පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් තිදෙනෙක් දේශබන්දුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට !

Share post:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැඩබලන පොලිස්පතිවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

පෙත්සම්කරුවන් වන, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් ඒ.එම්.ඒ. නිශාන්ත, පී.එම්.ආර්. ප්‍රනාන්දු සහ ජේ.ඒ.ඩී.එෆ්.ප්‍රියන්ත යන අය මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කරමිනි.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කළ විමර්ශන කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසියේ රාජ්‍ය නිලධාරීන් රැසකගේ බරපතළ නොසැලකිලිමත්භාවය හෝ අතපසුවීම් කිහිපයක් අනාවරණය වී ඇති බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කරති.

එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටද නිර්දේශ කර තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කනස්සල්ල පළකරමින් සහ එම පුද්ගලයන් පොලිස්පති තනතුරට පත්කිරීමට සුදුසුකම් නොලබීමට හේතු පැහැදිලි කරමින්, කොළඹ අගරදගුරු මැල්කොම් කාදිනල් රංජිත් හිමිපාණන් 2023 ජුනි 26 වැනි දින ලිපියක් මගින් කථානායකවරයා දැනුවත් කර ඇති බවද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් කියාසිටිති.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට අදාළව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අනුමැතිය ලබාදීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

නීතීඥ තුෂාරි ජයවර්ධන හරහා මෙම පෙත්සම ගොනුකර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...