අතුරුදන් වූ කන්දසාමිගේ මවට මිලියනයක වන්දියක් : අතුරුදන් කිරීමට හමුදාව වගකිව යුතුයි – නඩු පැවරීමට නීතිපතිට නියෝග !

Share post:

2006 වසරේ ඕමන්ත මුරපොළට පැමිණි අවස්ථාවෙහි අතුරුදන් වූ කන්දසාමි ඉලමාරන් නමැති දෙමළ තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එවකට සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ ඕමන්ත විධානයේ අණදෙන නිලධාරීන් වගකිව යුතු බවට වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංචේලියන් තීන්දු කර තිබේ. මෙම තීන්දුව ප්‍රකාශ කරන ලද්දේ මෙම මස 08වන දිනය.

යුද්ධයේ උග්‍ර කාලය තුළ වන්නි ප්‍රාදේශිය ආඥාපතිවරයා ලෙස කටයතු කළ උසස් නිලධාරියකු සහ හමුදාපතිවරයා මෙම වගකීම් දරන බව විනිසුරුවරයා නිගමනය කළේය.

2006 වසරේදී එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට හමුදා පාලනයේ පවතින ඕමන්ත මුරපොල වෙත ඉලමාරන් පැමිණ ඇති අතර, ඉන් පසුව ඔහුගෙන් කිසි දිනෙක අසන්නට හෝ දකින්නට ලැබුණේ නැත. තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඕමන්ත ප්‍රදේශයේ අණදෙන නිලධාරි, වන්නි අණදෙන නිලධාරී සහ යුද හමුදාපතිවරයාට එරෙහිව ජ්‍යෙෂ්ඨ නීතීඥ රත්නවේල් විසින් රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

ඕමන්ත මුරපොළේ පවත්වාගෙන ගිය ලොග් පොත්වල එල්ටටීඊ පාලන ප්‍රදේශයේ සිට එම ස්ථානයට පැමිණෙන තරුණයාගේ නම සටහන්ව තිබූ බව නඩුවට සහාය දැක්වීම සඳහා ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින් පෙනී ගියේය. කෙසේ වෙතත් දෙමළ තරුණයන් අත්අඩංගුවට ගෙන හෝ රඳවා නොගත් බව හමුදාව අධිකරණයට දන්වා තිබුණි.

තරුණයා අවසන් වරට දැක පටිගත කළ ස්ථානය ඕමන්ත මුරපොළේ බවත් ඉන්පසු වෙනත් කිසිදු තැක ඔහු දැක නැති බවත් තරුණයා අතුරුදන් වූයේ මුරපොළෙහි දී බව සනාථ කරමින් පෙත්සම්කරු අභියෝග කළේය.

ඉලංචේලියන් විනිසුරුවරයා සිය තීන්දුවේදී නියෝග කළේ අණදෙන නිලධාරීන් තරුණයාගේ මවට රුපියල් ලක්ෂ 10ක වන්දියක් මුදලක් ගෙවිය යුතු බවයි. තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ද අධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.

(මූලාශ්‍රය : srilankabrief.org)

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...