ඔන්ලයින් ගැටේ ලිහාගැනීමේ සූත්‍රය !

Share post:

ඔන්ලයින් පනතේ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසයි.
නියෝගයේ සඳහන් වගන්ති 13ක් සංශෝධනය කර නැති බව ද ඔහු අවධාරණය කරයි.

හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු පවසන්නේ පාර්ලිමේන්තුව එසේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව කටයුතු කර නැත්නම්, අධිකරණයට අපහාස කිරීම වැනි අවස්ථා පාර්ලිමේන්තුවට අදාළ කරගැනීමේ කිසිදු හැකියාවක් නැති බවයි. එහෙත් එසේ නම් පාර්ලිමේන්තුවට කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත කළ නොහැකි බවත්, තුනෙන් දෙකක් හෝ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් දක්වා යා යුතු බවත් හිටපු නීතිපතිවරයා පෙන්වා දෙයි.

නීතිඥ විරංජන හේරත් පවසන්නේ නීතියක වලංගුභාවය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ නොහැකි වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැති තරම් බවයි. ලෝකයේ රටවල් 100කට වැඩි සංඛ්‍යාවක නීතියක වලංගුභාවය, ව්‍යවස්ථානුකූලභාවය අධිකරණයේදී ප්‍රශ්න කළ හැකි බව ඒ රටවල ව්‍යවස්ථාවල සඳහන් කර ඇතැයි ද ඔහු සඳහන් කරයි. ඇමරිකාව, නවසීලන්තය ඇතුළු තවත් රටවල් ගණනාවක එය ව්‍යවස්ථාවේ නැතත්, භාවිතයක් විදිහට පවතින බව ද ඔහු පැහැදිලි කරයි.
කෙසේ වෙතත්, ලංකාවේ එවැනි ක්‍රමයක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි.

ඒ කියන්නේ,
ඔන්ලයින් කෙටුම්පත නීතියක් බවට පත්කරගැනීම යනු නීතියේ සිදුරුවලින් රිංගා ගොස් කළ ලැජ්ජා සහගත ක්‍රියාවලියක් බව පෙනේ.

දැන් ඇත්තේ තමන් පිළිබඳව කතානායකවරයා විසින් තීරණයක් ගැනීම ය. එහෙත් ඔහුගේ භාවිතයට අනුව ඔහුගෙන් ජනතාවාදී තීරණයක් බලාපොරොත්තු විය නොහැකිය. ඔහු අත්සන් කළ පසු එය නීතියක් බවට පත්වේ.

නීතියේ නැති වුණා කියා මේ සියල්ල ඔවුන්ට අවශ්‍ය ආකාරයට කරගැනීමට ඉඩදිය නොහැකිය. ශක්තිමත් මෙහෙයුම් මගින් ඒකාධිපතීන්ගේ උද්දච්ච නීති වෙනස් කළ හැකිය.

එහෙත්, එම මෙහෙයුම්වල එක් අනිවාර්‍ය අංගයක් විය යුත්තේ බහුතර ජනතාව එක්කර ගැනීම ය.

වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය කළ සමීක්ෂණයකට අනුව ජනතාවගෙන් සියයට 66කට මෙම පනත ගැන කිසිදු දැනුමක් නැත.
සමීක්ෂණයේ නිරවද්‍යතාව කෙසේ වෙතත්, මහ පොළොවේදී තත්ත්වය ඕක ය. එසේ ම දැනුම සහිත ඉතිරි පිරිසෙනුත් බහුතරයක අදහස මෙය ගෙනෙන්නේ ම ළමා අපචාර ඇතුළු සමාජ මාධ්‍ය අපරාධ වැළැක්වීමට බවයි.

එවැනි අපරාධ වැළැක්වීමට ප්‍රමාණවත් පවතින නීති සහ මෙතෙක් නීති අවභාවිත කොට ආණ්ඩු කළ අපරාධ පිළිබඳ බහුතර ජනතාවගේ දැනුම ද සමීක්ෂණයේ පරිදි ම ඉතා අල්ප ය.

එනම්, කුඩා කණ්ඩායම්වලින් එළියට ගොස්,
මහ පොළොවේ මෙහෙයුම් වඩ-වඩාත් තීව්‍ර කළ යුතුය. එසේ නොවන්නේ නම්, ඔවුන් තවදුරටත් ඔවුන්ගේ පාරේ යනු ඇත.
එය වහාම වෙනස් කළ යුතුය.

ශාලික විමලසේන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...