සුදත් මහදිවුල්වැවගේ – MY RED COMRADE

Share post:

සුදත් මහදිවුල්වැව සිනමාකරුවා දශක එකහමාරකට පමණ පස්සෙ සිය නිර්මාණයක් සමග ලාංකික ප්‍රේක්ෂකයා හමුවට පැමිණිලා. සතුට දනවන සිද්ධියක් .

මට මේ නිර්මාණය පසුගිය දිනක නරඹන්නට ලැබුණා. මම අපේක්ෂා කළාට වඩා තරමක වෙනස් අන්තර්ගතයක් සහිත නිර්මාණයක් මට දකින්නට ලැබුණේ…මම අපේක්ෂා කළේ , ලංකාවේ ප්‍රධාන වාම ධාරාව සමග විවේචනාත්මකව එනමුත් සාධනීය ආකාරයෙන් සම්මුඛ වන, මැදිහත් වෙන, විකල්ප ‘වාම’ දර්ශනයක් ගැන තියුණු සංවාදයක් මතුකරන වැඩක්. නමුත් මට හැඟෙන ආකාරයට සුදත් අරන් තියෙන්නේ වාම ( ජනප්‍රිය ) දේශපාලනයේ සුජාතත්වය මූලික වශයෙන් පිළිගන්නා අතරේම ඊට අහිමි වුනු miss වුනු දෙයක් ගැන ටිකක් රොමැන්‍තික ප්‍රවේශයකින් මතුකරන්න උත්සාහ කරන චිත්‍රපටයක් . ඒකත් ඉතින් යම් ආකර්ෂණීය වැඩක් ලෙස යහපත් සමාජයක් ගැන හිතන ඉතා පුලුල් ප්‍රේක්ෂකයාට බාරගන්න පුළුවන් වේවි කියා හිතෙනවා .

මෙහි එන චරිත දෙක වෙනස් පාරවල් වල යනවා වගේ පෙනුනත් , ඔවුන් එකම අරමුණට දෙවිධියකින් උර දෙන බවයි චිත්‍රපටය කියන්නෙ . ඒ නිසා ඇත්තටම ඔවුන් අතර විවාදාත්මක සංවාදයක් වෙනුවට තම තමන්ගේ ලෝක අනෙකා සමග බෙදා ගන්නා දෙබස් ආකෘතියක් පේන්නෙ. නමුත් , ප්‍රේක්ෂකයා දිගටම ග්‍රහණය කර තබා ගැනීමේ ශක්තිය චිත්‍රපටයට තියෙනවා.

මුළු සමාජයම විකල්ප සමාජ -දේශපාලන මාවතක් ඉල්ලා සිටින මොහොතක අපි ඉන්න නිසාත් බහුතර ප්‍රේක්ෂක ජනතාවගේ අවධානයට මේ නිර්මාණය යොමුවේවි, – එසේ වේවා ! කියා ප්‍රාර්ථනා කරනවා . විශේෂයෙන් රටේ අනාගතය උදෙසා ගැඹුරු විකල්ප මාවතක් ගැන හිතන දියුණු ප්‍රේක්ෂකයන් ට මේ චිත්‍රපටය වම පිළිබඳ වඩා බරපතළ ප්‍රශ්න ගැන සංවාද මතුකරගැනීමට කිසියම් නිමිත්තක් කරගන්න හොඳ ඉඩක් තියෙනවා .
සුදත් මහදිවුල්වැව සහ ඔහුගේ නිර්මාණ කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් !

සුනිල් විජේසිරිවර්ධන

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...