කවි පොත් දෙකක රමණාවසාන වගතුග.

Share post:

ධනංජය බණ්ඩාර සහ චමින්ද ලියනගේ මට මුණගැසී ඇති බවක් මතක නැත.එය එසේ වුව ද මේ කවිපොත් යුගල තැපෑලෙන් මට එවා තිබුණි.කවි පොතක් යනු කවියෙකුගේ භාෂාත්මක රමණයයි.එවන් පරිකල්පනමය බසක සුරතාන්ත ප්‍රීතිය අපට දැනවීම ඔවුන්ගේ අරමුණයි.

කවිපොත් දෙක තුළ සෙමෙන් ඇවිද ගියෙමි.ඔවුන් අපට සුරතාන්ත ප්‍රීතිය දනවනු පිණිස යහන් තැනූ අයුරුත් රමණාසන්න අද්දැකීම් සහ රමණාවසාන විඳීම් ඉදිරිපත් කොට ඇති අයුරුත් නිරීක්ෂණය කළෙමි.

“කඳු” බොහෝ කවීන්ගේ සංකල්ප රූප ලෝකය සරසන වස්තුවකි.එය සුළබ වුව ද පරිකල්පනයෙහි බුහුටි කවියෝ ඉන් දුලබ ජීවන අරුත් නිපදවති..
මේ කවීන් දෙදෙනාම එවන් පොදු මධ්‍ය ලක්ෂයකදී මට හමු වේ.

ඔවුහු “කඳු” මනුෂ්‍ය ජීවිතය ධ්වනිත කරන සංකේතයක් ලෙස අපට සම්මුඛ කරති.

“ඔලුව කෙලින් කරගෙන
කන්දක් ඔහොම හිටියට
දියණිය දීග දෙන දවසට
බැලුව හැකි නාය යන අන්දම”

ධනංජය බණ්ඩාර

පිටුව 20

“බිංගෙය පසුකර බිංගෙය” කාව්‍ය සංග්‍රහය

” විඳව අවසන සියලු ගිනි දුක්
මොහොතකදි ගිනි කඳු වෙමින්
කඳුළු ලාවා දෝරෙ ගලමින්
නිහඬ වේ ළය අවුලමින් “

චමින්ද ලියනගේ
පිටුව 27

“බෝ පෙම්බර බෝගම්බර”
කාව්‍ය සංග්‍රහය

අමු වචන ගොඩවල් මුද්‍රිණය වෙයි. සමාජ මාධ්‍ය තුළ මල් වෙඩි පෙනෙයි. ඉන් පසු ඒ කවි ද කවියා ද අතුරුදන් වෙයි. ඒ බොහෝ කවි ක්ෂණික මෝචනයෙන් කෙළවර වීම සුරතාන්ත ප්‍රීතිය විඳිනු රිසි අපට දුකකි. එවන් වටපිටාවක තම කවියේ යම් ධව්වනියක් වෙනුවෙන් වෙහෙසෙන මෙම කවීන් දෙපල අප තුළ බලාපොරොත්තු දල්වයි.

ඒ අතරින් ධනංජය බණ්ඩාරගේ කාව්‍ය ප්‍රතිභාව වඩා ප්‍රශස්ත බව කිව යුතු ය. ඔහුගේ බොහෝ කවි වඩා නැවුම් භාෂාත්මක රමණයක කෙඳිරිය අපට ගෙන එයි.ඒවායේ සංෂිප්ත ගුණය වෙනුවෙන් තවදුරටත් බස පිරිපහදු කරගත යුතු යැයි මම සිතමි.
චමින්ද ලියනගේ කාව්‍ය ධ්වනිය ගැන තවදුරටත් කල්පනා කළ යුතුය. සෘජු ප්‍රකාශන කවි නොවන බව කල්පනාවට ගත හොත් ඔහුට මින් වැඩි සුරතාන්තයකට සිය බස මෙහෙයැවිය හැකි යැයි මම කල්පනා කරමි. ඒ සඳහා වන නිහඬ වැඩබිමේ ඇවිද යා යුතුය.

රවී සිරිවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...