පියසිරි විජේරත්න, අකල්හී අහිමිව ගිය ගමේ කටහඬ,

Share post:

හෙතෙම මේ බිමේ ජීවත්ව සිටි යුගය ශ්‍රී ලාංකේය ගීත කලාවේ සශ්‍රීකතම යුගයයි. පණ්ඩිත් අමරදේවයන්ගේ සිට නිහාල් නෙල්සන් නැත්නම් ජෝතිපාල දක්වා වූ සකලවිධ ශෛලීන්වල ගායක ගායිකාවන් අතර ‘පියසිරි විජේරත්න’ නම් ඔහු ස්වකීය අනන්‍යතාව තහවුරු කරගත්තේ මනා හඬ පෞර්ෂයෙන් යුතු ජන ගී ගායකයකු ලෙසය.

අමිතා වැදිසිංහ නම් ගායිකාව සමඟ ඔහු ගැයූ ‘බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි’ නම් ගීතය පමණක් සැලකුවත් ඔහුගේ විශිෂ්ටත්වය අප කාටත් තහවුරු කරගත හැකිය.

එතෙකුදු වුවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ඔහු ගායනා කළ අනෙකුත් ගීත අතළොස්ස පවා සිංහල ගුවන්විදුලි ගීත අතර විශේෂ අනන්‍යතාවක් සහිත බව මගේ කල්පනාවයි.

‘රටක් වටින කොමළ සිනාවෙන් මා හා සිනාසුණා, ඔබෙ මුහුණ පුරා දිලි සීදේවිකම හින්දයි හිත බැඳුණේ, දිසාපාමොක් ඇදුරුතුමනේ, තුංමංහන්දියෙන් හැරී හැන්දෑවට ගෙදර එන්න, මහියංගනේ රන් කොත වාසනාවන්’ ආදී අති විශිෂ්ට හඬ පෞර්ෂයක් සහිත ගීත ඛණ්ඩ මේ කෙටි සටහන ලියන මේ මොහොතේ මගේ දෙසවනේ රැව් පිළිරැව් නඟමින් ඔහු පිළිබඳ මගේ මතකය අවදි කරවයි.

ජාතික ඇඳුමෙන් සැරසී නිතර සිනා මුසු මුහුණින් කා සමඟත් සුහදව පයුරුපාසානම් පැවැත්වූ පියසිරි විජේරත්න නමැති මහා ගායකයා, සංගීතඥයා, අප්‍රමාණ දරු පරපුරක් බිහි කළ සංගීත ගුරුතුමා, ඒ සියල්ලටත් වඩා මනුෂත්වය පෙරටුකොට ගත් ‘අප්‍රමාණ මනුෂ්‍යයා’ අපෙන් සමුගෙන ගොස් විසි වසරක් ගතව ඇතත් ‘මහියංගනේ රන් කොත’ සේ අදත් ඔහු අප අතර සිටින බව මගේ විශ්වාසයයි.

කුමාර අලගියවන්න

2024.01.12

‘බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි’

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...