පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් තිදෙනෙක් දේශබන්දුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට !

Share post:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැඩබලන පොලිස්පතිවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

පෙත්සම්කරුවන් වන, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් ඒ.එම්.ඒ. නිශාන්ත, පී.එම්.ආර්. ප්‍රනාන්දු සහ ජේ.ඒ.ඩී.එෆ්.ප්‍රියන්ත යන අය මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කරමිනි.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කළ විමර්ශන කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසියේ රාජ්‍ය නිලධාරීන් රැසකගේ බරපතළ නොසැලකිලිමත්භාවය හෝ අතපසුවීම් කිහිපයක් අනාවරණය වී ඇති බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කරති.

එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටද නිර්දේශ කර තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කනස්සල්ල පළකරමින් සහ එම පුද්ගලයන් පොලිස්පති තනතුරට පත්කිරීමට සුදුසුකම් නොලබීමට හේතු පැහැදිලි කරමින්, කොළඹ අගරදගුරු මැල්කොම් කාදිනල් රංජිත් හිමිපාණන් 2023 ජුනි 26 වැනි දින ලිපියක් මගින් කථානායකවරයා දැනුවත් කර ඇති බවද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් කියාසිටිති.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට අදාළව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අනුමැතිය ලබාදීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

නීතීඥ තුෂාරි ජයවර්ධන හරහා මෙම පෙත්සම ගොනුකර ඇත.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...