ඇන්ටික් කඩේ වසාදැමීමට සුභ පැතුම්, හඳයා වේදිකාවට පිවිසෙනු ඇතැයි සිතමි

Share post:

හඳයාගෙ ‘ඇන්ටික් කඩයක මරණයක්’ වේදිකා නාට්‍යයේ අවසන් දර්ශන දෙක අද සහ හෙට වේදිකා ගතවෙනවා. වසර 35කට පසු හඳයා වේදිකා නාට්‍යකට අතගහැව්වෙ රැකියාවෙන් කලින්ම විශ්‍රාම අරගෙන . ඔහු වැඩක් කරනකොට ඒ වෙනුවෙන් වෙන මහන්සිය, කැප කිරීම ඔහු සමග වැඩකරපු ,කරන අය අත්දැකීමෙන් දන්නවා. පාත්‍ර වර්ගයාගේ කටින් පිටවන හැම වචනය කටම , ඉදිරිපත් කරන හැම අංගචලනයකටම හඳයා වගකියන බව තහවුරුවෙන්නෙ ඒ හැ එකක්ම නැවත නැවතත් හරියටම සිදුවෙනවද බලන්න ඔහු හැම දර්ශනයකටම කලින් කරන පෙර පුහුණු වීම් වලින්. ඇන්ටික් කඩේ කියන්නෙ වේදිකාවෙ මෙගා නාට්‍යක්. එහෙම කියන්නෙ.වේදිකා නිර්මාණය වගෙම ,රංගන විලාශය ,සංගීතතය ,සහ රංගන ශිල්පීන්ගේ විශිෂ්ට ඉදිරිපත් කිරීම අනුව එය ලාංකික වේදිකාවෙ කලාතුරකින් බිහිවෙන වර්ගයේ නිර්මාණයක් නිසා.වසර ගනනාවකට පසු සව්ම්‍ය ලියනගේ රංගන පෞරුෂය වේදිකාවෙ දිස්වවෙන කොට සාරධා පතිරගේ වේදිකාව තුල තම අනන්‍යතාවය තහවුරු කරගන්නේ ප්‍රේක්ශක අවධානය ඩැහැගනිමින්. වසර තුනක් පුරාවට නාට්‍ය සමග බැදුණු ප්‍රේක්ශක ප්‍රජාවට එය අමතක නොවන සිහිවටනයක් බවට පත්වෙයි. නැවත තවත් නිර්මාණයකින් හදයා වේදිකාවට පිවිසෙනු ඇතැයි යන සුභ බලාපොරොත්තුව සමගින් ඇන්ටික් කඩේ වසාදැමීමට සුභ පැතුම් එක්කරමු..!

අනුර දයාරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...