හමාස් සංවිධානයට එරෙහි යුද්ධය 2024 වසරේදී ද පවතිනු ඇති – ඊශ්‍රායලය

Share post:

පලස්තීනයේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධය මේ වසරේදී ද පවතිනු ඇතැයි ඊශ්‍රායලය පවසනවා. හමාස් සංවිධානය ද ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර යෙන් විවිධ අවස්ථාවලදී එල්ල කරනවා. එවැනි තත්ත්වයක් යටතේ ගාසාහි යුධ ගැටුම් මේ වසරේ ඉදිරි මාස ගණනාවක් පැවතිය හැකි බවයි ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ. හමාස් වාර්තා අනුව මේ වන විට ගාසා හි මියගොස් ඇති සංඛ්‍යාව විසිඑක් දහසකට අධිකයි. ඉන් වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන් බවයි වාර්තා වෙන්නේ. ගැටුම් ආරම්භ වී දැනට ගෙවී ගොස් ඇත්තේ සති 11ක් පමණයි. එම කාලය ඇතුළත පලස්තීන වැසියන්ගෙන් මිලියන දෙකක් පමණ අවතැන්ව සිටින බවයි සඳහන් වෙන්නේ. එය පලස්තීනයට ගැටළු රැසක් ඇති කර තිබෙනවා. හමාස් සංවිධානය කියා සිටින්නේ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නැවතීමට සූදානම් නැති බවයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...