යුක්තියේ මෙහෙයුම හරහා මේ වන විට රට පුරා 20 000 කට වැඩි පිරිසක් අත්ඩංගුවට ගෙන තිබේ. නමුත් මෙහි ඇති ප්‍රධානතම ගැටළුව වන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන වැටලීම් හෝ මත්ද්‍රව්‍ය නැවැත්වීමට කටයුතු කිරීම නොවේ. අපි යම් කිසියම් මෙහෙයුමක් සිදු කරන්නේ නම් ඒ සදහා අවශ්‍ය වටපිටාව සැකසිය යුතු වේ. 11000ක් පමණක් සිටිය හැකි බන්ධනාගාරය තුළ 2022 වන විට 27 900ක් ඇතුළු කරලා තියෙන අවස්ථාවක මෙහෙයුම ආරම්භ කර අදට දින 27යි. පුද්ගලයන් දෙදෙනක් මරණයට පත් වී ඇති අතර පුද්ගලයන් දින 17ක් තුළ 20000ට වැඩි පිරිසක් අත්ඩංගුවට ගෙන තිබේ.දින කිහිපයක නීරික්ෂණ වලින් පසුව,
1) දවසේ ටාගට් කවර් කරන යුක්තියේ මෙහෙයුම
මේ ළගදී දිනකදී යුක්තියේ මෙහෙයුමේ අත්ඩංගුවට පත් වුවන් සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥවරියක් අධිකරණය ඉදිරියේ නැගිටලා ප්‍රකාශ කලේ පොලිස් මහත්තයා ඔයලාගේ දවසට තියෙන ටාගට් එක කීයද කියලා වේලාසනින් අපිට කිව්වනම් ලේසි එකට ලෑස්ති වෙන්න. හිතන හිතන වෙලාවට ටාගට් වෙනස් කරන්න එපා. ඒ වෙලාවේ පොලිස් නිළධාරියා විසින් අපි කරන ටාගට් කවර් කිරිල්ලක් නැහැ කියලා කිව්වට අධිකරණය ඉදිරියේ බලා සිටින ඕනම කෙනෙකුට නීතිඥවරයගේ කතාව සත්‍යක් බව තේරෙයි.
තවත් එක් අවස්ථාවක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ නැගී සිටි අවුරුදු 55ක පමණ මිනිහෙක් නැගිටලා කිව්වේ ස්වාමිනී මට සල්ලි නැහැ නීතිඥවරයෙක් කතා කරගන්න. නත්තල් දවසේ මම පල්ලිය ඉස්සරහා හිටියේ වාඩි වෙලා.මගේ හිගා කාපු සල්ලිත් එයාලා ගත්තා. මම දන් නැහැ ඇයි මාව අත්ඩංගුවට ගත්තේ කියලාවත් කියලා. දැන් දවස් 14ක් සිරේ ඉදලයි මේ අද ආවේ.
මේ තමයි යුක්තියේ මෙහෙයුමේ සත්‍ය කතාව. මේ දවස් ටිකම නීරක්ෂණ කිරීමෙන් පසුව මට තේරුනේ පොලිසිය විසින් හෝ වෙනත් යම් පාර්ශවයක් විසින් යම් සමාජ කොටසක් හෝ යම් පොදු ලක්ෂණ තිබෙන පිරිසක් මෙම යුක්තියේ මෙහෙයුමේ ප්‍රධාන ටාගට් එක වෙලා තිබෙන බවයි. ඔවුන් අතරේ වැඩි පිරිසක් වෙනත් වැරදි සදහා ඇප මත සිටින අතර මේ වරදට සම්බන්ධ නැති අයයි. ඒ නිසා සමාජය විසින් කිසිදු විටක ඔවුන් ආරක්ෂා කිරීමට හෝ පෙනී සිටිමට ඉදිරිපත් නොවන අතර මේ වරදට සම්බන්ධ නොමැති බවද පිළි නොගනයි. ඒ අනුව දිනකට පුද්ගලයන් 1500-2000ක් අතර අත්ඩංගුවට ගන්නා අතර මෙම දින 17න් නත්තල් නිවාඩුව හැරණු කොට අනිත් සෑම දිනකදීම මෙම ගාන පවත්වා ගැනීමට ශ්‍රි ලංකා පොලිසිය විසින් කටයුතු කර තිබේ.
