තිඹිරියාගම බණ්ඩාර: ග්‍රාමීය විකල්ප නවීනත්වයක ආදර්ශයක්

Share post:

ඉහත සදහන් වන්නේ මා ඉදිරි වසර හෝ දෙක තුළ රචනා කිරීමට බලාපොරොත්තුවන කෘතියක නමයි. මේ කෘතිය ලිවීමේ පෙළඹවීම මා තුළ ඇති කළේ මේ ඡායාරූපයයි. වයස අවුරුදු විසිඑකක තරුණයෙක් ලෙස Thimbiriyagama Bandara මෙහිදී සිය කොළඹින් දුර බැහැර දිළිදු ග්‍රාමීය නිවසේ මේ ඡායාරූපයට පෙනී සිටින්නේ මාර්ටින් වික්‍රමසිංහගේ මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය කෘතිය අතේ තබාගෙනයි. ඔහු මේ පොත මිලදී ගත්තේ වයස අවුරුදු 16 දී බව ඔහු කියයි. මේ යුගය සිංහල ගැමි තරුණයා ජවිපෙ කැරළිකාරිත්වය වටා පෙළ ගැසෙමින් සිටි යුගයයි. එකී තරුණ කැරළිකාරිත්වය ග්‍රාමීය නවීනත්වයේ ඓන්ද්‍රීය අංගයක් විය. එසේ තිබියදී ඊට තවත් තරුණ පිරිසක් අතර පැතිර තිබූ වෙනස් ආකාර නවීනත්වයක් මේ ඡායාරූපයෙන් නියෝජනය වේ.

තිඹිරියාගම බණ්ඩාර කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණියේ 1985 අගදීය. එවිට මා කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේය. ඔහු පැමිණි විගස දිවයින පුවත්පතට නවකවදයට විරුද්ධව මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් අතර පවත්නා බුද්ධිමය අපරිනතභාවය විවේචනය කරමින් ලිපියක් ලිවීය. මේ ලිපියට මා අයත් වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ පිරිස්වලට යකා නැග්ගේය. ඔවුහු තිඹිරියාගම බණ්ඩාර හැදින්වූයේ “තිඹිරියාගම පැත්තේ ජුන්ටෙක්“ නමිනි. නමුත් මගේ අදහස මේ “තිඹිරියාගම පැත්තේ ජුන්ටා“ගෙන් ග්‍රාමීය තරුණ දේශපාලන නවීකරණයේ වැදගත් පැත්තක් නියෝජනය වන බවයි. ඇත්ත වශයෙන් ම එය ග්‍රාමීය තරුණ කැරළිකාරිත්වය හමුවේ පරාජයට පත් වූ නවීනත්වයකි. මගේ මේ (පොරොන්දු) කෘතිය ඒ පිළිබදවයි.

නිර්මාල් රංජිත් දේවසිරි (fb)

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...