චූදිත නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට සීඅයිඩිය බාරදෙයි !

Share post:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පත්කර තිබේ.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස් විසින් මෙම පත්කිරීමට අදාළ කටයුතු සිදුකර ඇත. 2022 වසරේදී ද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත්කරනු ලැබිණි.

එම ධුරයේ කටයුතු කරමින් සිටියදී රුපියල් ලක්ෂ 75ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශන පැවැත්විණි.

එවැනි නිලධාරියෙකු යළිත් එම දෙපාර්තමේන්තුවේ ම ප්‍රධානියා ලෙස පත්කිරීම බරපතළ ගැටළුවකි.

පොලිසිය බාර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් ධුරය දැරූ ජෙනරාල් ජගත් අල්විස් විසින් 2022 ජනවාරි 28 දින රොහාන් ප්‍රේමරත්නට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස එවකට පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. 2021 පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගන්නා ලද නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු සම්බන්ධ සිදුවීමක් මීට හේතු විය.

මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක බී.එස්. ජයරත්න ඇතුළු කණ්ඩායමක් විසින් මීට් අදාළ විමර්ශන පවත්වා, මාර්තු 10 දින B/75416/01/22 දරන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

විදේශ මුදල් වංචනික ලෙස මුද්‍රණය කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුණු අදාළ නයිජීරියානු ජාතිකයන්ට රුපියල් ලක්ෂ 75ක් වටිනා නඩු භාණ්ඩ වශයෙන් තිබූ මුදල් නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමත්, එම කණ්ඩායමට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අනීතික ලෙස බලය යෙදවීමත් එවකට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නට එල්ල වී තිබූ චෝදනා විය.

එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්. ඉලංගසිංහ විසින් 2022 සැප්තැම්බර් 05 දින අල්ලස් කොමිසමට ද නියෝග කර ඇත්තේ මෙම චෝදනා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...