ඇන්ටික් කඩේ වසාදැමීමට සුභ පැතුම්, හඳයා වේදිකාවට පිවිසෙනු ඇතැයි සිතමි

Share post:

හඳයාගෙ ‘ඇන්ටික් කඩයක මරණයක්’ වේදිකා නාට්‍යයේ අවසන් දර්ශන දෙක අද සහ හෙට වේදිකා ගතවෙනවා. වසර 35කට පසු හඳයා වේදිකා නාට්‍යකට අතගහැව්වෙ රැකියාවෙන් කලින්ම විශ්‍රාම අරගෙන . ඔහු වැඩක් කරනකොට ඒ වෙනුවෙන් වෙන මහන්සිය, කැප කිරීම ඔහු සමග වැඩකරපු ,කරන අය අත්දැකීමෙන් දන්නවා. පාත්‍ර වර්ගයාගේ කටින් පිටවන හැම වචනය කටම , ඉදිරිපත් කරන හැම අංගචලනයකටම හඳයා වගකියන බව තහවුරුවෙන්නෙ ඒ හැ එකක්ම නැවත නැවතත් හරියටම සිදුවෙනවද බලන්න ඔහු හැම දර්ශනයකටම කලින් කරන පෙර පුහුණු වීම් වලින්. ඇන්ටික් කඩේ කියන්නෙ වේදිකාවෙ මෙගා නාට්‍යක්. එහෙම කියන්නෙ.වේදිකා නිර්මාණය වගෙම ,රංගන විලාශය ,සංගීතතය ,සහ රංගන ශිල්පීන්ගේ විශිෂ්ට ඉදිරිපත් කිරීම අනුව එය ලාංකික වේදිකාවෙ කලාතුරකින් බිහිවෙන වර්ගයේ නිර්මාණයක් නිසා.වසර ගනනාවකට පසු සව්ම්‍ය ලියනගේ රංගන පෞරුෂය වේදිකාවෙ දිස්වවෙන කොට සාරධා පතිරගේ වේදිකාව තුල තම අනන්‍යතාවය තහවුරු කරගන්නේ ප්‍රේක්ශක අවධානය ඩැහැගනිමින්. වසර තුනක් පුරාවට නාට්‍ය සමග බැදුණු ප්‍රේක්ශක ප්‍රජාවට එය අමතක නොවන සිහිවටනයක් බවට පත්වෙයි. නැවත තවත් නිර්මාණයකින් හදයා වේදිකාවට පිවිසෙනු ඇතැයි යන සුභ බලාපොරොත්තුව සමගින් ඇන්ටික් කඩේ වසාදැමීමට සුභ පැතුම් එක්කරමු..!

අනුර දයාරත්න

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...