හැමදාම උදේ පත්තරය අරන් බලනකොට පිටු පුරාවටම තියෙන්නේ නන්නාඳුන මළ සිරුරු ගැන. එහෙමත් නැත්නම් මිනිස් ඝාතන ගැන. ටෙලිවිෂන් එකේ නිවිස් බලනකොටත් ඒ විදියමයි. ජනමාධ්‍යට ‘මරණය’ කියන්නේ ඉතා විවෘත වෙළඳ නිමිත්තකි. ගහක්, ගලක් ගානේ පන්සල්, පල්ලි, කෝවිල් ඉදිවෙන, ආගමි පස්සෙම දුවන මිනිස්සු ඉන්න ලංකාව කියන්නේ කවදාවත් මරණවලින් පාඩමි ඉගෙනගත් රටක් නෙමෙයි. ඒක තව අවුරුදු දාහක් ගියත් ඒක එහෙම්මමයි. තුන් වෙිලටම බත් කන්නා සේ මෙි කොදෙවිවෙි බහුතර ජනතාව ආගමි පසුපස හැල්මෙි දුවනවා. මෙි නොනවත්වාම ඇදෙන මෙි ඝාතන නවත්වන්න ආගමිවලට කවදාවත් බෑ. ‘රහස් කියන කඳු’ චිත්‍රපටයේ කියන්නා සේ මෙි සිද්ධ වෙන නොනවතින ඝාතනයන් නිකං වසංගතයක් වගේ.
ජගත් මනුවර්ණ විසින් කුළුදුලේම අධ්‍යක්ෂණය කරන ‘රහස් කියන කඳු’ වෘතාන්තමය චිත්‍රපටය නැවත වරක් සමාජය තුළ කථිකාවතක් නිර්මාණය කරනවා. චින්තනමය කථිකාවතකට ප්‍රවෙිශ කරන ‘රහස් කියන කඳු’ චිත්‍රපටය කිසිදු වැදගත්මකට නැතැයි කියා සමහරු හංවඩු ගැහුවා. තවත් සමහරු මෙි ලාංකීය සිනමා ඉතිහාසයේ නැරඹු හොඳම සහ විශිෂ්ටතම චිත්‍රපටය විදියටත් ‘රහස් කියන කඳු’ චිත්‍රපටය හැඳින්වුවා. ‘රහස් කියන කඳු’ චිත්‍රපටය අති විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් නොවුනත් මට නමි පෞද්ගලිකව හොඳ චිත්‍රපටයක්. එක් පැත්තකින් සාමිප්‍රදායික චිත්‍රපටවල තිබුන හතරැස් රාමුව බිඳ දමපු චිත්‍රපටයක් විදියටත් හඳුන්වන්නට පුලුවන්. ඒ කෙසේ වෙතත් ‘රහස් කියන කඳු’ කියන්නේ මගේ රහට ගැලපෙන හොඳ චිත්‍රපටයක්. සංවාද කරන්න, කයිවාරු ගහන්න හොඳ චිත්‍රපටයක්. විචාරය කරන්න හොඳ චිත්‍රපටයක්. දේශපාලනික සවිඥාණයක් පැළ කරන්න හොඳ චිත්‍රපටයක්.
‘රහස් කියන කඳු’ චිත්‍රපටය තුළ අධ්‍යක්ෂ ජගත් මනුවර්ණගේ දේශපාලනික දෘෂ්ටිවාදය සමඟ ගැටගැහුණු දේවල් සිනමා රූපයෙන් හරි අපුරු විදියට ලියලා තියෙනවා කාටත් තේරෙන්න. මහ ලොකු සිනමා ආගාධ නැති සරල කතන්දරයක් විදියට ‘රහස් කියන කඳු’ චිත්‍රපටය නරඹන තරුණ පරමිපරාව උඩින් ගිහින් විසික් වෙලා යන්නේ 71, 87 – 89 ජවිපෙ කැරලි වෙත. කඳු අස්සේ තරුණ තරුණියන් දැවුණා. මහ පාරවල් මැද තරුණ තරුණියන්ගේ බෙලි පාවුණා. මිනි කඳු ගොඩ ගැහුණා. ගංගාවල සිරුරු දැවුණා. තවමත් ඒ විප්ලවකාරී තරුණ තරුණියන්ගේ අමිමලා තමන්ගේ පුතාලා, දුවලා එනකමි බත් එක බෙදන් බලන් ඉන්නවත් ඇති.
