පැන්ඩෝරා චෝදනා විමර්ශනය කර මහතීර් මොහොමඩ්ගේ සමීපතමයෙකුට නඩු පවරයි !

Share post:

2021 දී ලොව පුරා දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් සතුව ඇති නිත්‍යානුකුල නොවන ලෙස අත්පත් කරගෙන ඇති වත්කම් හෙළි කළ දැවැන්ත මූල්‍ය වාර්තාවක්වන පැන්ඩෝරා පත්‍රිකා (Pandora Papers) හි අඩංගු තොරතුරු මත පදනම්ව මැලේසියානු දූෂණ විරෝධී කොමිසම විසින් මැලේසියාවේ හිටපු මුදල් ඇමැති ඩේම් සයිනුදීන් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකින් පසුව ඔහුට චෝදනා එල්ලවී ඇත.

ඒ අනුව, ඔහු පිළිබඳ විමර්ශනයේ කොටසක් ලෙස එම කොමිසම විසින් පසුගිය මාසයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර මහල් 60කින් යුත් ගොඩනැගිල්ලක්වන ඉල්හැම් ටවර් අත්පත් කර ගෙන තිබේ.

එමෙන්ම ඩේම්ගේ බිරිඳවන නයිමාට ද දූෂණ විරෝධී කොමිසමට වත්කම් හෙළිනොකිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ උසාවියේදී චෝදනා එල්ල වූ අතර, ඇය එහිදී වරද පිළිගෙන නොමැත.

ඩේම් සයිනුදීන්ගේ වත්කම්වලට ක්වාලාලම්පූර්, සෙලන්ගෝර්, පහන්ග්, නෙගෙරි සෙම්බිලාන්, පෙරාක් සහ කෙඩාහි පිහිටි සමාගම් 38ක් සහ දේපළ 25ක් මෙන්ම, රෝල්ස් රොයිස්, මර්සිඩීස් බෙන්ස් රථ තුනක් සහ ජගුවර් ඇතුළු සුඛෝපභෝගී වාහන කිහිපයක්ද ඇතුළත් බව පැවසේ.

හිටපු අගමැති මහතීර් මොහොමඩ්ගේ ප්‍රධාන සගයෙකුවන ඔහු නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති අතර, වරදකරු වුවහොත් ඔහු වසර පහක උපරිම සිරදඬුවමකට සහ RM100,000 (US$20,000) දක්වා දඩයකට යටත් විය යුතුය.

ඩේම්ගේ නීතීඥ එම්. පුරවලන් පවසා ඇත්තේ, සිය සේවාදායකයා වකුගඩු ආබාධයකින් මෙන්ම ඇස්වල දිලීර ආසාදනයකින් පීඩා විඳිමින් සිටින බවය.

චෝදනාවට ලක්වීමෙන් පසුව, ඩේම් ජනමාධ්‍ය හමුවකදී කියා ඇත්තේ, වත්මන් මැලේසියානු පරිපාලනය “සියලු ප්‍රතිසංස්කරණ පොරොන්දු පාවා දෙමින් එහි බලතල අනිසි ලෙස භාවිතා කරන” බවයි.

85 හැවිරිදි ඔහු 1984 සිට 1991 දක්වා සහ 1999 සිට 2001 දක්වා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...