සිරියානු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ නිර්මාණකරුවෙකු වන වරෙෆ් අබු කුබා Waref Abu Quba ගේ නව කෙටි චිත්‍රපටයක් වන “In Damascus” දමස්කස් හි පලස්තීන කවියෙකු වන මහමුද් ඩාවිෂ් Mahmoud Darwish විසින් අරාබි අගනුවරට උපහාර දක්වමින් එම නමින්ම, ඔහුගේ කාව්‍යය කියවීම වෙනුවෙන් දමස්කස් හි දර්ශන සකසයි. අතීතකාමය සහ මතකය අවදි කිරීමට වර්ණ ගැන්වූ දර්ශන, එහි පැරණි නිවාස ගෘහ නිර්මාණ ශිල්පීය වශයෙන් වෙන් වෙන්ව පවත්නා ලැටිස් ලී වැඩ, එහි ඉහළට නැඟෙන මිනාර සහ උමයියාද් මුස්ලිම් පල්ලියේ විශිෂ්ටව සරසා ඇති ඇතුලු ගර්භය- කලින් සාමකාමී නගරයේ දෛනික ජීවිතය පෙන්නුම් කරයි. ඩාර්විෂ්ගේ කියවීමේ උද්ධෘත පටිගත කිරීමකින් අනුපූරක වූ පසුතල සංගීතය මන්දගාමී උච්චතම අවස්ථාවට ගොඩනැගේ. කවියා මෙසේ ප්‍රකාශ කරයි: “මම මගේ බස ඒ සෑමදෙයකම දකිමි / කතකගේ ඉඳිකටුවකින්/ තිරිඟු ඇටයක ලියා ඇති / …”.
පැරණි නගරයේ සහ එහි පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ කාලානුරූපී රූප, නූතන ප්‍රාග්ධනය හරහා නවීන අගනුවර ගමන් කරන වාහන තදබදයේ ටයිම්-ලැප්ස් ෆූටේජ් දර්ශනවලට මඟ පාදයි.
අනතුර අඟවන යුධ ගවන් යානා ඉහළින් පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝවේ කෙටි බැර කිරීම් වලින් පසුව කීර්තිමත් නගරයේ වත්මන් යථාර්තය පෙන්වයි.
පහත දැක්වෙන්නේ මහමුද් ඩාවිෂ් විසින් රචිත සම්පූර්ණ කාව්‍යයයි.
දමස්කස් හි….
දමස්කස් හි,
සේද වැට පසුපසින් පරෙවියන්
දෙන්න දෙන්නා පියාසර කරයි.
දමස්කස් හි,
මම මගේ බස ඒ සියල්ලකම දකිමි,
තිරිඟු ඇටයක් මත කතකගේ ඉඳිකටුවකින් ලියා ඇති
මෙසපොතේමියානු පාට්රිජ් විසින් ප්‍රතිශෝධනය කල.
යහිලියයා යුගයේ සිට විනිශ්චය දිනය දක්වා
හෝ ඉන් ඔබ්බට..
දමස්කස් හි,
අරාබි අශ්වයන්ගේ නාමයන්
රත්‍රන් නූල්වලින් ගෙත්තම් කර ඇත.
දමස්කස් හි,
ආකාසය පුරාණ වීදිවල ඇවිදයයි පාවහන් නොමැතිව,
පාවහන් නොමැතිව.
එබැවින් කවියාට ආශ්වාදයක්,
විරිතක් සහ රිද්මයක් අවැසි කුමටද?
දමස්කස් හි,
ආගන්තුකයා ඔහුගේ සෙවනැල්ලෙහි නිදි වදියි
සදාකාලික යහන මත මිනාරටුවක් මෙන්
කිසිවෙකුට හෝ ස්ථානයකට ආශා නොකරයි.
දමස්කස් හි,
වත්මන් කාලය එහි උම්මායාද් ක්‍රියා දිගටම කරගෙන යයි. අපේ අතීතයේ හිරු ගැන විශ්වාසයෙන්
අපි අපේ හෙට දවස දෙසට පිය මනිමු.
අපිද සදාකාලිකත්වයද මේ භූමියේ පදිංචිකරුවන් වෙමු.