ඔය ඉන්න උන් අයින් කරලා චමරි දාපන්..- චමරි තමයි රැජිණ

Share post:

චමරි අතපත්තු නම් වූ ශක්තිමත් කාන්තාව හිතින් මෙන්ම වැඩවලිනුත් ශක්තිමත් මෙරට ක්‍රිකට් වංශ කතාව තුළ එදා මෙදා තුර බිහිවූ අතිවි⁣ශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩිකාවකි.

කොල්ලන්ට ක්‍රිකට් ගසන්නට බැරි වී කුල්ල කුජිත වූ තැන සමාජය කට වහරට කියන්නේ ඔය තැනට චමරි දැම්මොත් කොල්ලන්ටත් වඩා හොඳට සෙල්ලම් කරනවා යන්නයි. ඒ තමයි ක්‍රිකට්ලෝලීන් ඇයට දක්වන ආදරයේ තරම.

ලක්මව සෑම විටම ක්‍රිකට්වලින් ඔසවා තැබූ ඇය 2023 කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේදී ද ලක්මව ඉහළට ඔසවා තබමින් ක්‍රිකට් රැජිණක් ලෙස කිරුළු පැළඳීමට සමත් වුණා.

ඒ අනුව, චමරි මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් පන්දුවාර 20යි 20 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වෙනවා. විනිසුරුවන්ගේ මත විමසුමට අනුව ඇය එලෙස දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තෝරාගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.

සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරන චමරි ඇඩිලේඩ් ස්ට්‍රයිකර් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය වන කේටි මැක්ට වඩා එක් ඡන්දයක් ලබා ගැනීමට සමත් වීම හේතුවෙන් දක්ෂතම ක්‍රීඩිකාව බවට සම්මානයට පාත්‍ර වෙනවා.

WBBL|09 Player of the Tournament:

Chamari Athapaththu (Sydney Thunder) – 30 votes
Katie Mack (Adelaide Strikers) – 29 votes
Beth Mooney (Perth Scorchers) – 27 votes
Sophie Devine (Perth Scorchers) – 26 votes
Annabel Sutherland (Melbourne Stars) – 24 votes

තරග 14කදී ලකුණු ලකුණු 552ක් ලබාගත් චමරි වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 02වැනි ස්ථානයේ රැඳී සිටිනවා.
තරග 15ක් තුළ ලකුණු 557ක් ලබාගත් Beth Mooney එහි ප්‍රථම ස්ථානයේ රැඳී සිටිනවා.

චමරි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු ලකුණු 20කට කඩුලු 03ක් ඇතුළුව කඩුලු 9ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.
චමරි මෙවර බිග් බෑෂ් තරගාවලිය සඳහා එකතු වන්නේ, අවසන් මොහොතේ ආදේශක විදෙස් ක්‍රීඩිකාවක් ලෙස වීමත් විශේෂත්වයක්.
ලක්මව වෙනුවෙන් නායකත්වයේ වගකීම කරට ගෙන වසර ගණනාවක් තිස්සේ ක්‍රීඩා කරන චමරි එක්දින ජාත්‍යන්තර ශතක 8ක් සහ එක් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ශතකයක් රැස් කරගෙන සිටිනවා.

ඇය පසුගිය ජුලි මාසයේදී නවසීලන්තයට එරෙහිව පළමු එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන ගිය අතර, චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එංගලන්තය කම්පනයට පත් කරමින් සැප්තැම්බර් මාසයේදී ඉතිහාසගත T20I තරගාවලි ජයග්‍රහණයක් අත්කර ගැනීමටත් සමත් වුණා.
ඒ වගේම මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් අංශයෙන් ලක්මවට රිදී පදක්කම ලබා දීමට චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.
තුන්ඉරියව්වෙන් දස්කම් දක්වමින්, නායකත්වයේ කටු ඔටුන්නේ වගකීම් ද මනා ලෙස ඉටු කරමින් ජාත්‍යන්තරයේත් ලක්මවගේ නම බබළවන ඔබ, මෙරට කාන්තා ක්‍රිකට් වංශ කතාව තුළ එතෙක් මෙතෙක් බිහිවූ රැජිණක්.

චතුරංග රාජපක්ෂ (fb)

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...