අතුරුදන් වූ කන්දසාමිගේ මවට මිලියනයක වන්දියක් : අතුරුදන් කිරීමට හමුදාව වගකිව යුතුයි – නඩු පැවරීමට නීතිපතිට නියෝග !

Share post:

2006 වසරේ ඕමන්ත මුරපොළට පැමිණි අවස්ථාවෙහි අතුරුදන් වූ කන්දසාමි ඉලමාරන් නමැති දෙමළ තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එවකට සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ ඕමන්ත විධානයේ අණදෙන නිලධාරීන් වගකිව යුතු බවට වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංචේලියන් තීන්දු කර තිබේ. මෙම තීන්දුව ප්‍රකාශ කරන ලද්දේ මෙම මස 08වන දිනය.

යුද්ධයේ උග්‍ර කාලය තුළ වන්නි ප්‍රාදේශිය ආඥාපතිවරයා ලෙස කටයතු කළ උසස් නිලධාරියකු සහ හමුදාපතිවරයා මෙම වගකීම් දරන බව විනිසුරුවරයා නිගමනය කළේය.

2006 වසරේදී එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට හමුදා පාලනයේ පවතින ඕමන්ත මුරපොල වෙත ඉලමාරන් පැමිණ ඇති අතර, ඉන් පසුව ඔහුගෙන් කිසි දිනෙක අසන්නට හෝ දකින්නට ලැබුණේ නැත. තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඕමන්ත ප්‍රදේශයේ අණදෙන නිලධාරි, වන්නි අණදෙන නිලධාරී සහ යුද හමුදාපතිවරයාට එරෙහිව ජ්‍යෙෂ්ඨ නීතීඥ රත්නවේල් විසින් රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

ඕමන්ත මුරපොළේ පවත්වාගෙන ගිය ලොග් පොත්වල එල්ටටීඊ පාලන ප්‍රදේශයේ සිට එම ස්ථානයට පැමිණෙන තරුණයාගේ නම සටහන්ව තිබූ බව නඩුවට සහාය දැක්වීම සඳහා ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින් පෙනී ගියේය. කෙසේ වෙතත් දෙමළ තරුණයන් අත්අඩංගුවට ගෙන හෝ රඳවා නොගත් බව හමුදාව අධිකරණයට දන්වා තිබුණි.

තරුණයා අවසන් වරට දැක පටිගත කළ ස්ථානය ඕමන්ත මුරපොළේ බවත් ඉන්පසු වෙනත් කිසිදු තැක ඔහු දැක නැති බවත් තරුණයා අතුරුදන් වූයේ මුරපොළෙහි දී බව සනාථ කරමින් පෙත්සම්කරු අභියෝග කළේය.

ඉලංචේලියන් විනිසුරුවරයා සිය තීන්දුවේදී නියෝග කළේ අණදෙන නිලධාරීන් තරුණයාගේ මවට රුපියල් ලක්ෂ 10ක වන්දියක් මුදලක් ගෙවිය යුතු බවයි. තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ද අධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.

(මූලාශ්‍රය : srilankabrief.org)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...