අපේ මාතෘකාව චිත්‍රපටි දෙකක්, ලෝක ගෝලයේ දෙපැත්තක් එකම ප්‍රශ්නේ දිහා බලන හැටි. ආදරය, අඹුසැමි සම්බන්ධතා වලට පොදු එකම ප්‍රශ්නයක් හමුවේ බටහිර සිනමාව කාන්තාවට පිරිමියා ගේ පුකට පයින් ගහලා යන්න සලස්වනවා. හැබැයි පෙරදිග ලෝකයේ අපි හොටු පෙරාගෙන අඬ අඬා පුක් අකුලාගෙන අරකිව ආපහු අර මෘර්ගයාට බාර දීලා, රත්වෙච්ච පුටුවලින් නැගිටලා හොටු පිහ පිහා ගෙදර යනවා. ඔන්න සංස්කෘති වෙනස.
අභිමාන් ආපහු කියන්න ඕනෑ නෑනෙ හැමෝම දන්නවා, ඔවුන් දෙදෙන එක් කලේද වෙන් කලේද මහලොකු ආදරය කියලා, තමන්ට වැඩිය තමන්ගේ බිරිඳ ජනප්‍රිය වෙද්දී හීන මානයෙන් පෙනෙන සැමියා ඇයගේ ජනප්‍රියත්වය කෙළෙසලා දානවා. ඇය අල්ෂයිමර් රෝගය හැදෙන තරමට මානසික පීඩනයට නතුකරලා, සිංදු හරහා මතකය rewind කරලා, පස්සේ දෙන්න ආපහු එකතු කරලා, happily ever after කියලා ඉවර කරනවා. මේ කතාව පාදක කර ගත්තේ සත්‍යය කතාවක්ලු, ඒ තමයි එයාට වඩා දක්ෂ වූ රවි ශංකර් ගේ පළමු බිරිඳ ගෙදරට හිර කිරීම.
Fair Play කියන බටහිර සිනමාව බිහිකරපු චිත්‍රපටයෙ වෙන්නෙත් ඔය කතාව මයි. කොටස් වෙළෙඳපොලට අදාළ කොම්පැනියක රැකියාව කරන යුවලකට අදාළ කතාවක්. ඒ කතාව ටිකක් කෙටියෙන් කියන්නම්, හැමෝටම Netflix නැති නිසා.
එකම සමාගමක, එකම රැකියාවේ නියුතු දෙදෙනෙක් සාදයකදී පළමු වතාවට ලිංගිකව හැසිරෙන අතර, විවාහ ගිවිසගෙන ඒකට ජීවත් වෙන්න ගන්නවා.
එම යුවලේ කාන්තාවට උසස් වීමක් ලැබෙනවා. කොම්පැණි නීතිරීති වලට මේක පටහැනි වුවත් මේ දෙදෙනා විවාහ ගිවිසගෙන තමයි එකට ඉන්නේ. අර ඊර්ෂ්‍යාව කියන හීන මානය පිරිමියාගේ හිතේ වැඩ කරන ආකාරය හරිම ලස්සණට මේකෙ පෙන්නුම් කරනවා. ඔහු කාන්තාවගේ තනතුර බාලදු කරමින් ඉතාම අස්ලීල විදිහට හැසිරෙමින් ඇය තමා සමග ලිංගිකව හැසුරුණු බව පවා ප්‍රසිද්ධියේ හෙලි කරනවා. මේ අස්සේ මේ කිසිවක් නොදන්නා කාන්තාවගේ මව විවාහ ගිවිසගැනීමේ සාදයක් සංවිධානය කරනවා. අර තරම් අවමානයක් කරන මේ පුරුෂයා මේ සාදය තුළ දීත් මත්පැන් බී, ඇගේ ගෞරවය කෙලෙසා දානවා. ඒ විතරක් නොවෙයි, ඇය පසුපස ලුහුබැඳ ගොස් washroom එකේ දොර වසා ගෙන විශාල බහින් බස් වීමෙන් පසුව, වෙරි මතින් සිටින ඔහු ඇය හා ලිංගිකව හැසිරෙනවා.
මේ movie එකේ මේ ලිංගික හැසිරීම් අවස්ථා දෙක ඉතාම සංකේතාත්මකව ඉදිරිපත් කරනවා මේ පුරුෂයාගේ චින්තනය ක්‍රියාකරන ආකාරය පැහැදිලි කිරීමට. මුල්වතාවට ඔහු කාන්තාව තෘප්තිමත් කරන්න ඇගේ රහස් ප්‍රදේශය සිප ගනිමින් ආරම්භ කරන අතර, අවසාන වතාවට ඇයව දූෂණය කරන්නේ තිරස්චීන ආකාරයටයි. පසුපසට හරවා කෙස්වලින් අදිමින් ඇයව මේසයේ හප්පවමින් තුවාල කරනවා.
ඔබ කුතුහලයෙන් බලාසිටිනවා මොනවාද දැං වෙන්නෙ කියලා, ඒ කියන්නේ දෙදනා සියල්ල අමතක කර ආපහු එකතු වී අභිමාන් එකේ මෙන් happily ever after වෙයි ද? නෑ අන්න එතන තමයි බටහිර නැගෙනහිර වෙනස. ඇගෙන් සමාවවත් නොඉල්ලා ඇය හැර යාමට ඔහු තීරණය කරනවා. හැබැයි ඔහුගේ හැර යාම ඇයට ප්‍රශ්නයක් වන්නේ නෑ, නමුත් මත්වී ඇය විරෝධය පාද්දීත් ඇයව දූෂණය කිරීම ගැන සමාවක් වත් නොයිල්ලා තමයි ඔහු යන්න හදන්නේ.
මෙන්න මෙතනදි fair play හදන බටහිර සිනමා කරුවා ඇයට අතට ආයුධයක් ලබාදී, ඔහු සමාව ගන්න තැනට පත් කරනවා. ඊට පස්සේ ඇය ඔහුට කියනවා යන දේවාලයක දැං පලයන් කියලා.
අන්න ඒකයි බටහිර සිනමාවේ සහ පෙරදිග සිනමාවේ වෙනස. මේකට වගකිවයුතු සමාජයම නේද? නම්බුව බම්බුව කිය කියා තමන්ව බිල්ලක් දෙන්නෙ තමන්ම යි, එකට වේදිකාව හදන්නෙත් ඒ සමාජ ව්‍යූහය මයි.
මේක කීකරු විමුක්තියට හේතුව.
ඊළඟට බලමු ඒ සමාජ දේහය හැදුනේ කොහොමද කියලා.