2) අධිකරණ කාර්ය පටිපාටිය
මෙම යුක්තියේ මෙහෙයුම ආරම්භ කළ කාලයේ සිට සමාන්‍යයෙන් සතියක ආසන්න වශයෙන් අධිකරණයට 500-1000 පමණ යුක්තියේ මෙහෙයුමේ සැකකරුවන් ඉදිරිපත් කරයි. විශේෂයෙන්ම කොළඔ ආශ්‍රිත හා ගම්පහ දිස්ත්‍රික්ය තුළ මේ තත්ත්වය දැක ගත හැකිය. සමාන්‍ය අධීකරණ දින වලදී පවා අපි දකින දෙයක් වන්නේ අධිකරණ ශාලා වල ඇති ඉඩ ප්‍රමාණය කුඩා වීම නිසා සැකකරුවන්ට හා වින්දිතයන් අපහසුතා වලට පත් වීමයි. අධිකරණයක් මිනිසුන් වෙනුවෙන් සදා තිබුනත් එහි ඇති අවම ඉඩ ප්‍රමාණය නිසා අධිකරණය මිනිසුන්ට පහසුකම් සලසන ස්ථානයක් බවට පත්ව නැත. මෙවන් තත්ත්වයක් තියෙද්දී දිනකට 200කට ආසන්න පිරිසක් පමණ යුක්තියේ මෙහෙයුමෙන් එක අධිකරණය ශාලාවක් තුළට ගෙනෙන්නේ නම් ඒ වන විට අධිකරණශාලාවේ සිටින පිරිසව ඉන් ඉවත් කිරීමට සිදු වේ. අනෙක් අතින් ශ්‍රි ලංකා පොලිසිය විසින් යුක්තියේ මෙහෙයුමේ පුළුවන් තරම් සැකකරුවන් අධිකරණ ශාලාවේ ඇති සිර කුඩුව තුළට රෙදි කැලී ඔබනවා සේ මිනිසුන්ව ඇතුළු කරයි.
බොහෝ අධිකරණ ශාලා වල ඇති සිර කුඩූව අඩි 10 * 12 හෝ 10*8 වේ. ඉතුරු අයව පැය තුන හතරක් ශාලාව තුළ හිටගෙන ඉන්න සලස්නවා. මෙම ඉඩ පහසුමකම් අවම වීම නිසා ඇති වන ගැටළුව සදහා පොලීසියටවත් අධිකරණ නිළධාරීන්ටවත් කිරීමට කිසිවක් නොමැති බව පැහැදිලි යි. නමුත් මෙවැනි මෙහෙයුම් සුදානම් කරන පුද්ගලයන් මේ පිළිබදව සැලකිලිමත් වී මෙවන් දේවල් සුදානම් කළ යුතු වේ. 30ක් 40ක් ඉන්න පුළුවන් අධිකරණ ශාලාවකට 200- 300ක් ඇතුළු කළ විට ඇති වන අපහසුතා අමුතුවෙන් කිව යුතු නොවේ. බොහෝ සැකකරුවන්ට අධිකරණ ක්‍රියාවලියේ මගකදී කලන්තේ සැදෙනවා. ඔවුන් බිම වාඩි වෙනවා. වතුර ඉල්ල ඉල්ල අඩනවා. ඒ අස්සේ පොලිසය විසින් හැකි උපරිම බලය යොදා ඔවුන්ට පීඩාවට පත් කරනවා. නමුත් ඇතැම් අධිකරණ වල මහේස්ත්‍රාත්වරු විසින් මෙම සැකකරුවන්ව අධිකරණ ශාලාවේ ඇති සිරකූඩුවෙන් පිටතට ගෙන හුස්ම ගැනීමට ඉඩ අවස්ථා සලසනවා මම ඔනෑ තරම් මේ දින කිහිපයේ දැක තියෙනවා. අධිකරණය යනු මෙවන් සැකකරුන්ට තමන්ගේ කතාව කීමට ඇති එකම ස්ථානයයි. එය මේතරම් දුෂ්කර ස්ථානයක් වන විට ඔවුන් උත්සහ කරන්නේ ඉන් ඉවත් වීමටයි. එහිදී තමන්ගේ නම කීව්වත් ඒ සම්බන්යෙන් අවධානයක් දීමට නොහැකි නිසා නීතිඥවරුන් ඉදිරිපත් නොවන සැකකරුවන් පොලිසිය විසින් කියන්නේ මොනවාද හෝ මහේස්ත්‍රාත්වරයා විසින් කියන්නේ මොනවද යන්න නොදනී.
