වනජීවී කලාපවල වැව් – අමුණු පෞද්ගලීකරණය කිරීමේ සැලසුමක් ! – සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Share post:

වනජීවී කලාපවල වැව් අමුණු පෞද්ගලීකරණය කරන සැලසුමක් පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය අද (13) මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු අනාවරණය කළේය.

එහිදී අදහස් දැක්වු පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික දිමුතු සඳරුවන් මෙසේ පැවසීය.

‘ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය 2023 ජූලි මස 10 දින සිට ක්‍රියාත්මක වෙනවා. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය / රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය / වනජීවී හා වන සත්ත්ව සංරක්ෂණ අමාත්‍යාංශය / ධීවර අමාත්‍යාංශය / කෘෂිකර්ම අමාත්‍යාංශය / නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශය / පරිසර අමාත්‍යාංශය එක් වී මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් රටේ ජලය අස්ථාවර වී ඇති නිසා වී වගාව සඳහා ජනතාවට ජලය සැපයීම ස්ථාවර කිරීමට සහ ගංවතුර පාලනය කිරීමට ජල සම්පත් ප්‍රතිපත්තිය ගෙන එන බව ආණ්ඩුව සඳහන් කරනවා. එම ප්‍රතිපත්තියේ 6.4 කොටසේ සිට 6.14 දක්වා ජලය කළමනාකරණය සම්බන්ධව දක්වා තිබෙනවා.

ජලය කළමනාකරණය උදෙසා වූ සභාවක් පිහිටුවීමට මෙම ප්‍රතිපත්තියෙන් යෝජනා කරලා තියෙනවා. එම සභාවේ රෙගුලාසි, නීති අනුව ජලය කළමනාකරණය උදෙසා ආණ්ඩුව ඉදිරියේදී තීරණ ගැනීමට නියමිතයි.

මේ ප්‍රතිපත්තියේ 6.6 වගන්තියේ සඳහන් වන ආකාරයට ජලය වාණිජ වශයෙන් භාවිතා කරන සියලුමදෙනා ඒ සඳහා මිලක් ගෙවිය යුතු වෙනවා. ඒ නිසා ඉදිරියේදී කෘෂිකර්මාන්තයට ගන්නා ජලය සම්බන්ධව වුවද යම් මුදල් අයකිරීමක් කරන්න හැකියාව ලැබෙනවා.

ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය මගින් ජලය කළමනාකරණය කිරීම මුවාවෙන ජලයට බද්දක් පැනවීම සහ ජල අයිතිය ජනතාවගෙන් උදුරා ගැනීමට කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා.’

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු පූජ්‍ය කාරියමඩිත්තේ ඤාණාරාම හිමි මෙසේ‍ පැවසීය.

‘සමස්ත ජීවයේ පැවැත්ම තීරණය කරන ජලය වෙළඳ භාණ්ඩයක් කර විකිණීමේ ප්‍රතිපත්තිය වර්ථමාන රජය ද 2011-2048 ජාතික භෞතික සැලැස්ම අනුව ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය හරහා ක්‍රියාත්මක කරන්න සැලසුම් කරනවා. ස්වභාවික ජල උල්පත් භාවිත කළ ජනතාව එයින් ක්‍රමානුකූලව පුද්ගලික ජල ව්‍යාපෘතිවලට හුරු කිරීම හා ජල නිදහස භුක්ති විඳි ජනතාව ජලයට මුදලක් ගෙවන තැනට හුරු කිරීම ආදී වශයෙන් ජලය විකිණීම ජල කළමනාකරණය නමින් කරළියට එමින් තියෙනවා.

වර්තමාන ආණ්ඩුව 2023/07/10 දින අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරගත් ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය මගින් ජලය ආර්ථික භාණ්ඩයක් ලෙස ගැනීම කෘෂිකර්මන්තයට පරිසරයට වනසතුන්ට සේම ජනජීවිතයට ද මරු පහරක්.’

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...