“ඇමරිකාව මාව ආකර්ෂණය කර නොගැනීමට බොහෝ හේතු තියෙනවා. පළමුව, මම ඇමරිකාවට කැමති නැහැ. එය විශාල වැඩියි. ජනගහණය වැඩියි. හැමෝම කාර්‍යබහුලව වේගයෙන් දුවනවා. එතන කලබය ඕනෑවට වඩා වැඩියි. කාලගෝට්ටිය වැඩියි. හැමෝම එතන සතුටින් ඉන්නවා කියලා මහා අමාරුවෙන් මවාපානවා.ඒත් මම එයාලගේ සතුට විශ්වාස කරන්නේ නැහැ, අපි තාමත් ඒ ගැන කතා කරනවා ඇරෙන්න – මම හිතන්නේ එයාලත් අපි වගේම අසතුටින් ඉන්නවා, නමුත් ඔවුන් කියන්නෙ සෑම දෙයක්ම හොඳින් සිද්ධ වෙලා තියෙන බව, හැමදේම අතිවිශිෂ්ට බව, ඒක දවස ගානෙ අවුස්සනවා, අවාසනාවකට අධ්‍යක්ෂණය කියනේ එදිනෙදා ජීවිතය. ඔයාට රටකට වෙලා,යම් දෙයක් කරන්න අවුරුද්දෙන් බාගයක් ගත ගතකරන්න සිද්ධ වෙනවා. හැම දෙයක්ම අපූරුයි කියලා කියන මිනිසුනත් එක්ක අවුරුද්දක් පුරාවට මට මුණගැහෙන්න සිද්ධවුනොත්, මට ඒක දරාගන්න බැහැ.
”මම ඇමරිකාවට බයයි. මම නිව් යෝර්ක් වල ඉන්න හැම වෙලාවෙම මට හැඟෙන්නේ ඒක ගුහාවකට ගිහින් වැටෙයි කියලයි, ඒක එහෙම වෙනකොට එහෙ ඉඳිද්දී ඒක වළක්වා ගන්නේ කොහොමද කියන දේ ගැන විතරයි මට හිතන්න පුළුවන්. ඇමරිකාවේ අනෙකුත් ගැනත් ඒ දේ එහෙම්මමයි. ඔයා කැලිෆෝනියාවේ වීදිවල, ඒ හැම මිනිස්සුම සහ ඒ හැම ශබ්දයක්ම ඔයාට නිව් යෝර්ක් වල වගේම හම්බවෙන්නෙ නෑ, නමුත් අනෙක් අතට, විශාල මෝටර් රථ ප්‍රමාණයක් එහෙ ආව ගියත් මට තියෙන බරපතල සැකය තමයි එක ඇමරිකානුවෙක්වත් එවා ඇතුලේ ඉන්නවාද කියන එක. කවුද දන්නෙ කවුරු ඉන්නවද කියලාඅ?ඒ වාහන එයාල විහින්ම පදවනවා කියන හැඟීම මට හැමවෙලේම තියෙනවා. ඉතින් මම ඒ රටට බයයි, මම එහාට එනකොට මම ආරක්‍ෂාවෙන් ඉන්නවා කියන හැඟීම මට නිතරම තියෙනවා . මම ඒහෙ කුඩා පළාත්, තැන්වලට පවා ගිහින් තියෙනව වුනත මම තවමත් බයට පත් වෙලා- මම හැම වෙලේම පලා යනවා. මම මාව ඇතුලින් වසා දාල තියෙන්නෙ. මම නිරායාසයෙන්ම මගේ හෝටලයට පලා ගිහින්, සාමාන්‍යයෙන් නිදාගන්නවා. මට නිදා ගන්න පුළුවන් නම් හැකි නම්, ඒ කියන්නේ – මට වෙනදා තරම් ලේසියෙන් නින්ද යන්නේ නැහැ.ඒත් මට නිදාගන්න පුළුවන් නම් මම කරන්නේ ඒකයි.
“ඇමරිකානුවන් මගෙන් ‘ඔයාට කොහොමද?’ කියලා ඇහුවම, මම ‘වරදක් -නෑ’ කිව්වා. එයාලා හිතන්න ඇත්තේ මගේ පවුලේ කවුරු හරි මිය ගිහින් කියලා. ඒ වුනත් මම පැය හතක් පියාසර කරලා හිටිය නිසා මට තදබල විඩාවයි ඇඟේ පතේ අමාරුයි නිසා විශේෂ හොඳක් තිබුනෙ නැහැ. නමුත් මට ‘වරදක් -නෑ’ කීම ප්‍රමාණවත් වුනා, එයාලා වහාම හිතුවෙ මහා දුක්ඛ දායක දෙයක් සිද්ධ වෙලා කියලා, ඔයාට එහෙ ‘වරදක් -නෑ’ කියල කියන්න බැහැ, එක්කෝ ඔයා ‘හොඳයි’ නැත්නම් ‘බොහොම හොඳයි’ කියලා කියන්න ඕනෙ. මට කියන්න පුළුවන් වඩාත්ම ශුභවාදී දේ තමයි ‘මම තාම ජීවත් වෙනවා’. ඉතින් ඒ හේතුව නිසා මම ඇමරිකාවට ගැලපෙන්නෙ නැහැ. දෙවනුව, එයාලා අධ්‍යක්ෂකවරුන්ට සංස්කරණ මැදිරියට ඇතුළු වෙන්න ඉඩ දෙන්නෙ නැහැ, අඩුම තරමින් විශාල ස්ටූඩියෝ වලටවත්. අධ්‍යක්ෂකවරයා චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනවා, ඒක එයාගෙ රාජකාරිය, එහෙ එක් කෙනෙක් ස්ක්‍රිප්ට් එක (තිර රචනය) ලියනවා, තවත් කෙනෙක් අධ්‍යක්ෂණය කරනවා, තව කෙනෙක් සංස්කරණය කරනවා. සැකයක් නැහැ, දවසක මම වෙන කාගේ හරි පිටපතක් අධ්‍යක්ෂණය කරනවා, මොකද ඒක මගේ පිටපතට වඩා ගොඩක් හොඳ වෙයි. ඊටත් වඩා ලස්සනයි, දක්ෂයි. ඒත් මම කවදාවත් සංස්කරණය අත්හරින්නේ නැහැ.ඒ නිසා මට ඒ හේතුව නිසාවත් ඇමරිකාවට යන්න බැහැ. ඇත්ත වශයෙන්ම මට යන්න බැහැ, එයාලා සිගරට් වලට ඉඩ නොදෙන නිසා, ඒ නිසා අනිවාර්යයෙන්ම ඇති තරම් තියෙනවා මම ඇමරිකාවට ආකර්ෂණය නොවීමට හේතු.
ෂිෂ්ටොෆ් කෙෂ්ලොව්ස්කි පෝලන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ තිර රචකයෙකු වන අතර වෝර්සෝ හි උපත ලැබීය. ඔහුගේ Dekalog (1989), The Double Life of Veronique (1991), සහ The Three Colors trilogy (1993-1994)චිත්‍රපට සඳහා ඔහු ජාත්‍යන්තර වශයෙන් බොහෝ ප්‍රසිද්ධයක් උසුලයි.
පරිවර්තනය Kieślowski cinema society පේජය ඇසුරෙන්.