ඔන්ලයින් ගැටේ ලිහාගැනීමේ සූත්‍රය !

Share post:

ඔන්ලයින් පනතේ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසයි.
නියෝගයේ සඳහන් වගන්ති 13ක් සංශෝධනය කර නැති බව ද ඔහු අවධාරණය කරයි.

හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු පවසන්නේ පාර්ලිමේන්තුව එසේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව කටයුතු කර නැත්නම්, අධිකරණයට අපහාස කිරීම වැනි අවස්ථා පාර්ලිමේන්තුවට අදාළ කරගැනීමේ කිසිදු හැකියාවක් නැති බවයි. එහෙත් එසේ නම් පාර්ලිමේන්තුවට කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත කළ නොහැකි බවත්, තුනෙන් දෙකක් හෝ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් දක්වා යා යුතු බවත් හිටපු නීතිපතිවරයා පෙන්වා දෙයි.

නීතිඥ විරංජන හේරත් පවසන්නේ නීතියක වලංගුභාවය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ නොහැකි වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැති තරම් බවයි. ලෝකයේ රටවල් 100කට වැඩි සංඛ්‍යාවක නීතියක වලංගුභාවය, ව්‍යවස්ථානුකූලභාවය අධිකරණයේදී ප්‍රශ්න කළ හැකි බව ඒ රටවල ව්‍යවස්ථාවල සඳහන් කර ඇතැයි ද ඔහු සඳහන් කරයි. ඇමරිකාව, නවසීලන්තය ඇතුළු තවත් රටවල් ගණනාවක එය ව්‍යවස්ථාවේ නැතත්, භාවිතයක් විදිහට පවතින බව ද ඔහු පැහැදිලි කරයි.
කෙසේ වෙතත්, ලංකාවේ එවැනි ක්‍රමයක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි.

ඒ කියන්නේ,
ඔන්ලයින් කෙටුම්පත නීතියක් බවට පත්කරගැනීම යනු නීතියේ සිදුරුවලින් රිංගා ගොස් කළ ලැජ්ජා සහගත ක්‍රියාවලියක් බව පෙනේ.

දැන් ඇත්තේ තමන් පිළිබඳව කතානායකවරයා විසින් තීරණයක් ගැනීම ය. එහෙත් ඔහුගේ භාවිතයට අනුව ඔහුගෙන් ජනතාවාදී තීරණයක් බලාපොරොත්තු විය නොහැකිය. ඔහු අත්සන් කළ පසු එය නීතියක් බවට පත්වේ.

නීතියේ නැති වුණා කියා මේ සියල්ල ඔවුන්ට අවශ්‍ය ආකාරයට කරගැනීමට ඉඩදිය නොහැකිය. ශක්තිමත් මෙහෙයුම් මගින් ඒකාධිපතීන්ගේ උද්දච්ච නීති වෙනස් කළ හැකිය.

එහෙත්, එම මෙහෙයුම්වල එක් අනිවාර්‍ය අංගයක් විය යුත්තේ බහුතර ජනතාව එක්කර ගැනීම ය.

වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය කළ සමීක්ෂණයකට අනුව ජනතාවගෙන් සියයට 66කට මෙම පනත ගැන කිසිදු දැනුමක් නැත.
සමීක්ෂණයේ නිරවද්‍යතාව කෙසේ වෙතත්, මහ පොළොවේදී තත්ත්වය ඕක ය. එසේ ම දැනුම සහිත ඉතිරි පිරිසෙනුත් බහුතරයක අදහස මෙය ගෙනෙන්නේ ම ළමා අපචාර ඇතුළු සමාජ මාධ්‍ය අපරාධ වැළැක්වීමට බවයි.

එවැනි අපරාධ වැළැක්වීමට ප්‍රමාණවත් පවතින නීති සහ මෙතෙක් නීති අවභාවිත කොට ආණ්ඩු කළ අපරාධ පිළිබඳ බහුතර ජනතාවගේ දැනුම ද සමීක්ෂණයේ පරිදි ම ඉතා අල්ප ය.

එනම්, කුඩා කණ්ඩායම්වලින් එළියට ගොස්,
මහ පොළොවේ මෙහෙයුම් වඩ-වඩාත් තීව්‍ර කළ යුතුය. එසේ නොවන්නේ නම්, ඔවුන් තවදුරටත් ඔවුන්ගේ පාරේ යනු ඇත.
එය වහාම වෙනස් කළ යුතුය.

ශාලික විමලසේන

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...