හමාස් සංවිධානයට එරෙහි යුද්ධය 2024 වසරේදී ද පවතිනු ඇති – ඊශ්‍රායලය

Share post:

පලස්තීනයේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධය මේ වසරේදී ද පවතිනු ඇතැයි ඊශ්‍රායලය පවසනවා. හමාස් සංවිධානය ද ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර යෙන් විවිධ අවස්ථාවලදී එල්ල කරනවා. එවැනි තත්ත්වයක් යටතේ ගාසාහි යුධ ගැටුම් මේ වසරේ ඉදිරි මාස ගණනාවක් පැවතිය හැකි බවයි ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ. හමාස් වාර්තා අනුව මේ වන විට ගාසා හි මියගොස් ඇති සංඛ්‍යාව විසිඑක් දහසකට අධිකයි. ඉන් වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන් බවයි වාර්තා වෙන්නේ. ගැටුම් ආරම්භ වී දැනට ගෙවී ගොස් ඇත්තේ සති 11ක් පමණයි. එම කාලය ඇතුළත පලස්තීන වැසියන්ගෙන් මිලියන දෙකක් පමණ අවතැන්ව සිටින බවයි සඳහන් වෙන්නේ. එය පලස්තීනයට ගැටළු රැසක් ඇති කර තිබෙනවා. හමාස් සංවිධානය කියා සිටින්නේ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නැවතීමට සූදානම් නැති බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...