කොදෙව් ක්‍රිකට් ඉතිහාසයට නොමැකෙන මතක සටහනක්

Share post:

Shamar Joseph තමන්ට ඇතිවූ ආබාධය පවා නොසලකා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කොදෙව්වන් වසර 27කට පසු ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක ජයපැන් බීමට අවස්ථාව සලසනවා.

පළමු ඉනිමේදී ලකුණු 56කට එක් කඩුල්ලක් සහ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් දෙවන ඉනිමේදී ලකුණු 68කට කඩුලු 7ක් දවා ගත් Shamar Joseph සිය මංගල ටෙස්ට් තරගාවලියේදීම තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක්.

ක්‍රිකට් ගහන්න කළින් මුරකරුවෙක් විදියට වැඩ කරලා තමන්ගේ පවුල ගොඩ දාපු Shamar Joseph අද තමන්ගේ රට වෙනුවෙන් ආබාධයේ වේදනාවත් තියාගෙන ක්‍රීඩා කරලා මේ ලබාදුන් ජයග්‍රහණය කොදෙව් ක්‍රිකට් ඉතිහාසයට නොමැකෙන මතක සටහනක් වනවා නොවනුමානයි.

චතුරංග රාජපක්ෂ(fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...