වූ නවීනත්වයකි. මගේ මේ (පොරොන්දු) කෘතිය ඒ පිළිබදවයි.

නිර්මාල් රංජිත් දේවසිරි (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...