ගෝල්ඩන් බෝයි – ගැවි ආයෙමත් දකින්න ලැබෙයිද?

Share post:

ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක ගැවි ට සිදුවුණ ආබාධය සම්බන්ධයෙන් මේ වෙද්දිත් පාපන්දු ලෝකයම කතා කරනවා. ඒ ගැන පොඩි සටහනක් තියන්න වෙලාවක් තිබුණේ නෑ. දැන් පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් කියන්න ඕනි.

පාපන්දු ක්‍රීඩකයෙක්ට නෙමෙයි ඕනිම ක්‍රීඩකයෙක්ට වෙන්න පුළුවන් දරුණුම ආබාධයකට තමයි ගැවි මේ වෙනකොට මුහුණ දීලා තියෙන්නේ. මේ ඉන්ජරි එක හැඳින්වෙන්නේ ACL විදිහට.

ACL එකේ තේරුම වෙන්නේ Anterior Cruciate Ligament. දණහිසේ තියෙන Knee Bones සම්බන්ධ වෙලා තියෙනවා Thigh Bones වලට. Thigh Bones සම්බන්ධ වෙලා තියෙනවා Shin Bones වලට.

එතන තියෙන Ligaments 4 න් එකක් මේ බෝන් වලට සම්බන්ධ වෙලා ඒවා සම්බන්ධ වෙන්නේ ACL එකට. එතකොට දණහිස ඇතුළෙම තියෙන ACL එක ඉරී යාම තමයි ගැවිට මුහුණ දෙන්න වුණ ආබාධය.

මේ ACL එක රිකවර් වෙන්න සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ වගේම තමයි ACL ඩැමේජ් එකකදි දරුණු වේදනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දණහිස කෙලින් කරන්න හෝ මේ කිසිම දෙයක් කරන්න වෙන්නෙ නෑ.

දැනට ගැවි ට සැත්කමක් හෝ දෙකක් කරන්න සිද්ධ වෙනවා. මේ සැත්කමත් පැය ගානක් ගතවෙන එකක් සහ අතිශය සංකීර්ණ සැත්කමක්. පොඩි හෝ වැරදීමකින් ඔහුගේ ක්‍රීඩා දිවියම අහිමි වෙන්නත් පුළුවන්.

දැනට කියැවෙන විදිහට ඔහුට මාස 7 ත් 9 ත් අතර කාලයක් පාපන්දු පිටියෙන් ඉවත් වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඔහු නැවත පාපන්දු ක්‍රීඩා කරන්න ආවත් කලින් හිටපු ක්‍රීඩකයා දකින්න ලැබෙයි කියන එක විශ්වාස කරන්න බෑ. ඒක තමයි කටුක සත්‍යය.

මේ සිද්ධියේ කණගාටුදායකම කතාව වෙන්නේ ගැවි ට තවමත් වයස අවුරුදු 19 ක් වීම. ඔහු තමන්ගේ පාපන්දු ක්‍රීඩා දිවිය ආරම්භ කළා විතරයි.
2004 ඉපදුන ක්‍රීඩකයෙක් වුණත් මේ වෙනකොටත් ඔහු බාසිලෝනා වෙනුවෙන් තරග 111 ක් සහ ස්පාඤ්ඤය වෙනුවෙන් තරග 27 ක් ක්‍රීඩා කරලා තියෙනවා.

හොඳම තරුණ ක්‍රීඩකයාට (වයස 21 පහළ) ලබාගන්න පුළුවන් ඉහළම සම්මාන ද්විත්වය වන කොපා සම්මානය සහ ගෝල්ඩන් බෝයි සම්මානය කියන ද්විත්වයම ගැවි ජයග්‍රහණය කළා.

මේ තත්ත්වයත් එක්ක ඔහු ඉන්නෙ අතිශයින්ම භයානක අඩියක. ගැවිට සමහරවිට නැවත පාපන්දු ක්‍රීඩා කරන්න හැකියාවක් ලැබෙන එකක් නෑ. සමහරවිට ඔහු ක්‍රීඩා කරන්න ආවත් කලින් දක්වපු දක්ෂතා වලින් බාගයක්වත් කරගන්න බැරි වීමේ ඉහළ සම්භාවිතාවයක් තියෙනවා.

