වෙස් මුහුණු බැඳන් ආවත් නෑ අපි රැවටෙන්නේ

Share post:

එක්දින පිටියේ ලොව හොඳම 5වැනි පන්දු යැවීම සටහන් කළ වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීම (19/7) හමුවේ ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ පිලට එරෙහිව තරග 2-0ක ජයක් වාර්තා කිරීමට හැකිවුණා.

මීට පෙර එක්දින තරගයක හොඳම පන්දු යැවීම සනිටුහන් කළ පන්දු යවන්නන්

චමින්ද වාස්(SL) 19/8
ෂහිඩ් අෆ්රිඩි(PAK) 12/7
ග්⁣ලේන් මැග්‍රාත්(AUS) 15/7
රෂීඩ් ඛාන්(AFG) 18/7

කෙසේ ⁣වෙතත් පසුගිය ජුලි මාසයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියට එක්වූ වනිඳුගේ දක්ෂතාවයන්ගෙන් සපිරිණු පැමිණීම අගය කළ යුතුමයි.
නමුත් ප්‍රශ්නාර්ථය වන්නේ සිම්බාබ්වේ වැනි කණ්ඩායම් ඉදිරියේ මෙවැනි දක්ෂතා හතු පිපෙන්නාක් මෙන් දැක්වුවත් ලොව පිළිගත් රටක් ඉදිරියේ මේ ආකාරයට හෝ ඊට ආසන්නතම මට්ටමකට හෝ පන්දු යැවීම⁣ට හැකිවේද යන්නයි.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ද වනිඳු මේ ආකාරයටම සිය දක්ෂතා දක්වනු ලැබුවා. නමුත් ඒ සිම්බාබ්වේ, නෙදර්ලන්තය, එවකට දැඩි පසුබෑමකට ලක්ව සිටි කොදෙව්වන්ට, UAE, ඕමාන්, ස්කොට්ලන්තය වැනි රටවල් වලටයි. එම තරගාවලියේදී වනිඳු කඩුලු 22ක් ලබා ගත් අතර තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට සතුකර දීමට පුරෝගාමියා බවට ද පත්වුණා.

එක්දින පිටිය තුළ අපගේ සැබෑ දක්ෂතාවයන් බලා ගැනීමට නම් අපට මේ වසරේ ජුලි මාසය වනතෙක් රැඳී සිටීමට සිදු වෙනවා. ඒ මෙරටදී පැවැත්වෙන ඉන්දීය තරගාවලිය පැවැත්වෙන තෙක්. නමුත් එම තරගාවලියට කෝලි, ෂර්මා වැනි නම් දරපු ක්‍රීඩකයින් පැමිණේවිද? එයත් ප්‍රශ්නාර්ථයක්.

ඉන්දියාව එරෙහි තරගාවලිවයට පෙර අපට කිසිදු නම් දරාපු කණ්ඩායමක් සමග එක්දින තරගාවලියක් නැත. ඊට පෙර තිබෙන්නේ ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය සමග තරග කිරීමටයි. ඉන් පසු 2024 ⁣පන්දුවාර 20යි 20 තරගාවලියෙන් පසු අපට තිබෙන්නේ ඉන්දීය තරගාවලියයි. අඩුම තරමින් අපට 20යි 20 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සමග තරගයට පෙර කිසිදු නම් දරාපු කණ්ඩායමක් සමග 20යි 20 තරගාවලියක්වත් නැත. අපට ඊට පෙර ක්‍රීඩා කිරීමට ති⁣⁣බෙන්නේ සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශ කණ්ඩායම් සමග තිබෙන 20යි 20 තරග පමණයි.

එමනිසා මේ පුංචි පුංචි කණ්ඩායම් සමග පෙන්වන මහා දස්කම් පිළිබඳ අප තලු මර මර කතා කිරීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අත්දැකීම් එකතු කර ගැනීම පමණයි. හරිහමන් කණ්ඩායමක් සමග තරග කර ජයග්‍රහණය ලබන තෙක් අපේ කණ්ඩායම ගැන අනාවැකි කීම ඉතා භයානකයි.

ක්‍රීඩක ෂෙවෝන් ඩැනියල්ගේ ආගමනය, තරගාවලියේ වීරයා වූ ජනිත් ලියන⁣ගේ දැක්වූ දක්ෂතා, අද දිනයේ නායකත්වයේ බර කරට ගත් කුසල්ගේ වේගවත් අර්ධ ශතකය සහිත ඉනිම, ඩිල්ෂාන් මධුශංකගේ සුපිරි පන්දු යැවීම අපි ධනාත්මක ලෙස ඉදිරියට රැගෙන යමු. නමුත් තවමත් අනාවැකි කීමට එම දක්ෂතා කල් වැඩියි.

හදවතේ නායකයා දසුන්ගේ කඩා වැටීම, අවිශ්ක ප්‍රනාන්දුගේ පසුබෑම ගැනත් සොයා බැලිය යුතුමයි.
එම නිසා එක හීනයෙන් සියල්ල හරි යන්නෙත් නැත, එබැවින් වෙස් මුහුණු බැඳන් ආවත් මෙරට ප්‍රේක්ෂකයා රැවටිය නොහැකියි.

චතුරංග රාජපක්ෂ (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...