බිඳුනු අතින් ඇඳි රහස් කියන කඳු…..

Share post:

ප්‍රදීප් චන්ද්‍රසිරි කියන්නෙ සංවිධානගත දේශපාලනික යාන්ත්‍රණයක අවමානුෂිකත්වයට පත් වූ ජීවමාන ශාක්ෂියක්. මේ රහස් කියන කඳු කියන්නෙ එහි සිත්තර වංශයයි. ඇත්තටම ලංකාවේ සිත්තර වංශයේ 90 දශකය කියන්නෙ දේශපාලනික අදහසකින් කාල රේඛීයව මුනගැහෙන බහුත්ව කියවීම් සහිත වැඩබිමක්. ජගත් වීරසිංහ මේ පොලාපැනීම කෙටුම්පත් කළ ප්‍රකාශකයා ලෙස ලොකු වැඩ කොටසක් කළ කෙනෙකි.. ඒ මොහොතේ එය දේශපාලනික මෙන්ම අභියෝගාත්මක වැඩක්. 90 දශකය තුළ සමාජය තුළ ඇති වූ මෙම සමාජ කතිකාව එකතරා දුරකට කලාව සම්බන්ධ තිබූ සීමාවන් පුපුරවා හැරූමක්. එහි සාධනීය මෙන්ම ගැටලු සහගත තත්ත්වයන්ද නිරීක්ෂණය කළ හැකි බවයි මගේ විශ්වාසය. විශේෂයෙන්ම චිත්‍රයේ දේශයට දේශපාලනය රැගෙන ඒමේ ආශ්වාදය ජගත් වීරසිංහගේ counter signature එක හරහා ප්‍රදීප් චන්ද්‍රසිරි ඉතාමත් පෙරටුගාමී විදියට ඔහුගේ බිඳුනු අත නැමති ස්ථාපනය හරහා රැගෙන එනවා. එදා සිට මේ දක්වා ඔහු චිත්‍රය සහ ස්ථාපන කලාව හරහා ලොකු බරතැබීමකින් මේ ක්‍රියාවලිය එක්ක ඇතුළතින්ම බැඳෙන එක අපට නිරීක්ෂණය වෙන්න ගන්නවා. ඒ තමයි ඔහුගේ ඇත්ත ජීවිතය ඇතුළෙ කලාකෘති හදන විදිය. ඔහු මේ language එක හසුරුවන විදිය පුදුම තරම් නූතනයි. ඇත්තටම ඔහුගෙ රහස් කියන කඳු අක්ෂි ගෝචර කලාවේ ඇහැට අනින දේශපාලනික act එකක්.

එදා ඒ සමාජ මොහොත සමඟ ඓන්ද්‍රීය සම්බන්ධයක් නැති මේ ඩිජිටල් ඊරා එකේ තරුණයෙකුට පවා යම්කිසි එලිමන්ට් එකක් ප්‍රභල දේශපාලනික ප්‍රකාශනයකට ගේන විදිය විදිමත්ව මේ ප්‍රදර්ශනය විසින් සපථ කරනවා. මිලියන ගණනක පැහැයන් තිබියදී කලු , රතු, සුදු සහ කහ මහා පොදු සාධකය ලෙස එන්නෙ අහම්බෙන් නෙවි. ඒ තමයි සිත්තර පරිකල්පනය . මෑත කාලයේ ඇතුළතින් සසළ කළ චිත්‍ර ප්‍රදර්ශනයක් ලෙස රහස් කියන කඳු තුළ ඔබව රඳවා ගනීවි. මේ ප්‍රදර්ශනය සමඟ එතෙක් කොළඹ තිබූ රසිකාගාරයද වෙනස් වූ බවයි මගේ අදහස. මන්ද සිංහල සමාජය මේ ප්‍රදර්ශනය සමඟ ගොඩක් බැඳුනු බව පේනවා. Curado art space නම් වූ අභිනව කලාගාරය මේ ප්‍රදර්ශනය ඉතාමත් විදිමත්ව අභිරක්ෂණය කර තිබූ බවද ප්‍රකාශ කළ යුතුමය.

(ප්‍රදීප් චන්ද්‍රසිරි ගේ චිත්‍ර ප්‍රදර්ශනය Curado art space , 302 , Park road ,Col.5 .
30වැනිදා දක්වා. 10am to 6pm)

ප්‍රගීත් රත්නායක

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...