ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්‌ ගේ “සියක්‌ වසරක්‌ හුදකලාව”

Share post:

කොලොම්බියාවේ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්‌ යනු මාක්ස්වාදී දෘෂ්ටියෙන් හෙබි ලොව බිහි වූ විශිෂ්ට සාහිත්‍යධරයෙකි. ඔහු විසින් රචිත “සියක්‌ වසරක්‌ හුදකලාවක” කෘතියට 1982 දී නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබීය. ජීවිතයේ අතිශය දුෂ්කරතා මැද , පීඩිත බවේ දිනෙන් දින ගිලෙමින් ඔහු මේ අගනා ග්‍රන්ථය ලියනු ලැබීය. මෙම අගන ග්‍රන්ථය ලිවීම ආරම්බ කරන ලද්දේ ඔහු සතු පැරණි ෆෝර්ඩ් රථය විකුණා ගෙදරට කෑම වියදම සපයා ගනිමිනි. පුරා වසරකුත් මාස අටක් නිවසටම ම වී සිය කෘතිය ලියා අවසන් කළේය. ඒ අවසානයත් සමගම ගේ දොර ඉඩ කඩම් සියල්ලම උගසට සින්න වෙමින් පැවතුනි. එහෙත් සිය කෘතිය තුලින් ඔහු ලෝකය ජයගත්තේය.

“සියක්‌ වසරක්‌ හුදකලාවක” තරම් ම එය ලියෑවුණු ආකාරය ද විශ්මිතය. ජීවිතයේ සංකීර්ණ ජීවන සටන මැද , සිය පව්ලම දුක්බර ජීවිතයක ගැලී සිටින මොහොතක ගාර්ෂියා මාකේස් ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිය අරමුණ වෙනුවෙන් ලිවීම පටන් ගත්තේය. සිය මාක්ස්වාදී දේශපාලන දෘෂ්ටියෙන් සමාජය පිලිබඳ විග්‍රහයක යෙදෙන ” සියක් වසරක් හුදකළාව ” නොබෙල් ත්‍යාගයෙන් පමණක් නොව ජනතා හරසරට ලක් විය යුතුම පොතකි.

මාකේස්‌ ප්‍රබල පොත් ලිවූ ප්‍රබල මිනිසෙකි. ඔහු ශ්‍රී ලංකාවේ බිහි වූ කෘතහස්ත ලේඛකයෙකු වූ පියදාස සිරිසේන ශුරීන් මෙන් ලේඛණ කලාවේ විවිධ හපන්කම් පෙන්වූ මිනිසෙකි. ඔහු “අෂ්ට ලෝක ධර්ම චක්‍රය “නම් නවකතාව රචනා කළේ 1915 කැරලි සම්බන්ධයෙන් සුද්දන් විසින් සිරගත කරනු ලැබ සිටිය දීය. දින හැට අටක සිපිරි දිවිය තුල දී කියවීමට දෙනු ලබන එකම පොත වන බයිබලයේ හිස්‌ තීරු මත ඔහු එය රචනා කළේය. . ඒ අතරම තවත් එවන් ලේඛකයෙක්‌ වන්නේ ඩොස්‌ටයෙව්ස්‌කිය. පොත් ප්‍රකාශකයෙකුගේ උගුලකින් ගැලවීමට දින විසි පහක දී ඔහු “සූදු අන්තුවා “නම් පොත ලියා අවසන් කළේය.එවන් සුවිශේෂී මිනිසුන් අතර මාකේස් ද සිටී.

මේ ග්‍රන්ථයේ එක තැනක කර්නල් අර්ලියානෝ බුන්ඩියා ගැන ගාර්ෂිය මාකේස් මෙසේ ලියන්නේය….

“කර්නල් අර්ලියානෝ බුන්ඩියා සන්නද්ධ නැගිටීම් තිස්‌ දෙකක්‌ සංවිධානය කළේය. තිස්‌ දෙකම පැරදුණේය. ඔහුව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ දාහතරකින් හා ඔහුව මග රැක සිට කොටු කරගැනීමේ හමුදා මෙහෙයුම් හැත්තෑ තුනකින් පමණක්‌ නොව මරණීය දණ්‌ඩනයෙන් ද පීවිතය බේරා ගැනීමට ඔහු සමත් විය. අශ්වයෙක්‌ මැරීමට තරම් වුවත් ප්‍රමාණවත් දරුණු විෂ වර්ගයක්‌ කෝපි කෝප්පයකට දමා පානය කරන්නට දුන් නමුත් ඔහු නොමැරිණි. ජනරජයේ ජනාධිපති විසින් පිරිනමන ලද දේශමාන්‍ය සම්මානය ඔහු ප්‍රතික්‌ෂේප කළේය. ඔහු විප්ලවීය හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරී තනතුර දක්‌වා ඉහළ නැග්ගේය. ඔහුගේ අණසක සහ බලය එක්‌ දේශසීමාවක සිට අනෙක්‌ දේශසීමාව දක්‌වා පැතිර තිබිණ. රජය වඩාත්ම බිය වූ පුද්ගලයා වූයේ ඔහුය. එහෙත් ඔහු කවදාවත් කාටවත් ඔහුගේ ඡායාරූපයක්‌ ගැනීමට ඉඩ නොදුන්නේය. යුද්ධයෙන් පසුව ඔහුට පිරිනමන ලද ජීවිතාන්තය දක්‌වා වන විශ්‍රාම වැටුප ප්‍රතික්‌ෂේප කළ ඔහු ජීවත්වූයේ කුඩා විසිතුරු බඩු තනා විකිණීමෙනි.සෑම විටම සටනේ දී ස්‌වකීය හමුදාවේ සියල්ලන්ට ඉදිරියෙන් සටන් කළ නමුත් වසර විස්‌සක්‌ පුරා පැවතුණු සිවිල් යුද්ධය පුරා ඔහු ලද එකම තුවාලය වූයේ එය අවසන් වූ පසුව අත්සන් කළ සමාදාන ගිවිසුම පාවාදීමක්‌ යෑයි සිතා දිවිනසාගැනීමට තමාටම වෙඩි තබාගැනීමේ දී ලද තුවාලය පමණි. එහෙත් ඒ වෙඩි උණ්‌ඩය ද පපුවෙන් ඇතුළු වී ඔහුගේ කිසිදු වැදගත් ඉන්ද්‍රියකට හානි නොකර පිටෙන් පිටවී ගොස්‌ තිබිණි.”

උත්තුංග අරමුණක් වෙනුවෙන් සටන් වදින මිනිසුන් හට අවසානයේ උරුම වී ඇත්තේ හිස් දෑතක් පමණි. සියල්ලම පරාර්ථකාමීත්වය තුලම වැය කරන්නේය.. සතුට හා ප්‍රමෝදය , ජනතාවගේ නිදහස හා නිවහල් බව දැකීමෙන් ඔවුන් අත් කර ගනී. එවන් මිනිසුන් මිනිස් වර්ගයාගේ සංවර්ධනයට , සහජීවනයට අති මහත් පිටුවහලක් වී ඇත.

මේ කර්නල් අර්ලියානෝ බුන්ඩියා ගැන කරන කෙටිම විස්‌තරය වුවත් දේශපාලන වශයෙන් කොතරම් බරපතල වූවක්‌ ද? මාකේස්‌ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්‌ වන්නේ ඒ නිසාය.

ප්‍රදීප් පීරිස්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...