මේ සිදුවීම් වලට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනි ස්පාඤ්ඤ පාපන්දු සංගමය සහ පාපන්දු තරග සංවිධානය කරන යුරෝපා පාපන්දු සංගමය. ක්‍රීඩකයන්ට මේ වෙද්දි විශාල තරග සංඛ්‍යාවක් විවේකයකින් තොරව ක්‍රීඩා කරන්න සිද්ධ වෙලා.

අනිත් පැත්තෙන් දැනටමත් යුරෝ කුසලානයට ස්පාඤ්ඤය සුදුසුකම් ලබාගෙන ඉද්දි ගැවි වගේ ක්‍රීඩකයෙක් ජෝර්ජියා තරගයට ක්‍රීඩා කිරීම අත්‍යාවශ්‍යම කාරණයක් ද කියන ප්‍රශ්නයත් නිර්මාණය වෙනවා.

ඇත්තටම ක්‍රිකට් වගේ නෙමෙයි පාපන්දු ක්‍රීඩකයන් කෙලින්ම අයිති වෙන්නේ ක්‍රීඩා සමාජයට. ඔවුන්ව කුඩා ක්‍රීඩායෙක් ගේ කාලයේ ඉඳන් අවශ්‍ය විදිහට නිර්මාණය කරන්නේ ක්‍රීඩා සමාජය විස්න්. ජාතික කණ්ඩායමට කැඳවන්නෙත් එහෙම නිර්මාණය වෙන ක්‍රීඩකයන්.

අන්තිමට ක්‍රීඩකයාගේ සැත්කම් වල ඉඳන් සියලුම අධීක්ෂණයන් කරන්න වෙන්නෙත් ක්‍රීඩා සමාජයට. ඒ විතරක් නෙමෙයි ඒ පාඩුව සම්පූර්ණයෙන්ම එන්නෙත් ඔවුන්ගේ කර උඩට. මේ කාරණා හින්දම ගැවි ගේ ආබාධයට ස්පාඤ්ඤය පාපන්දු සංගමය කෙලින්ම වගකියන්න ඕනි.
මේ විදිහට ක්‍රීඩකයන්ව අධික වෙහෙසට පත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කළත් ඒවට හරි උත්තර ලැබිලා නෑ. මේ දවස් වල යන International Break එක අතරතුරදී ක්‍රීඩකයන් ගණනාවක්ම ආබාධ වලට ගොදුරු වුණා.

සමහරවිට එක ආබාධයක් ආබාධ ගොඩක ආරම්භයක් වෙන්න පුළුවන්. බ්‍රසීල රොනාල්ඩෝ, මාකෝ වැන් බැස්ටන්, මාරියෝ ගොට්සේ, ඒඩ්න් හසාර්ඩ්, මාකෝ රොයිස්, පිලිප් කුටින්යෝ, ඇඩ්රියානෝ, ඇලෙක්සැන්ඩර් පැටෝ, ජැක් විල්ශෙයර්, මයිකල් ඔවෙන්, ලෙඩ්ලි කින්ග්, ඩීන් ඈශ්ටන්, සැන්ටි කසෝර්ලා.

උඩ තියෙන්නේ ආබාධ නිසා තමන්ගේ ක්‍රීඩා ජීවිතයම හෝ ඉන් අතිශය වැදගත් කොටසක් අහිමි වුණ ක්‍රීඩකයන්. මේ ලිස්ට් එක නම් කළොත් සෑහෙන දිග වෙනවා. ඔවුන්ට ආබාධ පසුපස ආබාධ වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

බාසිලෝනා ක්‍රීඩක අන්සු ෆැටිට ත් මේ විදිහටම ACL එකක් නිසා විශාල කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඔහු කවදාවත් ඉන්ජරි එකට කලින් හිටපු ක්‍රීඩකයා වුණේ නෑ.

බාසිලෝනා ප්‍රේක්ෂකයෙක් විදිහට ගැවි ට සම්පූර්ණ සුවය බලාපොරොත්තු වුණත් ඔහු පෙර විදිහටම දස්කම් දක්වයි කියන එක ගැන තියෙන ලොකු අවිනිශ්චිතභාවයක්.
සෑහෙන හොඳ අනාගත Career එකක් මේ විදිහට නැති වුණොත් නම් ඒක ලොකු අපරාධයක්. ඒත් ඉතින් මේ සිදුවීම් කියන්නේ ක්‍රීඩාවෙම කොටසක්.

ප.ලි. ACL Surgery එක වෙන විදිහේ පොඩි වීඩියෝ එකක් කමෙන්ට් වල ඇති

ශාමින්ද ජයරත්න

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...