බිඳුනු අතින් ඇඳි රහස් කියන කඳු…..

Share post:

ප්‍රදීප් චන්ද්‍රසිරි කියන්නෙ සංවිධානගත දේශපාලනික යාන්ත්‍රණයක අවමානුෂිකත්වයට පත් වූ ජීවමාන ශාක්ෂියක්. මේ රහස් කියන කඳු කියන්නෙ එහි සිත්තර වංශයයි. ඇත්තටම ලංකාවේ සිත්තර වංශයේ 90 දශකය කියන්නෙ දේශපාලනික අදහසකින් කාල රේඛීයව මුනගැහෙන බහුත්ව කියවීම් සහිත වැඩබිමක්. ජගත් වීරසිංහ මේ පොලාපැනීම කෙටුම්පත් කළ ප්‍රකාශකයා ලෙස ලොකු වැඩ කොටසක් කළ කෙනෙකි.. ඒ මොහොතේ එය දේශපාලනික මෙන්ම අභියෝගාත්මක වැඩක්. 90 දශකය තුළ සමාජය තුළ ඇති වූ මෙම සමාජ කතිකාව එකතරා දුරකට කලාව සම්බන්ධ තිබූ සීමාවන් පුපුරවා හැරූමක්. එහි සාධනීය මෙන්ම ගැටලු සහගත තත්ත්වයන්ද නිරීක්ෂණය කළ හැකි බවයි මගේ විශ්වාසය. විශේෂයෙන්ම චිත්‍රයේ දේශයට දේශපාලනය රැගෙන ඒමේ ආශ්වාදය ජගත් වීරසිංහගේ counter signature එක හරහා ප්‍රදීප් චන්ද්‍රසිරි ඉතාමත් පෙරටුගාමී විදියට ඔහුගේ බිඳුනු අත නැමති ස්ථාපනය හරහා රැගෙන එනවා. එදා සිට මේ දක්වා ඔහු චිත්‍රය සහ ස්ථාපන කලාව හරහා ලොකු බරතැබීමකින් මේ ක්‍රියාවලිය එක්ක ඇතුළතින්ම බැඳෙන එක අපට නිරීක්ෂණය වෙන්න ගන්නවා. ඒ තමයි ඔහුගේ ඇත්ත ජීවිතය ඇතුළෙ කලාකෘති හදන විදිය. ඔහු මේ language එක හසුරුවන විදිය පුදුම තරම් නූතනයි. ඇත්තටම ඔහුගෙ රහස් කියන කඳු අක්ෂි ගෝචර කලාවේ ඇහැට අනින දේශපාලනික act එකක්.

එදා ඒ සමාජ මොහොත සමඟ ඓන්ද්‍රීය සම්බන්ධයක් නැති මේ ඩිජිටල් ඊරා එකේ තරුණයෙකුට පවා යම්කිසි එලිමන්ට් එකක් ප්‍රභල දේශපාලනික ප්‍රකාශනයකට ගේන විදිය විදිමත්ව මේ ප්‍රදර්ශනය විසින් සපථ කරනවා. මිලියන ගණනක පැහැයන් තිබියදී කලු , රතු, සුදු සහ කහ මහා පොදු සාධකය ලෙස එන්නෙ අහම්බෙන් නෙවි. ඒ තමයි සිත්තර පරිකල්පනය . මෑත කාලයේ ඇතුළතින් සසළ කළ චිත්‍ර ප්‍රදර්ශනයක් ලෙස රහස් කියන කඳු තුළ ඔබව රඳවා ගනීවි. මේ ප්‍රදර්ශනය සමඟ එතෙක් කොළඹ තිබූ රසිකාගාරයද වෙනස් වූ බවයි මගේ අදහස. මන්ද සිංහල සමාජය මේ ප්‍රදර්ශනය සමඟ ගොඩක් බැඳුනු බව පේනවා. Curado art space නම් වූ අභිනව කලාගාරය මේ ප්‍රදර්ශනය ඉතාමත් විදිමත්ව අභිරක්ෂණය කර තිබූ බවද ප්‍රකාශ කළ යුතුමය.

(ප්‍රදීප් චන්ද්‍රසිරි ගේ චිත්‍ර ප්‍රදර්ශනය Curado art space , 302 , Park road ,Col.5 .
30වැනිදා දක්වා. 10am to 6pm)

ප්‍රගීත් රත්නායක

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...