මෙි අමිහිරි මතකය නැවත වරක් නුතන තරුණ තරුණියන්ට ‘රහස් කියන කඳු’ මතක් කරවනවා. දස දහස් ගණනක අන්‍ය ජීවිත පිළිබඳ විවරණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් අදහස් ප්‍රකාශනය, මානව අයිතිවාසිකම් ගැන නැවත වරක් ඔිනැ හැටියට කතා කරන්න චිත්‍රපටය පැති ගණනාවක් ඔස්සේ විවර කරලා දෙනවා. රාජ්‍ය මර්දනය, හෙජමොනිය, දාෂ්ටිවාදය වගේ දේශපාලනික ඇකඩමික් බර වචන ගැන නැවත වරක් හිතන්න පොළඹනවා. සිමෙන්ති, ප්ලයිවුඩි පිළිමවලට කිරි කළ නැවීම වැනි මිථ්‍යා විශ්වාස, රාවණා වැනි සිංහල ප්‍රබන්ධ වැනි යෝධ ෆැන්ටසි ලාංකීය ජනතාවගේ මනස විකෘති කරන බව චිත්‍රපටය විසින් කියා සිටිනවා.
කන්‍යාවියන් ලවා කිරිවලින් නාවාගත් පාලකයන් සිටි මෙි කොදෙවිවේ, චිත්‍රපටය තුළ ඊිනියා බෞද්ධාගමත් සමඟ බැඳුණු දූෂිත මිලේචිජසහගත දේශපාලනය, බලය හිමි රාජ්‍ය නිළධාරීන්ගේ නරුමවාදී හැසිරීම සහිත දර්ශන ඉදිරිපත් කිරීමෙන් එවකට පැවති දේශපාලන රාජ්‍ය යාන්ත්‍රයේ ස්වභාවය කැටිකොට දක්වනවා. ඊට ඉහවහා ගිය ඉතිහාසය තුළ තවමත් ඩිමයි පිටුවල කළු අකුරින් ලියවෙන දරුණු වධ හිංසා පැමිණවීම, මහමඟ අමු අමුවෙි දැවෙන මළ සිරුරු ,ගඟේ මුහුදේ පාවෙන මළ සිරුරු භීෂණයේ අඳුරු පැතිකඩ කියාපානවා. චිත්‍රපටය වඩාත් සිත්ගත් ක්‍රියාදමය බවට පත්වන්නේ සිනමාත්මක රූපරාමු. Zoom Out, Track Shot සහිත කැමරා චලන මඟින් චිත්‍රපටයට අවශ්‍යය සිනමා පොහොසත්කම වැඩි දියුණු කරනවා. සමිමානනීය තිර කතා රචක නාමල් ජයසිංහගේ මැදහත් බවකින් යුතු තිර රචනය තුල තිබෙන දැඩි ශික්ෂණය චිත්‍රපටය පුරාවටම විසුරවනවා. සැටලිම, උණ බට, ගුප්ත බව අරා සිටින යෝධ කඳු චිත්‍රපටයේ රූපක බවට පත් වෙනවා. මව අත රැඳි සුදු පැහැති අපල කොඩිය තුළින් සංකේතවත් කරන්නේ ජනඝාතක යුද්ධයට සෙත් පතා බෝධිපුජා තැබු නුදුරු අතීතයයි.
චිත්‍රපටය පුරාවටම ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, සම්පත් ජයවීර, ධර්මප්‍රිය ඩයස්, ආනන්ද කුමාරඋන්නෙහෙ සහ ලක්මාල් ධර්මරත්න කියන නළුවන් සමුහයගේ එකතුව විසින් චිත්‍රපටයට ලැබිය යුතු වටිනාකම ඔපමට්ටම් කරන්නේ යථාර්ථවාදී රංගනයත් විදහා පාමින්මයි.
බලය සහ මුදල් ඉදිරියේ මනුෂ්‍යත්වය තියෙන්නේ මොන වගේ ඉසවිවකද? කියන දේ නිරූපණය කර දැක්වීම ම ජගත්ගේ සිනමා ආඛ්‍යානයේ බලසමිපන්න බව පෙන්වන අවස්ථාවක්. මීට ප්‍රමුඛත්වය ලබා දෙන්නේ කැමරා අධ්‍යක්ෂ විශ්වජිත් කරුණාරත්නගේ රූප භාවිතය. සමීප හා මධ්‍ය රූපරාමු බහුලව යොදාගනිමින් ඉතා සැහැල්ලු ශීල්පීය දක්ෂතා ඉදිරිපත් කරනවා. පසුබිමි සංගීතය තුල තියෙන්නේ ජීවිතය පිළිබඳ අවිනිශ්චිතතාව හඟවන නාද රටාවන්. සොබා සෞන්දර්යෙන් අනුන රටක, කැත ඉතිහාසයක් තියෙන අසමත් රාජ්‍යයක ඔබ සිටින බව ‘රහස් කියන කඳු’ සිනමාපටය විසින් ප්‍රේක්ෂකයාට නැවත වරක් මතක් කර දෙනවා.