මැතිව්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක් – මැතිව්ස් දෙස අපි බලා සිටිමු!

Share post:

ඇන්ජලෝ මැතිව්ස් යනු වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින එකම World Class Playesr, එහෙමත් නැත්නම් ලෝකයේ නම් දැරූ එකම ක්‍රීඩකයා ⁣වගේම ශ්‍රී ලංකා කණ්ඩායම තුළ රැඳී සිටින ජ්‍යෙෂ්ඨතම(36) ක්‍රීඩකයායි.

ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ තරගයේ Timed Out සිද්ධිය හරහා ඔහු පිළිබඳ දැඩිකතාබහක් ලොව පුරා ව්‍යාප්ත වුණා. දැන් යළිත් වරක් මැතිව්ස් කරළියට ඇවිත්. ඒ මේ දිනවල පැවැත්වෙන අබුඩාබි T10 තරගාවලියේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම හේතුවෙන්.

මැතිව්ස් මෙම දක්ෂතාවය දක්වනු ලැබුවේ මොයින් අලී නායකත්වය දරන Samp Army කණ්ඩායමට එරෙහිවයි. මැතිව්ස් නායකත්වය දරන Northern Warriors කණ්ඩායම ඊයේ පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දී නියමිත පන්දුවාර 10 තුළ ලකුණු 103 කට කඩුලු 05 ලබා ගත්තා. එහිදී මැතිව්ස්ට පිත්තෙන් කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වූයේ නැහැ.

නමුත් පන්දු යැවීමේදී විශිෂ්ට අයුරින් පන්දු යැවූ ඔහු තරගයේ 9වෙනි පන්දුවාරයේ පළමු, දෙවන සහ තුන්වන පන්දුවලදී කඩුලු ත්‍රිත්වය ලබා ගැනීමට සමත්වුණා. මැතිව්ස් ඉදිරියේ දැවී ගියේ පිළිවෙළින් Moeen Ali, Basil Hameed සහ Qais Ahmad යන පිතිකරුවන්ය. අවසානයේදී තරගයද ලකුණු 09කින් ජය ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ Northern Warriors කණ්ඩායම සමත් වුණා.

මේ අයුරින් විශිෂ්ට දක්ෂතා දක්වන මැතිව්ස් ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශ තරගාවලි සඳහා මේ පෙන්වන්නේ සුබ ලකුණක්! ඒ අනුව, ඔහුට ඒ සඳහා තේරීම් කමිටුව අවස්ථාවක් ලබා දුන්නහොත් අපි මැතිව්ස්ගේ දක්ෂතා ⁣දෙස බලා ආසාවෙන් සිටිමු..!

චතුරංග රාජපක්ෂ (fb)

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...