ලියනගේ අමරකීර්තිගේ මම කැමති ම නවකතාව ‘කැළලිකාරයො’ බවට පත් වෙන්නෙ මේ නිසයි

Share post:

“එකම ගලින් කුරුල්ලො දෙන්න මරන්න නෙමේ, දෙන්නාගෙම අවධානෙ ගන්න ඇය කුඩා කල සිටම දක්ෂ බව ඇයම දන්නවා. ඇය එය දකින්නෙ කපටිකමක් හැටියට නෙමෙයි. කෙටි මනුෂ්‍ය ජීවිතයක ලැබෙන සීමිත ජීවන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගෙන දිගටත් පළලටත්, ගැඹුරටත් විහිදුණ විශාල ජීවිතයක් ජීවත්වෙන්න එවැනි කුසලතා අවශ්‍යයි.”

දීපිකාගෙ චරිතය මැදි කරගෙන කතුවරයා ගොඩනගන ප්‍රබන්ධය අකුරක්වත් අතාරින්න හිතෙන්නෙ නැති තරම් රසවත්. ඔහු ඒ තරම්ම ශූර කතාකරුවෙක්. පරඬැල් ව ඉහිදැල් ව එල්ලා වැටෙන කිසි ම සිද්ධියක්වත් චරිතයක්වත් නැතුවයි මේ කතාව කියාගෙන යන්නෙ. අතර මැද මුණ ගැහෙන සිද්ධි පවා සමස්ත වියමනත් එක්ක සමෝධානික වන විදිහ නියමයි.

ආදරය පිළිබඳ අත්‍යවශ්‍ය ම, මග නොහැරිය යුතු ම සංවාදයක් මේ නවකතාවේ තියෙනවා. ඒක එක්තරා විදිහක ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා බැඳුණු අපේ දූපතට මග හැරුණු කතිකාවකට ඉසියුම් කණිකා විවර කරන සුලු යි. ආදරය, ලිංගිකත්වය සහ විවාහය කියන එකිනෙක බැඳුණු කාරණා වෙත සංස්කෘතික හා දේශපාලනික ප්‍රවේශයකින් කිසියම් සංකථනමය අවකාශයක් ගොඩ නගන්නත් මේ නවකතාවෙන් උත්සාහ අරන් තියෙනවා.

අභිනවයෙන් ද්වීතීක අවස්ථාවට පත් ව සිටින යෞවන යෞවනියන් හා කරන පයුරුපාසානයේ දී මම නිතර ම මතක් කරන පොත් දෙකක් ගැන මේ නවකතාවෙත් සඳහන් වෙනවා.. ඒ ඩෙස්මන්ඩ් මොරිස්ගෙ ‘නිරුවත් වානරයා’ සහ ‘මනුසත් උයන’. ආදරය ගැන තවමත් ඇකඩමියාව තුළ කෙරෙමින් තිබෙන නිම නොවන සම්භාෂණය වෙත අපේ දූපතේ කවුළු තවමත් වැහිලයි තියෙන්නෙ. ඒ හින්ද ම මා වටා සිටින සියලු ම කෙල්ලන්ට කොල්ලන්ට, ‘කැළලිකාරයෝ’ කියවන්න මම බලකරනවා..විශේෂයෙන් ඔය සමාජ මාධ්‍යවල ආදරය ගැන හැම දේම දන්නෙ තමන් කියල හිතා ගෙන හිතලු වමාරන මහත්තුරුත් මේ පොත සීරුවෙන් කියවනවා නම් ඒ දේවල් ගැන විද්‍යාත්මක ව, තේරුම් ගන්න පුළුවන් වෙනවා.

මේ නවකතාවෙන් මතු කෙරෙන ආදරය පිළිබඳ නිම නොවන සංලාපයට කතුවරයාගේ සහෘදශීලී සංවාදමය ආඛ්‍යානයත් විශාල පිටුබලයක්…
ලියනගේ අමරකීර්තිගේ මම කැමති ම නවකතාව බවට ‘කැළලිකාරයො’ පත් වෙන්නෙ ඒ විදිහට.

සුජීව සිරිමෙවන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...