සමාන්‍යයෙන් අධිකරණ ශාලාවක් ඉතා නිශ්ශබ්ද වුවත් මෙවැනි විශාල පිරිස එකවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ නඩුව ආසා සීටීමටවත් එයට කරුණු දැක්වීමටත් නොහැකි වී තිබේ. සාමාන්‍යයෙන් සැකකරුවාගේ නම කියන විට විත්තිකූඩුවට පැමිණිය යුතු වුවත් මෙවන් විශාල පිරිසක් අධිකරණ ශාලාවේ සිටින විට නීතිඥවරුන්ටත් සැකකරුවන්ටත් පොලිසයටත් සියල්ලම සිටීමට තරම් ශාලා ප්‍රමාණවත් නොමැති නිසා සැකකරුවන්ගේ නම කියන විට අත ඉස්සීමක් පමණක් සිදු කරයි. ඔවුන් ඉන්නා තැන සිට මොනවාද කීමට උත්සහ කළත් අනිත් අයගේ ශබ්දය නිසා හා ඔවුන්ගේ හඩ නිසි ලෙස නොඇසීම නිසා එම කරුණු මග හැරෙයි.නමුත් මහේස්ත්‍රාත්වරුන් උපරිම උත්සහක් ගෙන ඔවුන් සමග කතා කිරීමට උත්සහ කරයි.
මීට අමතරව මේ අත්ඩංගුට ගන්නා පිරිසෙන් 5% දෙනෙක්වත් නීතිඥ සහය ලබා නොගනී. එයට හේතු වශයෙන් ඔවුන්ට ලබා දීමට මුදල් නොමැති කම හා ඒ ඒ අයගේ නිවැසියන් විසින් ඒ සදහා අධාර උපකාර ලබා නොදීමයි. මේ නිසා මුලික අධිකරණ අවස්ථා වලදී ඔවුන්ගේ නම් කීමෙන් පොලිසය විසින් ප්‍රකාශය ගොනු කරයි. නමුත් සැකකරුගේ චෝදනාව සාධාරණය කරන්න, ඇප ඉල්ලන්න හෝ කරුණක් ප්‍රකාශ කිරීමට ඇත්නම් එය ප්‍රකාශ කිරීම කිසිදුකෙනෙක් නොමැති නිසා බොහෝ විට ඊළට අධිකර්‍යට අධිකරණය යොමු වෙයි. එනම් රස පරීක්ෂණ වාර්තා කැදවිමයි. සාමාන්‍යයෙන් එය එනතුරු ඔවුන්ව අවම වශයෙන් දින 14කට සිරගත කරනු ලබයි. නමුත් ඇතැම් අධිකරණ වල ඊලග දිනය දින 21ක් මාස එක හමාරක් හෝ මාස 3 දක්වා පමණ දීර්ඝ කිරීම් සිදුකරන ආකාරයක් දැකිය හැකියි.
