පලස්තීනයෙන් පැමිණි පෙම්වතෙක්

Share post:

(මහමුද් ඩාර්විෂ්)

ඔබේ ඇස් හදවතේ ඇනෙන කටුවක් මෙනි
තුවාල කරයි, එනමුත් අනුරාගිකයි,
කුණාටුවෙන් මම ඒ ඇස් සුරකිමි
රාත්‍රිය සහ වේදනාව පසාරු කරන්නට ඒවාට ඉඩදෙමි,
ඒ කකියන තුවාලය තරු දහස් ගණනක් ආලෝකමත් කරයි
මගේ වර්තමානය ඔවුන්ගේ අනාගතය නිර්මාණය කරයි
මගේ පැවැත්මට වඩා එය ආදරණීයයි
තවද,
අපේ දෑස් එකිනෙක ගැටෙන විට,
වරක් අපි දෙදෙනාම ගේට්ටුව පිටුපස නිවුන් දරුවන් වූ බව
මට අමතක වෙයි
ඔබේ වචන මගේ ගීතය විය
මම නැවතත් ගැයීමට උත්සාහ කළෙමි
නමුත් රෝස තොල් මත ශිශිරය පදිංචි විය.

ඔබේ වදන්, වැහිලිහිලියෙකු මෙන් ඉගිල ගියේය,
මගේ නිවස්නේ දොරත් එහි සිසිල රඳවන එළිපත්තත්
ඔබ ගැන ආශාවෙන් ඔබ පිටුපසින් පියාසර කළා
තවද, අපේ කැටපත බිඳින
සන්තාපය අප වෙලා ගති
ඒ නිසා අපි බිඳුණු හඬවල් එක් කළා
නමුත් අප ඉන් උගත්තේ මව්බිම ගැන විලාපලන්නට පමණි
එක්ව අපි එය පැලකළ යුතු වෙමු
ගිටාරයක තත් මත,
අපගේ ව්‍යසනයේ, නක්බාවේ, පියස්ස මත,
අපි එහි තනුව වයමු
විපරිත චන්ද්‍රයා සහ පාෂාණ වෙනුවෙන්
නමුත් මට අමතක වූවා, මම නොදන්නා හඬක් ඔබට ඇති බව
ගිටාරුව මළකන්නේ,
ඔබේ නික්මීම නිසාද
නැත්නම් මගේ නිහැඩියාව නිසාද.

මා ඔබව අවසන් වරට දුටුවේ වරායේදී
නෑදෑයන් නොමැතිව හුදකලා සමුදුරු යාත්‍රිකයෙකු ලෙස
ගමන් බෑගයක් ද නොමැතිව
මම අනාථයෙකු මෙන් ඔබ වෙත දිව ගියෙමි,
මුතුන් මිත්තන්ගේ නැණ නුවන ඉල්ලමින්:
ඵලපිරුණු උයනක් සිරගෙයකට, විප්‍රවාසයට හෝ නැව්තොටකට
පිටුවහල් කරන්නේ කෙසේද?
එනමුත්,
ඒ විප්‍රවාසි ගමනත්,
තොටුපලේ ලවණ සුවඳත්, වසර ගණනක් ඉක්මුණු අභිලාෂයත් මැද
ඒ ඵලපිරුනු උයන තවමත් හරිත පැහැයම ගන්නේ මන්ද?

මම මගේ දිනපොතේ ලියමි;
මම දොඩම් වලට ආදරය කරන අතර වරායට වෛර කරමි.
එමෙන්ම මම නැවතත් මෙසේ ලියමි.
මම වරායේ සිටගෙන සිටියෙමි
ශිශිරය ඇද හැලෙමින් තිබුණි
අපට ඇත්තේ දොඩම් පොතු පමණි,
එමෙන්ම මගේ පිටුපසින්
කාන්තාරය වැතිර සිටී
මම ඔබව කටු සහිත කඳු හිස්මත දුටිමි
බැටළුවන් නැති එඬේරෙක් ලුහුබඳිනවා
එමෙන්ම නටබුන් අතර
ඔබ මගේ උද්‍යානය විය
එමෙන්ම,
මම දොරට තට්ටු කරන ආගන්තුකයෙක් විය
මගේ හදවත,
මගේ හදවතට තට්ටු කරයි…
දොර, ජනේලය, සිමෙන්ති සහ පාෂාණ
නැගී සිටියා.
…………………………………………
…………………………………………
මම දිවුරනවා
ඇස් පිහාටු වලින් මම වියන්නෙමි
ඔබ වෙනුවෙන් හිසබඳින රෙදි කඩක්
ඒ මත ඔබේ ඇස් වෙනුවෙන් මම කවියක් ගොතමි
…………………………………………
…………………………………………
මම ඒ මත වාක්‍යයක් ලියන්නම්
දිවි පිදූවන් හා සිපගැනීම් වලට වඩා ආදරණීය;
“ඇය පලස්තීන ජාතිකයෙක් වූවාය පමණක් නොව අතර ඇය තවමත් එසේයමය”!
මම කුණාටුවට දොරවල් හැර දැමුවෙමි
………………………………………….
…………………………………………….
කන්‍යා සහකාරිය, ළබැඳි රසාල,
ඔබේ ඇස් සහ පච්ච පලස්තීනුවා,
ඔබේ නාමය පලස්තීනුවා,
ඔබේ සිහින සහ උද්වේගය යනු පලස්තීනුවා, න්
ඔබේ සළුව, ඔබේ පය, ඔබේ හැඩය යනු පලස්තීනුවා,
ඔබේ වචන සහ ඔබේ නිශ්ශබ්දතාවයයි යනු පලස්තීනුවා
ඔබේ හඬ පලස්තීනුවා
ජීවිතයෙත් සහ මරණයේත් පලස්තීනුවා
මම ඔබව මගේ පැරණි පොත් තුළ දරා සිටිමි
මගේ ගීතයේ අග්නිය ඔබයි……………
………………………………….
……………………………….

මහමුද් ඩාර්විෂ්

සිංහල පරිවර්තනය – කල්ප

(කල්ප රාජපක්ෂ)

Related articles

ලෝක පුජිතයාගේ නොදන්නා කතාව

කුමාර් සංගක්කාර සහභාගී වූ 'High Performance' පොඩ්කාස්ට් වැඩසටහන බැලුවා.ඩේමියන් හියුස් සහ ජේක් හම්ෆ්‍රී මෙහෙයවන 'හයි පර්ෆෝර්මන්ස්' වැඩසටහන තුළ...

‘මළා කියා හිත තදකර සිටින්නද’ – උපෙකලා අතුකෝරළ

උපෙකලා සිය නවතම කාව්‍ය එකතුව පාඨකයාට තිළිණ කර තිබේ. ඒ ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. එසේම එහි කවි හතලිස්...

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සම්පූර්ණ ප්‍රකාශය !

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් අපේ රටේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් සහ සිදු වන්නේ...

අපිට සහයෝගය දෙන්න : අපිට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන් – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

පවතින අසීරු තත්ත්වය පාලනය කරගැනීම සඳහා සහාය දෙන ලෙසත්, එකට එක්ව ඊට මුහුණ දිය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්...