මැතිව්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක් – මැතිව්ස් දෙස අපි බලා සිටිමු!

Share post:

ඇන්ජලෝ මැතිව්ස් යනු වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින එකම World Class Playesr, එහෙමත් නැත්නම් ලෝකයේ නම් දැරූ එකම ක්‍රීඩකයා ⁣වගේම ශ්‍රී ලංකා කණ්ඩායම තුළ රැඳී සිටින ජ්‍යෙෂ්ඨතම(36) ක්‍රීඩකයායි.

ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ තරගයේ Timed Out සිද්ධිය හරහා ඔහු පිළිබඳ දැඩිකතාබහක් ලොව පුරා ව්‍යාප්ත වුණා. දැන් යළිත් වරක් මැතිව්ස් කරළියට ඇවිත්. ඒ මේ දිනවල පැවැත්වෙන අබුඩාබි T10 තරගාවලියේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම හේතුවෙන්.

මැතිව්ස් මෙම දක්ෂතාවය දක්වනු ලැබුවේ මොයින් අලී නායකත්වය දරන Samp Army කණ්ඩායමට එරෙහිවයි. මැතිව්ස් නායකත්වය දරන Northern Warriors කණ්ඩායම ඊයේ පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දී නියමිත පන්දුවාර 10 තුළ ලකුණු 103 කට කඩුලු 05 ලබා ගත්තා. එහිදී මැතිව්ස්ට පිත්තෙන් කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වූයේ නැහැ.

නමුත් පන්දු යැවීමේදී විශිෂ්ට අයුරින් පන්දු යැවූ ඔහු තරගයේ 9වෙනි පන්දුවාරයේ පළමු, දෙවන සහ තුන්වන පන්දුවලදී කඩුලු ත්‍රිත්වය ලබා ගැනීමට සමත්වුණා. මැතිව්ස් ඉදිරියේ දැවී ගියේ පිළිවෙළින් Moeen Ali, Basil Hameed සහ Qais Ahmad යන පිතිකරුවන්ය. අවසානයේදී තරගයද ලකුණු 09කින් ජය ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ Northern Warriors කණ්ඩායම සමත් වුණා.

මේ අයුරින් විශිෂ්ට දක්ෂතා දක්වන මැතිව්ස් ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශ තරගාවලි සඳහා මේ පෙන්වන්නේ සුබ ලකුණක්! ඒ අනුව, ඔහුට ඒ සඳහා තේරීම් කමිටුව අවස්ථාවක් ලබා දුන්නහොත් අපි මැතිව්ස්ගේ දක්ෂතා ⁣දෙස බලා ආසාවෙන් සිටිමු..!

චතුරංග රාජපක්ෂ (fb)

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...