එසේම අනික් අතට වෙනත් වැරදි සදහා අධිකරයට ගෙන එන සැකකරුවන්ට සාපේක්ෂව යුක්තිය මෙහෙයුම තුළින් අධිකරණයට ගෙන එන සැකකරුවන් විසින් තමන් අධිකරණයේ තනිව පෙනී සිටිමිට හෝ පොලිසිය විසින් සිදුකළ අසාධාරණ කම් ප්‍රකාශ කිරීමට සුළු වශයෙන් පොඩි ඉදිරිපත් වීමක් දැක ගැනීමට හැකි අතර එය ඉතා සාධනීය පැතිකඩක් බව මට වැටහේ. මහේස්ත්‍රාත්වරුන්ද එවන් පුද්ගලයන් ප්‍රකාශ කරන කාරණා පිළිබද ඉතා සාධනීයව ආසා සිටින අතර බොහෝ අධිකරණ පොලිස් නිළධාරීන්ද තනිව කතා කිරිමට ඉදිරිපත් වන පුද්ලගලයන්ට සාධනීයව උදව් කරයි. එසේ නොමැති නම් මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ කතා කරන්න ඔවුන්ව ධෛර්මත් කරයි.
මුලික වශයෙන් අත්ඩංගුවට ගෙන දින රස පරීක්ෂණ වාර්තාව එන තුරු දින 14ක් හෝ ඊට වැඩි කාලයක් රිමාන්ඩ් කිරිමකින් පසුව දැක ගත හැකි පොදු කාරණය වනුයේ රස පරීක්ෂණ වාර්තාව අදාල කාලය තුළ නොලැබීමයි. පොලිසිය විසින් ටාගට් කවර් කිරීමට අති විශාල පිරික් අත්ඩංගුවට ගත්තද මෙම මෙහෙයුම හා සම්බන්ධ වන රජයේ අනිකුත් ආයතන වල මෙම මෙහෙයුම සදහා තවම සුදානම් නැති බව ඉතාපැහැදිලිය. ඔවුන්ට සතියක් තුළ 8000කට ආසන්න පිරිසකගේ මත්ද්‍රව්‍ය රස පරීක්ෂණ වාර්තා එවීමට නොහැකිය. එම නිසා මුලික වශයෙන් දින 14ක් හෝ ඊට වැඩි කාලයක් රිමාන්ඩ් වන මෙම සැකකරුවන් රස පරීක්ෂණ වාර්තා නැවත එනතුරු ආයේ ආයේ දින කල් යවමින් බන්ධනාගාර ගත වේ. මෙහිදී රස පරීක්ෂණ වාර්තා ගෙන්නවා ගැනීමට මහේස්ත්‍රාත් තුමා ලවා සිහි කැදවීම් පණිවිඩ යැවීම හැරණු කොට වෙනත් කිසිදු ක්‍රියාවක් ආසන්න වශයෙන් මාස 1 ක හමාරක් 2ක් යන තුරු සිදු නොවේ.
ඒ අනුව ආසන්න වශයෙන් අවම මාස 3-5 ක් අතර කාලයක් මෙම සැකකරුවන්ට රස පරීක්ෂණ වාර්තා එන පැමිණ චෝදනාවෙන් නිදහස් වීමට හෝ චෝදනාව තහවුරු වීම සදහා බන්ධනාගාර ගත වීමට සිදුව ඇත.
3) බන්ධනාගාර ඉඩ පහසුකම්
යුක්තියේ මෙහෙයුමට පෙරත් ශ්‍රි ලංකා බන්ධනාගාර වල ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් නොතිබුණි. මෙය ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂම ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීන් අවස්ථා කිහිපයකදීම ඉස්මතු කළ ගැටළුවක් විය. උදාහරණයක් වශයෙන් යුක්තියේ මෙහෙයුමට පෙර වැලිකඩ බන්ධනාගාරයේ 27000-29000 ක ප්‍රමාණයක් බන්ධනාගාර ගත වුවත් එහි ඉඩ පහසුකම් ඇත්තේ 11000කට පමණි. මෙවන් පසු බිමක දින 17ක් තුළ 20000කට වැඩි පිරිසක් අත්ඩංගුවට ගත්ත නමුත් ඒ හා සාපේක්ෂව ඔවුන් සදහා බන්ධනාගාර වල අමතර ඉඩ ප්‍රමාණ්‍යක් වැඩි වුයේ නැත.
මෙම අත්ඩංගුවට ගත් පිරිසෙන් බොහෝ දෙනා අවම වශයෙන් දින 14ක් වත් රිමාන්ඩ් බාරයේ සිටින අතර ඔවුන් කිහිපදෙනෙක් සමග කතා කළ විට ඔවුන්ගේ අත්දැකීම වුයේ එම දින 14 තුළ ගත කරනුයේ ඉතාම අපහසුවෙන් බවයි. බොහෝ දෙනා ප්‍රකාශ කලේ බන්ධනාගාරය තුළ හිටගන්නවත් ඉඩක් නැති බවයි. නිදා ගන්නේ ද සිටගෙන බවයි. හරියට හුස්ම ගැනීමටත් නොහැකි වී තිබෙන බවයි. කෑම බීම වෙලාවට ලැබුණද මෙම පිරිස බන්ධනාගාරයට දරා ගැනීමට නොහැකි පිරිසක් බැවින් ඔවුන්ගේ අනිකුත් මානුෂිය අවශ්‍යතා ඉටු කරගැනීමට බොහෝ සෙයින් අපහසු බවයි.
මෙහෙයුමක් සිදු කරන්නේ ඒ සදහා අවශ්‍ය වන සැම දෙයක්ම පුර්වයෙන් සුදානම් කරගත යුතු වේ. පොලිසිය විසින් අත්ඩංගුවට ගැනීම පමණක් මෙහෙයුමක් නොවන අතර අත්ඩංගුවට ගැනීමේ සිට වැරදිකාරිත්වය හෝ නිවැරදිකාරිත්වය ඔප්පු කරන තුරු හා ඉන් එහාටද මෙහෙයුම ක්‍රියාත්මක විය යුතුයි. ග්‍රවුන්ඩ් එකක් සකස් නොකර කිසිදු විට ක්‍රිකට් මැච් එකක් ප්ලේ කිරීමට නොහැකි බව දේශබන්දු ඇතුළු මිත්‍රන්යන්ට මතක් කළ යුතුයි.
නැවතත් මම ප්‍රකාශ කරන්නේ ගරු අධිකරණයෙන් ලබා දෙන දඩුවම හැරණු කොට අධිකරණ කාර්ය පටිපාටිය හෝ බන්ධනාගාරය ද පොලිසියද දඩුවම් ක්‍රමවේදයක් නොවිය යයි.
4) පොලිස් බාරයේ සිට අධිකරණයට ගෙන ඒම
අනන්තවත් මම උසාවිය ගාව ඉඳන් බලන් ඉන්න සිදුවීමක් තමයි පොලිසියේ සිට සැකකරුවන්ව ගෙන එන විදිය.සැකකරුවන් 20ක් 30 එක පොඩි ජීප් එකක දාගෙන එනවා.ගැහැණු පිරිමි එකා පිට එකාව දාගෙන සැමන් ටිං අහුරලා වගේ දාගෙන එනවා. මේ දේවල් මීට වඩා ක්‍රමවත් වෙන්න ඕන කියලා ආයේ ආයේමත් හිතලා තියෙන අවස්ථාවකදී යුක්තියේ මෙහෙයුම පටන් ගන්නවා..මේ දවස් කිහිපයේදීම මම දැකපු දේ තමයි වෙනදටත් වඩා සැකකරුවන් පොලිසියේ ඉඳන් අධිකරණයට ගෙන ආකාරයේ ඇති අශිෂ්ට බව.
අත් වලට හැන්ස් කාර්ෆ් දාලා රැදවියන්ව එක්කන් එන අතර පොලිස් ජීප් එකක් නැත්නම් දෙකක් වැඩි පුර එයි. බන්ධානාගර ගත වෙලා සිටින රැඳවියන්ට බන්ධනාගාර බස් වල එන අතර ඔවුන්ගේ ප්‍රවාහනය සම්බන්ධයෙන් ඒ තරම්ගැටලුවක් පෙන්නේ නැත.
නමුත් පොලිස් බාරයේ සිටින රැඳවියන්ගේ ප්‍රවාහනය ගැන ආයේ ආයෙමත් සලකා බැලීම උචිතය.
5) අත්ඩංගුවට පත් ව ඇති පිරිසේ ස්භාවය
මත්ද්‍රව්‍ය භාවිතය සමස්ත සමාජයේ සෑම කොටසක්ම අදාල වන දෙයක් මිසක ආර්ථික තත්ත්වයක් මත පදනම් නොවී භාවිතා කරන දෙයක් නොවේ. නමුත් දින කිහිපයක නීරික්ෂණ වලින් පසුව ආනවරණය කර ගැනීමට හැකි වුයේ අනිකුත් රටවල සේම මෙය තවදුරටත් War on Drug නොවනන බවත් War on Poor බවත්ය.එය එසේ කීමට ප්‍රධාන හේතුව වන්නේ මෙම මෙහෙයුම යටතේ අත්ඩංගුවට පත් වන පිරිස් බොහෝ දෙනෙක්,
- කොණ්ඩපාට කිරීම.
- ටැටූ ගසා සිටීම.
- දුම්වැටි පානය කිරීම
- කොණ්ඩ වවා සිටීම.
- විධිමත් රැකියාක නිරත නොවෙන ආකාරයක් පෙනීම
- පෙර වැරදි ලෙස ගංජා ලග තබා ගැනීම හෝ වෙනත් සුළු වැරදි කර තිබීම
යනාදී පොදු ලක්ෂණ බොහෝ දෙනෙක් තුළ තිබීමයි. ඊට අමතරව මෙලෙස අත්ඩංගුවට පත්ව සිටින්නේ එකම පවුලේ කිහිප දෙනෙක් හෝ එකම වත්තේ හෝ එකම ජන ප්‍රජාවක් බව ඔවුන් එකිනෙකා කතා කරන ආකාරයෙන් පැහැදිලි වේ.
කිසියම් පිරිසක් පුනරුත්ථාපනය කිරීම හෝ වෙනත් ක්‍රියාවලිකයක් සදහා යොමු කරන්නේ නම් එය විය යුත්තේ සමාජයේ උපරිම යහපත හා අදාළ පුද්ගලයාගේ උපරිම යහපත මතයි. එය ඉතා සාධාරණ යුක්ති ගරුක ක්‍රියාවලියක් විය යුතුයි. එසේ නොමැතිව කොණ්ඩේ වාවා ගැනීම හෝ පච්චයක් කෙටීම නිසා අත්ඩංගුවට පත්ව යුක්තියේ මෙහෙයුම වින්දිතයෙක් බවට පත් වන්නේ නම් අප සලකා බැලිය යුතුයි මෙම යුක්තියේ මෙහෙයුම ගමන් කරන්නේ කුමන දිසාවටද කියා.
මෙහෙයුමක් සර්ව සාධාරණ විය යුතුය. වත්තක් ඇතුලේ සේම මහා මන්දිර වලදි වැරදි සිදු වෙයි.නමුත් මෙහෙයුම ගමන් කරන්නේ පීඩිතයාව නැවත නැවත පීඩාවට පත් කරන්න නම් එය කාගේ කුමන දේශපාලන අවශ්‍යතාවයක් ද යන්න වටහා ගැනීම යෝග්‍ය වේ.
යුක්තියේ මෙහෙයුම හා මානව හිමිකම් ප්‍රවේශය.
සෑම පුද්ගලයක්ම තමන්ට හිමි අයිතිවාසිකම් භුක්ති විදිය යුතු වේ. සිරකරුවන් සේම සැකකරුවන්ටද මානව හිමිකම් හී ආරක්ෂාව හිමි වේ. කුමන මෙහෙයුමක් වුවත් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පදනම මත ක්‍රියාත්මක විය යුතු වේ. එය එසේ නොවන තාක් කල් එය අයුක්තියේ මෙහෙයුමක් මිස කිසිදුවිට යුක්තියේ මෙහෙයුමක් නොවේ.
මෙම මෙහෙයුම මේ ආකාරයෙන් අදියර කිහිපයකි.
1) පොලිසිය විසින් ස්ථාන පරීක්ෂා කිරීම.
2) පොලිසීය විසින් වාහන පරීක්ෂා කිරීම.
3) පුද්ගලයන්ව අත්ඩංගුවට ගැනීම හා පොලිසට ගෙන යාම.
4) පොලිස් ප්‍රශ්න කිරීම හා පොලිස් බාරයේ තබා ගැනීම
5) පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන යාම.
6) මහේස්ත්‍රාත් අධිකරණ කාර් පටිපාටිය හා ඒඒ දින වල අධිකරණ බන්ධනාගාරයේ සිටීම.
7) රිමාන්ඩ් කිරීම හෝ නිදහස් වීම. (ඇප මත හෝ නොමැතිව)
8)චෝදනා තහවුරු වීම හා වැඩිදුර අධීකරණ ක්‍රියවලීන්
9) බන්ධනාගාර ගත වීම හෝ නිදහස් වීම.
මේ සියලු අදියර වලදී ඕනෑම පුද්ලයකුගේ ජීවත් වීම , වධ හිංසා වලින් තොර වීම,සාධාරණ නඩු විභායක් ලැබීම, භාෂාණය ප්‍රකාශය වැනි අයිතිවාසිම් ආරක්ෂා වීම සිදු කළ වේ. සෑම සිරකරුවෙකුටම අවම වශයෙන් සැලකිය යුතු ක්‍රමවේදයන් ශ්‍රි ලංකාව විසින් පිළිගෙන තිබේ. අන්තර්ජාතික සිවිල් හා දේශාපාලනික අයිතිවාසිකම් සම්මුතියත්, අන්තර්ජාතික වධහිංසා වලින් තොර වීම සම්බන්ධ සම්මුතියටත් ඇති නෛතික බැදීම හැරුණු කොට ශ්‍රි ලංකාව තුළ අමතරව ශ්‍රි ලංකාවේ සිරකරුවන් සම්බන්ධව සංශෝධිත 1980 අංක 6 දරණ සිරකරුවන් සම්බන්ධ නීති පනත , 2005 අංක 22 දරණ සංශෝධනයක් පනත ,2015 අංක 4 දරණ අපරාධ වින්දිතයන්ව හා සාක්ෂිකරුන්ව ආරක්ෂා කිරීමේ පනත් එක්සත් ජාතීන්ගේ සිරකරුන් සම්බන්ධ අවම නීති තත්ත්වයට අදාලව නීති අදාළ වේ. එම නිසා මෙම නීතින් හා නීති යටතේ රජය විසින් වගකීමට බැදී සිටින සියලුම ක්‍රියකාරකම් කිරීමට පොලිසිය ඇතුළු මෙ ක්‍රියාවලියට සම්බන්ධ වන සෑම රාජ්‍ය ආයතනයක්ම වගකීමෙන් බැදේ.
එබැවින් ඔනෑම අවස්ථාවකදී මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමටත්, ඉන් එහාට අධිකරණ ක්‍රියාවලින් තුළින් ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමටත් දෙවරක් නොසිතා කටයුතු කරන්න.
පැහැදිලිවමයුක්තියේ මෙහෙයුමක් කිසි විටකත් අයුක්ති සහගත නොවිය යුතුයි!